Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රය තුළින් – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රය තුළින් – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

    2024-03-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයේ 3-1 (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම වෙනුවෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

    අධ්‍යාපන පරිපාලනයේ සිදුකිරීමට අපේක්ෂිත වෙනස්කම් සමග දැනට පවත්නා පාසල් වර්ගීකරණය වෙනස්වන බව ද ඒ අනුව ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ග කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීම, ගුරු ස්ථාන මාරු සිදුකිරීම ඇතුළු පාසල් පද්ධතියේ පරිපාලන තීන්දු තීරණ ගැනීමට මෙම වර්ගීකරණය අනුව වඩාත් පහසු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා , මේ සියලු‍ උත්සාහයන් තුළින් අපේක්ෂා කරන්නේ කලක් තිස්සේ අධ්‍යාපන පද්ධතියෙහි පීලි පැන තිබූ තැන් නිවැරදි කරමින් එක් පොදු ගමන් මගකට යොමු කිරීම බවද අවධාරණය කළේය. එමෙන්ම පාසල් සිසුන්ට පෝෂදායී ආහාර වේලක් ලබා දීමේ අරමුණින් 1-5ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් ආහාර වේලක් පාසලේදී ලබාදීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවත් එම කාර්ය සාර්ථක කරගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    වත්මන් සමාජ අර්බුද සහ සමාජ මාධ්‍ය මූලිකව සිදුවන යම් යම් බලපෑම් හමුවේ දරුවන් සම්බන්ධයෙන් පාසල තුළ වැඩි වගකීම් දැරීමට ගුරුවරුන්ට සිදුවන බවත්, එබැවින් ඉගැන්වීමට අමතරව දරුවන් සම්බන්ධයෙන් වගකීම්සහගතව කටයුතු කිරීමට සියලු‍ ගුරුවරුන්ට සිදුවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මෙවර ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද ඩිප්ලෝමාධාරින් 322 කට ගුරු පත්වීම් ලබා දෙන ලද අතර, මෙම ඩිප්ලෝමාධාරින් අවසන් විභාගයේ දී ලැබූ කුසලතා අනු පිළිවෙළ සහ සේවා අවශ්‍යතාව පදනම් කරගනිමින් ජාතික සහ පළාත් පාසල් වෙත ඔවුන් ස්ථානගත කර ඇති අතර ජාතික පාසල් සඳහා බඳවා ගනු ලැබූ ඩිප්ලෝමාධාරින් 303ක් සඳහා මෙහිදී පත්වීම් පිරිනැමිණි.සෙසු ඩිප්ලෝමාධාරීන් පළාත් මට්ටමින් පාසල් සඳහා බදවා ගැනීමට කටයුතු කරනු ඇත.

    ආශ්‍රීත පුවත්:  20-20 ලෝක කුසලානය නවසීලන්තය A කාණ්ඩයේ පෙරමුණට

    මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Sri Lanka
    පෙර පුව​තවිත්තිකරුවකුට කොළඹ මහාධිකරණය ලබාදුන් මරණිය දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
    ඊළඟ පුව​ත “බැංකු පොලී අනුපාත පහත හෙළීමේ වාසිය පාරිභෝගිකයන්ට සැලසිය යුතුයි.”-ඇමති සියඹලාපිටිය

    සබැ​ඳි පුවත්

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group