ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මෙම නෞකාව, දිගින් මීටර් 91.16ක් වන අතර නෞකාවේ කාර්යමණ්ඩලය 129ක ගෙන් සමන්විත වන බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීමට සහ දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් පුහුණු වැඩසටහන් වලට ද එක්වීමට නියමිතයි.