ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සංදේශයක් බාරදී තිබෙනවා.
ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින්.
පවතින ආණ්ඩුව සහා පසුගිය ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ අත්තනෝමතික ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට මේ වනවිටත් පවතින්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක් අබිමුව බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය පෙන්වා දෙන්නේ.
මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටින්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයන් නොව සාමාන්‍ය ජනතාව බව එම සංදේශයෙන් අවධාරණය කර තිබෙනවා.
” … 2023 අයවැය වැඩපිළිවෙළ තුළ පවා සාමාන්‍ය ජනතාව මත තවදුරටත් බදුබර පටවන යෝජනා ඉදිරිපත් වී ඇත.
ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග තිබියදීත් සාමාන්‍ය ජනතාව මත බදුබර පටවන්නේ ආණ්ඩුවල ගජමිතුරු සමාගම් පිනවීමේ උවමනාවට බව පැහැදිලිය.
මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව මත පැටවූ අසීමාන්තික බදු බර අඩුකර ගජමිතුරු සමාගම් වලින් අයවිය යුතු බදු මුදල් අයකරගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය වේ…”
උණුසුම් පුවත්
- නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ – විමලසුරේන්ද්‍ර වාන් දමයි – PHOTOS
- ධීවරයෙක් මුහුදේ අතුරුදන්
- ඉන්දියාවට ගුවන් අවකාශය වසාදැමීමේ තීරණය පාකිස්තානය දීර්ඝ කරයි
- ඊශ්‍රායලය සහ සිරියාව අතර සටන් විරාමයකට එකඟතාවක්
- ලාංකිකයන් රැගත් බසයක් ඊශ්‍රායලයේදී ගිනි ගනියි
- රුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්
- PHOTOS: මධ්‍යම කඳුකරයේ ඝන මීදුම් තත්ත්වයක්
- මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි