Author: VNews

විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳවත් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශවෙත උපදෙස් ලබාදී තිබෙනවා. අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ. මේ අතර, විශ්වවිද්‍යාල පද්ධතිය රැකගත හැක්කේ, විනය විරෝධී කටයුතු සිදුකරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළඹිය යුතු බවත් එවිට බියෙන් හා සැකයෙන් තොරව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරීමට අවකාශය හිමිවන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටීයා .

තව කියවන්​න

බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැත්තා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා. ඔහුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප හිමිවූ බව සදහන් . මිනිස් ජාවාරම් සිදු කල බවට ඊ. කුෂාන් නැමැත්තාට චෝදනා එල්ල වනවා. මේ අතර ජෝර්දානය හුවමාරු මධ්‍යස්ථානයක් කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ තවත් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී තිබෙනවා. මෙවැනි අවදානම් සහගත අයුරින් විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙසයි එම කාර්යාංශය පවසන්නේ. මෙවැනි විදේශ රැකියා ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති…

තව කියවන්​න

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදු වීමෙන් පසු රටින් පලා ගොස් සිටි මෝටර් රථයේ රියදුරා කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු යළි මෙරටට පැමිණීමේදී මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ. පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටියේදී මෝටර් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ත්‍රී රෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරා අනතුරට පත් වුණා. අනතුරත් සමග මෝර් රථයේ රියදුරා පලා ගිය අතර ඔහු එදිනම විදෙස් ගතවූ බවයි පොලීසිය සදහන් කළේ. සැකකරු යළි දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

තව කියවන්​න

අම්පාර හා මන්නාරම නගර සභාව, මහ නගර සභාවක් උත්ශේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දැනට පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින්, අමතර ප්‍රතිපාද වැය කිරීමකින් තොරව නාගරික සංවර්ධන අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීම සඳහා එම තීරණය ගෙන තිබෙන බව සදහන්. මේ අතර අද පවතින සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා බවට කළ හැකිද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසද ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ට කැබිනට් මණ්ඩලයේ දී දැනුම්දී තිබෙනවා .

තව කියවන්​න

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වනවා. ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් . විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු රාජකාරීවලින් ඉවත් වීමට තම සංගමය තීරණ කර ඇති බවයි .

තව කියවන්​න

ප්‍රවීණ ගායන ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ තනු නිර්මාපකයෙකු වන නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 76 වැනි වියෙහි පසු වුනා. ඔහු සිය නිවසෙදී මියගොස් ඇත්තේ, හෘදයාබාධයක් හේතුවෙන් . නිහාල් නෙල්සන් මහතා උපත ලබන්නේ, 1946 වර්ෂයේ ජනවාරි 09 වන දිනයි. ලස්සනට පිපුණු වන මල් ” ඔහු පටිගත කල ප්‍රථම ගීතය වනවා . ඉන් අනතුරුව ඔහු ගී ගැයූ ,ගීත තැටි වලට අමතරව කැසට් පට ප්‍රමාණය 113 ක් පමණ වන අතර ඔහු ගැයූ ගීත දහස් ගණනක් වනවා . ඔහු ලංකාවේ පළමු සී ඩී තැටිය නිකුත් කළ ගායකයා ලෙසද සැලකෙනවා. නිහාල් නෙල්සන් මහතා චිත්‍රපට 25 කට අධික සංඛ්‍යාවක ද…

තව කියවන්​න

වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ සහ සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීම මෑත කාලීනව සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් මෙම මුදල් වංචා කිරීම සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ සහ සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පසුගිය දින කිහිපය තුළ වැඩීවීමක් සිදුව තිබෙනවා. මේ අනුව නිසි පරීක්ෂාවකින්…

තව කියවන්​න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා නීතිපති උපදෙස් මත කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්ව විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් මෙරට සමුද්‍රීය පරිසරයට විශාල හානියක් සිදුවූ අතර එය මෙතෙක් ලොව සිදුවූ විනාශකාරීම නෞකා අනතුර ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් අදාළ අනතුරින් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් මෙතෙක් සිදුකර නොමැති බව සඳහන්. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුව ඇති අතර කඩිනමින්…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන් සඳහා එරට රජය විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය රජය විසින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව සඳහන්. ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ, ආහාර, ඉන්ධන ඇතුළු මූලික අවශ්‍යතාවල හිඟයක් පවතින අතර දිනපතා විදුලි විසන්ධි වීමක් ද සිදුවන බව බ්‍රිතාන්‍ය රජය දැනුම් දී තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේනම් සුදුසු සංචාරක රක්ෂණයක් ලබාගෙන ඉන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන්නේ දැයි පරීක්ෂා කිරීම වැදගත් බව බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙනවා. ආර්ථික අර්බුදයට එරෙහිව පවත්වන විරෝධතා විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන බැවින් එවැනි…

තව කියවන්​න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුගිය 10 වන දින රාත්‍රියේදී පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි හිටපු උපකුලපතිවරයාගේ නිවසට කඩා පැන පහරදීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරන බවයි. ඒ අනුව ඊයේ(12) රාත්‍රී කාලයේ සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් 6 දෙනෙකු පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23ත් 25ත් අතර වයස්වල පසුවන නිට්ටඹුව, සඳලංගල, ගිරිතලේ, මාතලේ, හේනේගමුව සහ ගලගම්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. එසේම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තවත් සැකකරුවන් හය දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට…

තව කියවන්​න