මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා විශේෂ පොලස් ආරක්ෂාවක් අද සිට ලබන ඉරිදා දක්වා ලබා දීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි මෙම ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇත්තේ.
මෙරට තුළ පිහිටා ඇති කිතුණු දේවස්ථාන 2,978න් දේවස්ථාන 2,239ක දේව මෙහෙයන් පවත්වනු ලබනවා.
ඒ අනුව අද දිනයේ සිට ලබන 31 වැනි ඉරිදා දිනය දක්වා දේව මෙහෙයන් පවත්වනු ලබන දේවස්ථාන ඇතුළුව දේවස්ථාන 2,253ට මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාව ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම ආරක්ෂක වැඩ පිළිවෙල සඳහා පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් යොදු ගනු ලබන අතර, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහයද ලබා ගැනීමට නියමිතයි. 
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













