කාන්තා ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට එරෙහිව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවල සඳහන් වන්නේ සමරවීර ට එරෙහිව “ක්‍රීඩිකාවකට බරපතළ විෂමාචාරයක්” සිදුකළ බවට චෝදනා එල්ලවී තිබුණි.
එය අතීතයේ සිදුවී ඇති සිද්ධියක් බවද සඳහන් ය.
1993 – 95 කාලසීමාවේදී සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කළේය.
දැනට 52 හැවිරිදි වියේ පසුවන ඔහු වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි.