Author: VNews

ශ්‍රී ලංකාවට දෙසැම්බර් මාසයේ දී අයි එම් එෆ් ඉලක්කය අතපසු වුවහොත් ඒ සඳහා ජනවාරි මාසය සම්බන්ධයෙන් ද යම්කිසි විශ්වාසයක් තබා ගත හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මේ තුළින් අමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක මූල්‍ය සහනයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. රටේ ද්විපාර්ශවික ණය දෙන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පෙරමුණේ තබා ගනිමින් මෙම ආර්ථික ක්‍රියාදාමය සිදු කළ යුතු බවයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ. පසුගිය දින කිහිපයේදී ඉලක්කගත වාර්තා මඟහැරුණහොත් ශ්‍රී ලංකාවට මාර්තු මාසය දක්වා අයි එම් එෆ් සහාය සක්‍රිය මට්ටමින් ළගාකර ගත නොහැකි බවට පළවූ වාර්තා අසත්‍ය බවයි…

තව කියවන්​න

අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග ඇති වීම අතර පැහැදිලි සම්බන්ධතාවක් පවතින බවට පර්යේෂණයක් මඟින් අනාවරණය වී ඇති බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා. වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ මෙරට පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කරගැනීම වෙනුවෙන් සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් ක්‍රියාත්මක බවට නිරීක්ෂණය වී ඇති බවයි. කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූබි රූමන් මහතා කියා සිටියේ බොහෝ පුද්ගලයින් අයිස් නැමති මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට සමීක්ෂණයක් මඟින් හෙළි වී ඇති බවටයි.

තව කියවන්​න

මෙරට මත්පැන් භාවිතය 30 % කින් පහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කෙසේ වෙතත් නීත්‍යානුකූළ මත්පැන් නිෂ්පාදනය 11 % කින් ඉහළ ගොස් ඇති බවයි. නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළෙඳපොලට පැමිණීම අඩු වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. මේ අතර රජයේ සහනාධාර ලබාගැනීම සඳහා යොමු කර තිබු අයදුම්පත් ලක්ෂ 34 ක් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ සුදුසුම පුද්ගලයින් පමණක් තෝරා ගනිමින් ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට එම සහනාධාරය ලබාදෙන බවයි. මේ වන විට ලබාදෙන රජයේ සහනාධාරය ද ලබන අප්‍රේල් මාසය…

තව කියවන්​න

විශේෂ කාර්යය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පුවරසන්කුලම් වව්නියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී නීති විරෝධි මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු විසින් අන්තරාදායක ඖෂධයක් වන ප්‍රගාබ් වර්ගයේ මත්කරල් 539 ක් සිය සන්තකයේ තබා ගනිමින් එම මත්පෙති පාසල් දරුවන් හට අලෙවි කර ඇති බවටයි වාර්තා වන්නේ. දීර්ඝ කාලයක සිට මෙම සැකකරු මෙලෙස මත්පෙති ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර 33 හැවිරිදි මොහු වව්නියාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවද සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් පුවරසන්කුලම් පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 25 වනදා ගම්පහ පොලිස් වසමේ අංක 145/01/ඒ, අමුනුගොඩ, ඉඔල්ගොඩ යන ලිපිනයේ නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි එච්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේයි. එහි දී පසුගිය 24 වන දින මිනුවන්ගොඩ,…

තව කියවන්​න

වැලිගම පොලිස් වසමේ, වැලිගම වෙරළ තීරයේදී සංවිධානය කර තිබූ ෆෙස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සහ මත්පෙති ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ අලුයම එම වැටලීම සිදු කර ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 30 ත් අතර වයස් කාණ්ඩවල පසුවන වැලිගම, රනාල, තිස්සමහාරාමය, කනංකෙ, තෙලිජ්ජවිල, වංචාවල සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ. සැකකරුවන් ඊයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

තව කියවන්​න

මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසල සංඥා පද්ධතියේ බිද වැටීමක් සිදුව ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම දිස්ත්‍රික්කයට ගතවූ පැය 24 තුළ මිලිමීටර 75 ඉක්ම වූ වැසි ලැබී ඇති බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියා. මේ අනුව බදුල්ල, හපුතලේ ප්‍රාදේශීය කොට්ඨාශයට මෙම අවදානම පවතින බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

තව කියවන්​න

චීන ජනාධිපති ෂි ජින් පිංට සහ එරට පාලක කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව චීනයේ නගර රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා. විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපතිවරයා මෙන්ම පාලක කොමියුනිස්ට් පක්ෂය ද බලය අතහැරිය යුතු බවයි. රජයට එරෙහිව චීනය තුළ මෙලෙස විරෝධතා උත්සන්න වී ඇත්තේ එරට තුළ ක්‍රියාත්මක දැඩි කොවිඩ් රෙගුලාසිවලට එරෙහිව බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එම රෙගුලාසි ඉවත් කරන ලෙස බලකරමින් විරෝධතා ආරම්භ වූ අතර මේ වන විට එම විරෝධතා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇතැයිද විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

තව කියවන්​න

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හෙට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. මෙම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් පිරිසක් හමුවීමටද නියමිතයි. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේදී පවත්වන ද්වි පාර්ශ්වික සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

තව කියවන්​න

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ හේතුවෙන් එම තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 228 ක් රැස් කර ගැනීමට සමත් වුණා. එම ඉනිම වෙනුවෙන් රහ්මත් ෂා ලකුණු 58 ක් සහ රහ්මනුල්ලා ගුරුබාස් ලකුණු 68 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 3 ක් දවාගත් අතර මහිෂ් තීක්ෂණ කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා. මේ අනුව තරගය ජය ගැනීම සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට…

තව කියවන්​න