- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකට සම්බන්ධවු සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා. විශ්ව විද්‍යාල පාලක සභාව පැවසූවේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හා නවක සිසුන් පිරිසක් අතර වු ගැටමක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් මත සිසුන් සිව් දෙනෙකු වෙත නැවත දැනුම්දෙන තුරු පන්ති තහනම් කර ඇති බවයි. පසුගිය 21 වැනිදා තිරුනෙල්වේලි පිහිටි යාපනය, විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙපිරිසක් අතර ගැටුම හටගෙන තිබුණා. පන්ති තහනමට ලක්ව ඇත්තේ සිව්වන වසර සිසුන් තිදෙනෙකු හා පළමු වසර සිසුවෙක්. පාලක සභාව පැවසූවේ ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සිසුන් වෙත දඩුවම් පැනවීමට නියමිත බවයි.
පැවිදි පාර්ශවයට රටේ කලබල ඇති කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා පවසනවා. සංඝයා වහන්සේ තමන්ට නියමිත කටයුතුවල ක්‍රියාත්මක විය යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ. ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු ශීර්ෂ රැසක විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ———————————————————— මානව හිමිකම් ලෙස ප්‍රකාශ කරමින් ප්‍රචණ්ඩක්‍රියා සහ රට අරාජික කිරීමට ඉඩදීම සිදුකළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රචණ්ඩක්‍රියා සිදුකළ කිසිවෙකු ආරක්ෂා කළ නොහැකි බවයි. එමෙන්ම අරාජිකත්වය සහ ප්‍රචණ්ඩත්වය මානව හිමිකම්වලට සම්පූර්ණයෙන්ම පටහැනි වන අතර මෙරට අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට අවස්ථාව ලබානොදෙන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
පළාත් පාලන ආයතනවල කොට්ඨාස සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. පාර්ශව රැසක් විසින් කරන ලද ඉල්ලෙම් අනුව එහි කාලය දෙසැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝ කළ බව එම කමිටුව පවසන්නේ. පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඒ අනුව, පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණයට අදාළව දේශපාලන පක්ෂ, සිවිල් සමාජ කණ්ඩායම් සහ මහජනතාවට සිය යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි. මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුව නම් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ ඔහුට පැවරී ඇති බලතල අනුවයි. සීමා…
නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර් බුද පාර්ලිමේන්තුවෙන් පිටත විසඳාගත යුතු බව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද සඳහන් කළා. නියෝජය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අතර අයවැය විවාදයේ කාරක සභා අවස්ථා විවාදය කිරීමට පෙර ස්ථාවර නියෝග යටතේ කරුණු දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඊයේ දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා චාමර සම්පත් දසනායක මහතාගෙන් සමාව අයැද සිටීම පිළිබඳ කණගාටු වන බවයි. කෝටි ගණන් වියදම් කරමින් ක්‍රියාත්මක අයවැය විවාදය ට බාහිර කාරණා ඈඳා නොගන්න ලෙස ද දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටියා.
බලය බෙදීම ඇතුළුව ජනවාර්ගික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ එකඟතාවයකට පැමිණීම සදහා වන සාකච්ඡාවක් එළැඹෙන දෙසැම්බර් 11 වැනිදායින් පසුව කැඳවීමට කටයුතු කරන බවත්, ඒ සඳහා සහභාගීවන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. ඩින් ඩියම් පන්නයේ පාලනයකට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, එවැනි උත්සාහයක නිරතවුවහොත් හමුදාව සහ හදිසි නීතිය යොදවා එය වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. ” ….. කතානායකතුමනි, පළමුවෙන්ම මම සුමන්තිරන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි. මෙම ඉඩම්…
පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙනත් නඩු කටයුත්තකට යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි. පොලීසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ දෙසැම්බර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ සිටි උන් වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කල අතර අද උන් වහන්සේ ට එම අධිකරණයෙන් අද ඇප නියම වුනා.
මෙරට විදේශ විනිමය ඉපැයීමේ අලුත්ම දොරටුව ධීවර කර්මාන්තය යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති ලෝක ධීවර දින සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. නව ධීවර රක්ෂණ ක්‍රමය, නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය හා දියවර කැකුළු ළමා ඉතුරුම් ක්‍රමය හදුන්වාදීම මෙහිදී සිදු වූ අතර රට පුරා සිටින සියලු ධිවරයින් මෙම වැඩසටහනට එක්කරගැනිමට නියමිතයි. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ……. ” …. ධීවර ක්ෂේත්‍රය අපේ ජීවන ක්ෂේත්‍රය සමඟ බැදුණු සුවිශේෂී ක්ෂේත්‍රයක්. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවටත්, නැගෙනහිර සිට බටහිරටත් සෑම ධීවර ගම්මානයක් ම මෙම කර්මාන්තයට එක්වෙනවා. ඒ වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම සඳහා අමාත්‍යංශය සාර්ථක…
2021 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මෙම මස 30 වනදාට පෙර නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසනවා. මේ වන විට ප්‍රතිපල ලබාදීම අවසන් අදියරේ පවතින බවයි ඒ මහතා කියා සිටියේ. මෙම විභාගය සඳහා සිසුන් පන්ලක්ෂ 17 දහස් 496 ක් ද පෙනී සිටියා.
වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියකට දිවයිනේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක වන මංජුලා කුමාරි පෙරේරා යන අයගේ නියෝජිතයෙකු 22 දින රාත්‍රී සැකපිට ලග්ගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙලි නාට්‍ය කිහිපයක පොලිස් චරිත සඳහා පෙනී සිටින මිනුවන්ගැටේ වාරියපොල ප්‍රදේශයේ පදිංචි එම්.ඩී.එම්. ගුණරත්න බණ්ඩාර නමැති සහය ටෙලි නාට්‍ය නළුවෙකු බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා පවසනවා. මෙම පුද්ගලයා සතුව තිබූ පතලකින් වංචා කළ බව කියන නිල් මැණික් ගලක් සහ සුඛෝපභෝගි මෝටර් රථයක් පොලිස් භාරයට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. ලග්ගල දෙවලදෙනිය ප්‍රදේශයේ කාන්තාවක්…
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ අද පළමු දිනයයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවාදය ආරම්භ කළා. කාරක සභා අවස්ථාවේ විවාදය දින 13ක් පැවැත්වෙනවා විවාදය පළමු දිනයේ දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චකාරවරු, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂම, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය සහ සීමා නීර්ණය කොමිෂන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222