- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
ජිවන වියදම උග්‍ර ලෙස ඉහල යාම හේතුවෙන් ජනතාගේ පිඩාව ඉහල ගොස් ඇතැයි සමගි ජන බලවේගය චෝදනා කරනවා . එහි පර්ලිම්නේතු මන්ත්‍රී එස් එම මරික්කාර් මහතා සදහන් කලේ මෙය විසදීම සදහා ආණ්ඩුවට විකල්පයක් නොමැති බවයි . දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා .
විදේශ ගත සේවා නියුක්තිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එලෙස බදු පනවා ඇති බවට හා එම ප්‍රේෂණ බලහත්කාරයෙන් රුපියල් බවට හරවනු ඇතැයි පැතිර යන කටකථා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ. ඒ අනුව ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ, විදේශිය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබාගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සිය අභිමතය පරිදි සිදුකළ හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ .
අඩු බර සහිතව දරුවන් ඉපදීමේ ප්‍රතිශතය පසුගිය මාසය වනවිට සියයට පහළොවයි දශම හය දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුවයි මේ බව අනාවරණ වී ඇත්තේ. එය පසුගිය ජනවාරි මාසයට වඩා සැලකිය යුතු වැඩිවීමක් බවයි එම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. පසුගිය ජනවාරි මාසය වන විට දරුවන්ගේ උපත් බර අඩුවීමේ ප්‍රතිශතය සියයට එකොළහයි දශම හතක් ලෙස සටහන්ව තිබුණා. මාතෘ මන්දපෝෂණය, ගර්භණී කාලය තුළ මව අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම ආදිය අඩු බර සහිතව දරුවන් ඉපදීමට හේතු ලෙස දක්වා තිබෙනවා. එමෙන්ම ගර්භණී කාලයේ දී දුම්පානය කරනා ස්ථානවල ගැවසීම, අධික සිත් තැවුලෙන් සිටීම සහ පෙර ප්‍රසව රක්තපාතය වැනි කරුණු…
තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ තැපැල් දෙපාර්තමේන්තුව සමග කෙටි කාලීනව ආයෝජනයක් සඳහා එක්වන ලෙසට පෞද්ගලික අංශයට ආරාධනා කරන බවයි . තැපැල් දෙපාර්තමේන්තුවේ තෝරාගත් අංශ කිහිපයකට පමණක් පෞද්ගලික අංශයේ අදාළ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කලේ . මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ නව සමාගමක් අටක් පිහිටුවීමට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර නව පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ලංකා විදුලි බල මන්ඩලය වෙනුවට නව…
ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අනුකමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබෙනවා. නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් එම අනුකමිටුව පත්කිරීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. ප්‍රතිපත්ති ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය සඳහා ස්වාධීන වූ ආයතනයක් ලෙස පනතක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි නායයෑමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවටයි උපදෙස් ලබා දෙන්නේ. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බවත්, බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට…
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවට මෙලස නව ගුවන්යානා ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි. මේ වසරේ ගතවූ කාලය තුල ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 6,000ක්.
උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිත මෙවර ශ්‍රීපාද වන්දනා සමය සඳහා – පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සඳාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දේව පිළිමය හා දේවාභරණ හෙට පස්වරුවේ සුභ නැකතින් දොරට වැඩම කරවීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිවයි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේ චාරිත්‍රාණුකුල වතාවත් සහ පුද පූජා පැවැත්වීම කටයුතු යොදා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ලබන අඟහරුවාදා අළුයම යෙදෙන සුභ නැකතින් – පැල්මුඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට සඳාතුක කරඬුව, සුමන සමන් දේව රන්මුවා…
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් මෙලෙස මව් රැජින පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බවයි බකිංහැම් මාළිගාව නිවේදනය කළේ. ශාන්ත එඩ්වඩ් කිරුළ ලෙස හැදින්වෙන මෙම කිරුල බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණගේ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේදී පලඳවනු ලබනවා. රාජාභිෂේකයෙන් පසු එය නැවත ලන්ඩන් කුළුණේ තැන්පත් කෙරෙනු ඇති. ලබන වසරේ මැයි මාසයේ පැවැත් වීමට නියමිත තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් මෙම කිරුළ ලන්ඩන් කුළුණෙන් ඉවතට ගෙන නවීකරණය ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
ග්ලූකෝමා රෝගයෙන් අන්ධභාවය ඇති වූවහොත් නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි බව අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය අවධාරණය කළා. ඒ අනුව ග්ලූකෝමා රෝගීන් මුල් අවස්ථාවේදීම හඳුනා ගත යුතු බවයි සඳහන් කලේ. මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් හඳුනා නොගත් ග්ලූකෝමා රෝගීන් විශාල සංඛ්‍යාවක් සමාජයේ සිටින බව සඳහන්. දියවැඩියා රෝගීන්ට ග්ලූකෝමා තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවත් එය දරුණු තත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. දියවැඩියා රෝගීන් වසරකට වරක් අක්ෂී පරීක්ෂාවකට යොමුවන ලෙසයි අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය දැනුම් දෙන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222