Author: VNews

සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය මත සියලුම කාර්ය මණ්ඩල නිවාඩු අවංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් අදාළ නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව අද (12) දින සේවයට වාර්තා කරන ලෙස සියලු කාර්ය මණ්ඩලයට දැනුම්දෙයි. තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන කාර්යාලයන්හි නිලධාරීන්ට පැය 240ක උපරිම අතිකාල ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් සඳහන් කරමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ඊයේ සවස 4 සිට අද මධ්‍යම රාත්‍රී 12 දක්වා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

තව කියවන්​න

2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ අනුරාධපුරය පුදබිමට පැමිණි අවස්ථාවේදීයි. ඊයේ පස්වරුවේ අනුරාධපුරය පුදබිමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. එහිදී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී මහා බෝධියද වැද පුඳාගෙන ආශිර්වාද ලබා ගෙන තිබුණා. මේ අතර රුවන්වැලි මහ සෑ පුදබිම වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අන්තුවරුව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබදුන්නේ මෙලෙසින් .

තව කියවන්​න

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද සාමාන්‍ය පරිදි විවෘත කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා. පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පසුගිය සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට එම අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බැවින් අද සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. සියලු ක්‍රිස්තියානි පාසල්ද අද සිට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර සාමාන්‍ය පරිදි පාසල් අද සිට විවෘත කළ ද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණය පැළදීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ පවසන්නේ. එය සියලු පාසල්…

තව කියවන්​න

මරදාන, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා මාළිගාවත්ත පොලිස් ස්ථානය විසින් එම මෙහෙයුම ක්‍රියාත්මකළ බව පොලීසිය පැවසුවා. අදාළ මෙහෙයුමෙන් වරෙන්තුකරුවන් 10 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලිග්‍රෑම් 860 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08 දෙනෙකු, හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 155 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව ගංජා ග්‍රෑම් 04 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු, ගංජා මිශ්‍ර මාවා කිලෝ 02 යි ග්‍රෑම් 72 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකුඩා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරදු 23…

තව කියවන්​න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව වාර්තා වනවා. පෙරේදා රාත්‍රියේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස්වීමක් සිදුවී ගැටුමක් හටගෙන තිබුණා. අදාළ පහරදීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරික්ෂණවලදී මහාචාර්යවරයාගේ නිවසේ සි.සි.ටි.වී දර්ශන උපයෝගී කර ගනිමින් එහි දේපොළවලට හානි සිදු කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නිශ්චිතව හඳුනාගෙන තිබෙනවා. මේ අනුව සිද්ධියට අදාළව මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි සඳහන් වන්නේ. එමෙන්ම මෙම සිදුවීම…

තව කියවන්​න

පවතින ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩ නැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දිස්ත්‍රික් 306 සී 2, ලියෝ සමාජය සඳහා සාමාජිකයින් 6,500 ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් අද කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. මේ අතර රට ආර්ථික හා දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරි තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවකදී වුවද, තමන් රට භාර ගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. එමෙන්ම වර්තමානයේ තීරණ ගත යුත්තේ අද ගැන සිතා නොව තවත් වසර 25 ක් ඉදිරියට සිතමින් බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ. ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරා…

තව කියවන්​න

රුසියාව අත්පත් කරගෙන ඇති මෙලිටොපෝල් නගරයේ පිපීරීම් කිහිපයක් සිදු ව තිබෙනවා. යුක්රේන හමුදා මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි මෙලිටොපෝල් නගරයේ වැඩබලන අණ්ඩුකාරවරයා පවසන්නේ. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. මේ අතර රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඔඩෙසා ප්‍රාන්තයේ මිලියන 1.5කට අධික ජනතාවට විදුලි බලය අහිමි වී ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඊයේ එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන විනාශ වී ඇති බවයි. යුක්‍රේනයේ බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් රුසියාව දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.…

තව කියවන්​න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිට පහරදීමට එරෙහිව ලබන 13 වනදා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තීරණය කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් අතරතුර පහරදීමකින් තුවාල ලැබු එහි හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා රෝහල් ගතකර තිබුනා . පොලීසිය පැවසුවේ පසුගිය 10 වනදා රාත්‍යේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයා සහ සිසුන් පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම එම සිදුවීමට හේතුවී ඇති බවයි . පේරාදෙණිය විශ්වවිදයාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවස පිහිටා ඇත්තේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළයි .

තව කියවන්​න

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වසර දෙකකට පසුව යළි අද සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා . ඒ අනුව චෙන්නායි ගුවන් තොටුපලේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා මගීන් රැගත් ගුවන් යානයක් හෙට පෙරවරු 10 : 50ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා වනවා. 2019 දී චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කලා. කෙසේවෙතත් කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග දෙරට අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබුවා. චෙන්නායි ගුවන් තොටුපලේ සිට එලායන්ස් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානය හෙට පෙරවරු 10:50 ට පමණ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වී යළි පෙරවරු 11:50ට චෙන්නායි බලා පිටත්…

තව කියවන්​න

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට සම්බාධක පනවා තිබෙනවා. ලෝක මානව හිමිකම් උල්ළංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමේ නවතම ක්‍රියාමාර්ගයක් ලෙස මෙම සම්බාධක පනවා ඇති බවයි අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ප්‍රධානීයෙකු වන මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් වනවා . 2008 වසරේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම ඇතුළු සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් එම තහනම පනවා ඇති බවයි, අමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ. පසුගිය වසරේ හිටපු යුද හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය විසින්…

තව කියවන්​න