
දිට්වා ආපදාව හේතුවෙන් අඹන්ගඟකෝරළේ කොහිලවත්ත පාලම කැඩී ගොස් මාස හතක් ගතවී ඇතත් එය නවීකරණය කිරීමට රජය මෙතෙක් ක්‍රියා නොකිරීමට එරෙහිව එම ප්‍රදේශවාසීන් රත්තොට ගම්මඩුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව තිබෙනවා.
මෙම පාලම කැඩී යාම හේතුවෙන් ගම්මාන හයක පවුල් අටසීයක් පමණ පීඩාවට පත්ව ඇති බව පවසමින් විරුද්ධතාකරුවන් විරෝධතාවයේ නිරත වී ඇති බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.
විරෝධතාවය පැවති ස්ථානයට ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත හා අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. සුවර්ණකුමාර මහතා පැමිණි අතර එහිදී පාලම ඉදිකිරීම සඳහා මුදල් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකාශ කළ අතර එහිදී දෙදෙනා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා, මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමරි අතපත්තු මහත්මියට දුරකථන ඇමතුමක් ලබාදී, වෙන් කර ඇති මුදල් ප්‍රමාණය හා මෙම කාර්යය කළ යුතු ආකාරය පිළිබඳ රැස්ව සිටි පිරිසට ඇසෙන්නට සලස්වා තිබෙනවා.
ඒ අනුව සතියක් ඇතුළත පාලම නවීකරණය කිරීමට එකඟවීමත් සමග විරෝධතාකරුවන් විසිර ගිය බවයි වාර්තා වන්නේ.














