බදුල්ල දුන්හිඳ වංගු දෙක ආසන්නයේ සිදු වූ බස් රථ අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.
අනතුරෙන් පුද්ගලයන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් බවටයි වාර්තා වන්නේ.
අනතුරට පත්වූවන් තඹුත්තෙගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවටයි වාර්තා වන්නේ.
පස්වරු 6ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරට හේතුව මෙතෙක් වාර්තා නොවන බවත් පොලිසිය පවසනවා.
BREAKING NEWS: බදුල්ල – දුන්හිඳ මාර්ගයේ බස් අනතුරක් – දෙදෙනෙක් මරුට – VIDEO
බදුල්ල දුන්හිඳ වංගු දෙකඅ ාසන්නයේ බස් රථයක් පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වනවා.
මියගිය පුද්ගලයන් අතර කාන්තාවන්ද වන බවයි වාර්තා වන්නේ.
බදුල්ල මහියංගනය මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දුන්හිඳ වංගු දෙක ආසන්නයේදී මෙම බස් අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් පුද්ගලයන් 26කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.