අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයෙකු අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය සදහන් කළා.
යතුරු පැදියකින් පැමිණි, මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
මෙය දෙපිරිසක් අතර කලක සිට පවතින ආරවුලක් මත සිදුවුවක් බවයි පොලිසිය සදහන් කළේ.
අවිස්සාවේල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ වසරේ මේ දක්වා වෙඩි තැබීම් 26ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.
මේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා.
වෙඩි තැබීම් පාලනය සදහා පොලිසිය ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා කරුණු පැහැදිලි කළා.