රුපියල් එක් කෝටි පනස් පන් ලක්ෂ හැට දහසක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ සැකකරු සන්තකයේ තිබී හමුවී ඇති කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 556 ක් බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කලේ.
එම මත්ද්‍රවය තොගය කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට උතසහ කිරීමේදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.
මෙම වැටලීම අද අලුයම සිදු කර තිබුනේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
අත්අඩංගුවට ගත සැකකරු 36 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙක් වනවා.
එම විදෙස් ජාතිකයා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා .
ඉන් අනතුරුව ඔහු ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ , එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඇසුරුම් 03 ක් ලෙස සකස් කර , මෙම මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 556 ක ප්‍රමාණය රැගෙන එනු ලැබුවා.
මේ අතර 2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝ ග්රෑම් 1243ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම අයිස් කිලෝ ග්රෑම් 1 845ක් සිය බාරයට ගැනීමට හැකි ව ඇති බවයි පොලිසිය සදහන් කලේ .
එමෙන්ම හශීස් කිලෝ ග්රෑම් 472ක්, කොකේන් කිලෝග්‍රම් 29ක් සහ ගංජා කිලෝග්‍රෑම් 14 057ක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති බවද පොලිසිය පැවසුවා .