මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා විශේෂ පොලස් ආරක්ෂාවක් අද සිට ලබන ඉරිදා දක්වා ලබා දීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි මෙම ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇත්තේ.
මෙරට තුළ පිහිටා ඇති කිතුණු දේවස්ථාන 2,978න් දේවස්ථාන 2,239ක දේව මෙහෙයන් පවත්වනු ලබනවා.
ඒ අනුව අද දිනයේ සිට ලබන 31 වැනි ඉරිදා දිනය දක්වා දේව මෙහෙයන් පවත්වනු ලබන දේවස්ථාන ඇතුළුව දේවස්ථාන 2,253ට මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාව ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම ආරක්ෂක වැඩ පිළිවෙල සඳහා පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් යොදු ගනු ලබන අතර, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහයද ලබා ගැනීමට නියමිතයි. 
උණුසුම් පුවත්
- උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
- සම්පත් මනම්පේරිට අයිති වාහන තුනක් පොලිස් භාරයට
- වල්ලපට්ටා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
- හෙරොයින් සහ අයිස් කිලෝ 300ක් සමග ධීවර බෝට්ටුවක් මාට්ටුවෙයි
- පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරුද්ධ වූ අයෙකුට ප්‍රහාරයක්
- පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
- කොටපොළ සමූපයේ බලයත් පොහොට්ටුවට
- කොටහේනේ ඝාතනයට සැකපිට තිදෙනෙක් අල්ලයි













