Author: VNews

ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් පහළට විසි කිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එක හමාරක කුඩා පිරිමි ළමයෙකු බවයි. දරුවා ගොඩනැගිල්ලෙන් පහළට විසි කළ දරුවාගේ මවගේ සොහොයුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

සමෘද්ධි සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වය සැකසීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති හෙයින් ඊට අදාළ කටයුතු කඩිනමින් සිදුකරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන පිළිබඳ අමාත්‍යංශයීය උපදේශන කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙනවා. හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් පිල හා නිලක්ෂී ද සිල්වාගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් පිල අතරයි අවසන් මහා තරගය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා කිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ මෙම කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ශූරතා කුසලානය සමග මුදලිලන් ලක්ෂ හතහමාරක් පිරිනැමෙනු ඇති. මෙම තරගාවලිය පුරා අණසක පැතිර වූ ග්‍රේස් පිල විසින් බ්ලූස් පිල ලකුණු 124කින්, රෙඩ්ස් පිල කඩුලු 3කින් හා ග්‍රීන්පිල ලකුණු 46කින් පරාජය කොට අපරාජිත තත්ත්වයේ පසුවනවා. ග්‍රේස් පිලට පමණක් දෙවැනි වූ රෙඩ්ස් පිල මෙම තරගාවලියේදී…

තව කියවන්​න

දිස්ත්‍රික්ක 9 ක වෙසෙන දිලිදු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා පවුම් 8,80,000ක් ලබාදීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා. ඒ අනුව කොළඹ, මීගමුව, කලුතර, ගාල්ල, මාතර, පුත්තලම, මඩකලපුව සහ මන්නාරමේ වෙසෙන දිලිදු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවය සඳහා මෙම ආධාර සැපෙයනු ඇති. නොවැම්බර් 21 ට යෙදෙන ලෝක ධීවර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විසිනුයි මෙය යෝජනා කර ඇත්තේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට (26) ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගණය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙලෙස පළමුවරට විදේශ වෙළෙඳ පොළට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා. රාජාංගණයේ ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම සඳහා අද (25) කොළඹ වොක්ෂොල් වීදියේ Development Interplan Ceylon PVT LTD ආයතනයේ පැවැති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඩුබායි ‍වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා…

තව කියවන්​න

15 හැවිරිදි පාසල් දැරියක් අපහරණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඔස්සේ බෙදාහරින ලද බව කියන 20හැවිරිදි තරුණයෙක් මොරවක ප්‍රදේශයේදී ඊයේ(24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්. මොරවක ප්‍රදේශයේ අදාළ පාසල් සිසුවිය අපහරණය කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් විදුහල්පතිවරයාටද ලැබී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන විමර්ශන කණ්ඩායම පවසන්නේ. අදාළ සිසුවිය සිය නිවස තුළදී දස වතාවකට වැඩි ප්‍රමාණයක් අපහරණය කර ඇති බවත් පොලිස් විමර්ශනයන්වලදී හෙළිව තිබෙනවා. සිසුවියගේ දෙමාපියන් රැකියාව සඳහා නිවසින් පිටව ගිය අවස්ථාවලදී සැකකරු පැමිණ දැරිය දූෂණය කර තිබෙන බවත් එලෙස දූෂණය කරන අයුරු සැකකරු තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබෙන බවත් විමර්ශන නිලධාරීන් අනාවරණ කරනවා.…

තව කියවන්​න

විදුලිබිල යළි සංශෝධනය නොකොට මණ්ඩලය පවත්වාගෙන යා නොහැකි බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. එසේ නොකොට විදුලිය උත්පාදන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. විදුලිය ඒකකයක් උත්පාදනය සඳහා මේ වන විට රුපියල් 56.90ක් වැය වුවද මේ වන විට පාරිභෝගිකයාගෙන් අය කෙරෙන්නේ රුපියල් 29ක් බවයි කංචන විජේසේකර මහතා සඳහන් කළේ. පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ඔහු අවධාරණය කළේ ඒ අනුව ඒකකයකින් රජය ලබන පාඩුව රුපියල් 27.10ක් බවයි. මහජන උපයෝගිතා කොමිසම නිසි ලෙස වසරින් වසර හෝ නිශ්චිත කාල වකවානුවක දී විදුලිය ගාස්තු සංශෝධනය නොකිරීමේ දැවැන්ත බර පාරිභෝගිකයාට දැරීමට සිදුව ඇති බවට ද අමාත්‍ය කංචන විජේසේකර මහතා චෝදනා කළා.

තව කියවන්​න

කොරෝනා සහ ආර්ථික අර්බුද හමුවේ බරපතළ ම ප්‍රශ්නයට මුහුණ දුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු ප්‍රකෘතිමත කිරීම සඳහා විශේෂ අවධානය යොමු කරන ලෙස වීරසුමන වීරසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගෙන් ඉල්ලීමක් කළා. ඒ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී. අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සංස්කරණ සම්බන්ධව ගෙන ඇති සහ ඉදිරි කටයුතු පිලිබඳ ප්‍රසාදයද ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පසුගීය වසර දෙක තුල අධ්‍යාපනය අහිමිවීමේ පරිමාණය සියයට 80ත් – 90ත් අතර අගයක් ගන්නා බවයි

තව කියවන්​න

ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල වනෝද්‍යානයේ හයවැනි කලාපය ලෙස අද දින විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටයාර එක්ලක්ෂ විසිපන්දහස් හැත්තෑවක් දක්වා ඉහළ යනු ඇති. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ ඒ ඩී ඉන්ද්‍රජිත් මහතා කියා සිටියේ යාල වනෝද්‍යානයට පවතින දැඩි සංචාරක ආකර්ශනය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි. යාල 6 වැනි කලාපයට හෙක්ටයාර 27,185 ක් ඇතුළත් වන අතර ඌව පළාත් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ ජලචර පක්ෂීන් රැසක් අදාළ කොටසේ දී සංචාරකයින්ට දැකබලා ගැනීමට මෙමඟින් අවස්ථාව උදාවන බවටයි.

තව කියවන්​න

වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් එළඹෙන වසරේ දී සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ සඳහා ජාත්‍යන්තර තාක්ෂණය මෙන්ම පාරම්පරිකව පවතින තාක්ෂණය ද යොදා ගනිමින් අදාළ වැඩපිළිවෙල ක්‍රීයාවට නැංවීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ.

තව කියවන්​න