- සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
- ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසට ගිනි තබයි
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
- ට්‍රම්ප්ගෙන් නව විධානයක්
- පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් හෙළි වෙයි
- ඩිජිටල් අපනයන හරහා මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක ආදායමක්
- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- හින්දුස්ථාන පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව හා එක්වෙයි
Author: VNews
වවුනියාවේ පිහිටි පෞද්ගලික වී ගබඩාවක සිට පොළොන්නරුව දක්වා ගුල්ලන් ගැසූ වී තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. වවුනියාව දකුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසුවේ ගුල්ලන් ගැසූ වී කිලෝග්‍රෑම් 16000 ක් එහි තිබී සොයා ගත් බවයි. වී තොගය සහල් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බවට අනාවරණ වුනා. වී තොගය ප්‍රවාහනය කළ ලොරි රථය සමග එහි හිමිකරු අත්අඩංගුවට ගෙනතිබෙනවා.
බොර තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් රුසියාව සමඟ සිදුකර තිබෙනවා. මේ අනුව අදාළ සාකච්ඡාවේදී සහනදායි වැඩපිළිවෙලක් යටතේ බොර තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා පැවසුවේ. ජාත්‍යන්තර සම්මතයෙන් සහ නීති කඩ කිරීමක් සිදු කිරීමතින් තොරව රුසියාව සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට කටයුතු කළ යුතු බවයි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දුෂන මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා. ඒ, පසුගිය පාකිස්තානු තරගාවලියේ දී තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කර තිබූ චෝදනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්. ඒ අනුව දිවයිනට පැමිණෙන ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂන මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනු ඇති.
වයස අවුරුදු 15 ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැදුනුම්පතක් ලබාදීමේ වැඩසටහන ලබන වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඒ අනුව පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකය, විදෙස් ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය ඩිජිටල්කරණය වනු ඇති. රුපියල් බිලියන 12 ක පමණ ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන අතර මේ සඳහා ඉන්දියානු ආධාර හිමිවන බව ද කනක හේරත් මහතා සඳහන් කළා. එමෙන්ම ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර තිබෙනවා.
මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිනුම් ඇදීමට අදාළ පළමු ටිකට් පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පෙරවරුවේ අලෙවි කළා. ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේා මහතා සඳහන් කළේ මෙම ලොතරැයිය රුපියල් 100 ක මුදලකට පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බවයි. එමෙන්ම පළමු ත්‍යාගය ලෙස එස් යූ වී ජිප් රථයක් ජයග්‍රාහකයාට හිමිවන අතර තවත් මුදල් හා භාණ්ඩ රැසක් ද මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිනුම් ඇදීමට එක්කර ඇති බවයි රොනල්ඩ් සී පෙරේා මහතා ප්‍රකාශ කළේ.
මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේ දී අඩු කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. පසුගිය වසරේ රුපියල් බිලියන 341 ක් අච්චු ගසා ඇති අතර මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා අච්චු ගසා ඇති මුදල රුපියල් බිලියන බිලියන 47ක් පමණක් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේතමන් මාසිකව ලබා ගන්නා වැටුප සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බවයි.…
ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාංගනයක දී දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් 12 දෙනෙකුට කස පහර ලබාදී තිබෙනවා. ඒ තලෙයිබාන් පාලනාධිකාරිය විසින්. මෙම කණ්ඩායම අනාචාරය, මංකොල්ලකෑම් සහ සමලිංගික සේවනය ඇතුලු අපරාධවලට වැරදිකරුවන් වූ පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඉස්ලාමීය කණ්ඩායම විසින් මසක් තුළ ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රහාර එල්ල කළ දෙවන අවස්ථාව මෙය වනවා. නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ලෝහා ප්‍රදේශයේ තලෙයිබාන් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ කාන්තාවන් තිදෙනා දඩුවම් කිරීමෙන් අනතුරුව නිදහස් කර ඇති බවයි. කෙසේ වෙතත් කස පහරට ලක්වූ පිරිමි පුද්ගලයින් 12 දෙනා බන්ධනාගාර ගත කර තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර තිබෙනවා. ඒ , සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියා ලාභීන් වෙතින් කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව කළ විමර්ශනවලට අදාලවයි. විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවා ගැනීම හා යොමුකිරීම සඳහා කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් තිබීම අනිවාර්ය වනවා. එසේ බලපත්‍රයක් ලබාගැනීමේදී 1985 අංක 21 දරණ කාර්යාංශ පනත හා 1994 අංක 4 හා 2009 අංක 56 දරණ සංශෝධිත පනත් ප්‍රකාරව, විදේශ රැකියා සඳහා යොමුකළ තැනැත්තන්ගේ ගිවිසුම්ගත සේවා කාල සීමාව තුළදී ඔවුන් පිළිබඳ සොයාබැලීමත්, සේවා ස්ථානයේ යම් ගැටළුකාරී තත්ත්වයක් පැවතියේ නම් ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය…
වන අලි ප්‍රාහාරයකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ගිය කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට පොලු මුගුරු වලින් තදබල ලෙස පහරදී එක් පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින විහාරාධිපති හිමිනමක සහ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 19 දෙනා ඇප මත මුදා හැරීම කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද යළි ප්‍රතික්ෂේප කළා. ඒ අනුව සියළු සැකකරුවන් දෙසැම්බර් මස 8 වන දින දක්වා තවදුටරත් රිමාන්ඩ් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ. මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ පලා ගොස් සිටින කාන්තාවකට විදේශ ගතවීම වලකාලමින් ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග නිකුත් කල මහේස්ත්‍රාත්වරයා බන්ධනාගර…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව ලබන 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. අදාළ පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි එම නියෝගය නිකුත් කළේ. දුමින්ද සිල්වා මහතාට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව බලරහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඔහුගේ බිරිඳ වූ සුමනා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222