
අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පත් කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම නව පත්කිරීම් සඳහා අධිකරණ සේවා නිලධාරීන් තිදෙනෙක් නම් කර ඇති බවයි . ඒ අනුව, අධිකරණ සේවා නිලධාරීන් වන පෙරුමාල් සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ලලිත් කන්නන්ගර යන මහත්වරුන් අද මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට නියමිතව තිබෙනවා.














