ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල පාලනය යටතේ පවතින සිරියානු භූමි ප්‍රදේශයේ සංචාරය කර තිබෙනවා.
මෙම සංචාරය අනීතික බවයි සිරියාව අවධාරණය කළේ.
එය දැඩිව හෙලා දකිමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි දක්වා ඇත්තේ මෙය තම රටෙහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සංචාරය සිදුකළ ප්‍රදේශය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය බිද වැටීමෙන් පසු ඊශ්‍රායලය සිය භටයන් යොදවා ආරක්ෂක කලාපයක් ලෙස අත්පත්කරගනු ලැබුවා.
මෙම සංචාරය හරහා කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













