- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගී තත්ත්වයක් පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ පෙනහලු ආශ්‍රීතව දරුවන්ට පවතින රෝගී තත්ත්වයන් ද ඉහළ යාමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවයි. මේ හේතුවෙන් දරුවන් පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වන ලෙස දෙමාපියන්ට දැනුම් දෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් ඉටුකරනු ලබන කොන්සල් කටයුතු සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත බව සඳහන්. මේ අනුව විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 500 සිට රුපියල් 800 දක්වා ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1500යේ සිට රුපියල් 3000 දක්වාත් ඉහළ දමා තිබෙනවා.
දේශීයව නිපදවන ලද බෙහෙත් කොටන තුවක්කු දෙකක්, ටී 56 පතොරම් 24 ක් හා ඊයම් බෝල කිහිපයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මුලතිව් අබ්බකාමම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලිනොච්චිය වනජිවි කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ ලද තොරතුරක් මත එම වැටලීම සිදුකළ බවයි. සැකකරුවන් සතුන් දඩයම් කර මස් පිණිස අලෙවි කිරීම සිදුකරන බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සහ ජැයිකා ආයතනය එක්ව බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144 ක තොගයක් කෘෂිකර්ම අමාත්‍යාංශයට භාරදීම අද සිදුකිරීමට නියමිතයි. මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීමේ අරමුණින් අදාළ බඩ ඉරිඟු තොගය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සඳහන් කළා. තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ තනාපති කාර්යාලයේදී අදාළ බඩ ඉරිඟු බීජ තොගය ලබාදීමට නියමිත බව සඳහන්.
බටහිර ඉන්දීය කොදෙව් 20යි 20 හා එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් නිකලස් පූරාන් ඉල්ලා අස් වී තිබෙනවා. නිමා වූ අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පළමු වටයෙන්ම ඉවත් වීමට කොදෙව්වන්ට සිදු වූ අතර, එය පදනම් කර ගනිමිනුයි ඔහු මෙලෙස නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ. මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් ද සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළා .
ශ්‍රී ලංකාවට ආසන්නව පැවති පීඩන අවපාත තත්වය උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟා වීමට වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ක්‍රමයෙන් දුර්වල වීමේ හැකියාවක් ද පවතින බව එම නිවේදනයේ සඳහන්. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා . කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ .
කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තයය කණ්ඩායම සහ ඉරාන කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායමට ජය හිමි වුණා . ඒ ඉරාන කණ්ඩායම පරදවා ගෝල 6 ට 2 ක පහසු ජයක් අත්කර ගනිමින් . ඒ අනුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද එංගලන්ත කණ්ඩායම සමත් වුණේ ප්‍රසාද ලකුණු තුනක් හිමිකර ලබා ගනිමින් . මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ”ඒ” කාණ්ඩයේ තරගයක් නෙදර්ලන්ත කණ්ඩායම සහ සෙනගාල් කණ්ඩායම අතර පැවැත්වුනා . කටාර් හි අල් තුමාම් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගය නිමාවූයේ නෙදර්ලන්ත කණ්ඩායමට ගෝල 2 ට 0 ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු තුනක් හිමිකර…
ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ ඊයේ සිදු වූ භූකම්පනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 162ක් දක්වා ඉහළ ගොස් ඇති බව සි.එන්.එන් ලෝක පුවත් සේවය වාර්තා කර තිබෙනවා. භූ කම්පනයත් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නාය යාම් පවා සිදුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ හේතුවෙන් මේ වන විට තුවාලකරුවන් 13,000 ක් පමණ වාර්තා වී තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය චියෑන්ජූර් නම් කලාපය කේන්ද්‍ර කරගෙන සිදුව තිබුණා. එහි බලපෑම ඊට කිලෝමීටර් 75 ක් පමණ දුරකින් පිහිටි ජකර්තා අගනුවරට දැනී ඇති බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ.
මෙවර අයවැය තුලින් ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ .ඩී ලාල්කාන්ත මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශකලේ මහනුවර ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ කොට්ටාශ සභාව පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින් . එහිදී ලාල් කාන්ත මහතා වැඩිදුරටත් සදහන් කලේ අයවැයෙන් මෙවර ප්‍රකාශ කර ඇත්තේ තවත් බොහෝ කාලයක් ජනතාවට මෙම තත්වය විද දරා ගැනීමට සිදුව ඇති බවයි .
ඉන්ධන කළමණාකරන කිව්.ආර් පද්ධතිය ලබන මාසයේ සිට ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළා. කිව්.ආර් පද්ධතිය ලබන මාසයේ සිට ක්‍රියාත්මක නොවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පල වන ප්‍රචාර අසත්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අනුව සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි ඉන්ධන ගැටලුව විසදෙන තුරු ඉන්ධන කළමණාකරන කිව්.ආර් පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222