Author: VNews

එල්.පි.එල් තරගාවලියේ කොළඹ කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 06 කින් ජයගැනීමට ජැෆ්නා කන්ඩායම සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 08 ක් දැවී රැස් කර ගත ලකුණු සංඛ්‍යාව 172 ක්. එහිදී කොළඹ කණ්ඩායමට බලාපොරොත්තුවක් එක්කළ ඉනිමක් ගොඩනැගීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වී තිබුණා. ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 08 ක් සහ හයේ පහර 03 ක් එල්ල කරමින් පන්දු 38 කදී ලකුණු 73 ක් රැස්කර ගත්තා. බෙනි හව්වෙල් ඔහුට අගනා සහායක් ලබා දෙමින් ලකුණු 43 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 02 ක් සහ හතරේ පහර 05 ක් ඇතුළත් වුණා. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රහාරය තරගයේ ජයග්‍රහණය…

තව කියවන්​න

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම ගැටුම 09 වනදා ඇති වූවක් බවටයි එම වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ඒ පිළිබඳ තොරතුරු මුල්වරට වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදීයි. මෙම ගැටුම අරුනාචල් ප්‍රදේශයේදී ඇතිවී තිබෙන බව සඳහන්. ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම හමුදා සෙබළුන් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

වර්තමාන ආණ්ඩුව ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන හෝ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පවතින ආණ්ඩුවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසනවා. මේ අනුව ආණ්ඩුව මැතිවරණ නොපවත්වා සිය රජයේ සුඛ වින්දනය සඳහා පමණක් ක්‍රියා කරන බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජි.එල් පිරිස් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස නිවැරදි තීරණයක සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් තෝරා පත් කර ගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම්, නීතඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු සඳහන් කළේ සිය පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන අයුරින් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරියේදී දේශපාලන ක්‍රියාවලියේ නිරත වන බවයි. බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතඥ සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියා.

තව කියවන්​න

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වීම ලබන ජනවාරි මස පස් වනදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නේවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි මස පස්වනදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරකා සභා රැස්වීමේදී තීරණය කෙරුණා. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්ව තිබුණා. පස්වනදා රැස්වෙන පාර්ලිමේන්තුවේදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ද පැවැත්වීමටයි එහිදී තීරණය වී ඇත්තේ. මේ අනුව එදින පස්වරු 05.00 සිට 05.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමටද…

තව කියවන්​න

රජයේ සුබසාධන ප්‍රතිලාභ සඳහා පුද්ගලයින් ලක්ෂ 37 කට අධික සංඛ්‍යාවකගෙන් අයදුම්පත් ලැබී ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පසුගිය අගෝස්තු මස රජයේ ආධාර ලැබීමට සුදුසු පුද්ගලයින් සහ පවුල් හදුනා ගැනීම සඳහා තොරතුරු ලබා ගත් බවත්, මේ අනුව දැනට රජයේ ආධාර ලබන පුද්ගලයින් ද ඇතුළත්ව මෙම ලක්ෂ 37 ක සංඛ්‍යාව අයදුම්කර ඇති බවත් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා. මෙම තොරතුරු රැස් කිරීමේ දෙවන අදියර යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් මෙම මස ආධාර අයදුම්කරු ළගට ගොස් දුරකථන යෙදවුමක් හරහා තොරතුරු රැස් කිරීමට නියමිත බවත් එම තොරතුරු ඒකාබද්ධ සුබසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට නියමිත…

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ශේෂ්ඨාධිකරණය වෙත රිට් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අනුව එම එක් පෙත්සමක් ඉදිරිපත් කළේ සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් විසින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ලක්ෂ්මන් කිරිඇල්ල, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් විසින් සෙසු පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ…

තව කියවන්​න

හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ජෝර්දානය යොදා ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ තවත් ජාවාරමක් වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් දැඩි අවධානය යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. එසේම මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා වන බවද එම නිවේදනයේ සඳහන්. මෙවැනි අවදානම් සහගත අයුරින් විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙස හා මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම්වන ලෙසත්, රැකියාවක් සඳහා විදේශ ගතවන්නේ නම් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේම මෙවැනි විදේශ රැකියා…

තව කියවන්​න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය විමර්ශනවලට යටත්ව අහෝසි කර තිබෙනවා. ඒ එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයක පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී ඊට සම්බන්ධ සිසුන් 12 දෙනෙක් හඳුනාගත් බවයි. සිද්ධියට සම්බන්ධ වූ තවත් සිසුන් හඳුනා ගැනීමට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

තව කියවන්​න

රටේ වත්මන් තත්ත්වය, දේශපාලන වතාවරණය ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පවත්වා තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි. ඔවුන් දෙදෙනා අතර පමණක් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර එය පැය එකහමාරකට වැඩි කාලයක් පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග කියාසිටියේ

තව කියවන්​න