- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා සඳහන් කළේ එයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි . ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවා . ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්ත වල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින්…
75 වන නිදහස් දින සැමරුමට පෙර ජාතික සංහිඳියාව ඇති කළ හැකිදැයි තමන්ට දැනුම්දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කර තිබෙනවා . ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදුකර ඇත්තේ ජාතික ආරක්ෂාවට හෝ මානව හිමිකම්වලට හානි නොවන අයුරින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා ඊයේ පස්වරුවේ කැඳවා තිබූ සර්ව පාක්ෂික නියෝජිත හමුවේදීයි . මේ සඳහා අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගී වී සිටියා . කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කිසිදු අයෙකු ඒ සඳහා සහභාගී වී නොමැති වීමද විශේෂත්වයක් . මේ එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු…
පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ පසුගිය 10 වැනි දා රාත්‍රියේ හටගත් ගැටුමකින් එම විශ්වවිද්‍යාලයයේ හිටපු උපකුලපතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලැබූ බව වාර්තා වුණා. මේ පිළිබඳව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පැවසුවේ සමස්ථ සිද්දිය පිලිබදව තමන් දැඩි ලෙස කනගාටු වන බවයි . ශිෂ්‍යයන් 10 දෙනෙකු මෙම සිදුවීමට අදාළ ව අත්අඩංගුවට ගැනුණු අතර, ඊයේ දිනයේදී උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ඔවුන් ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා . මේ අතර, අදාළ සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ද විශ්වවිද්‍යාලයීය පරිපාලනය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මේ පිලිබදව පැහැදිලි කිරීමට ඊයේ පස්වරුවේ පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය මාධ්‍ය හමුවක් පැවැත්වුවා . මේ එහිදී…
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු තමාට පහරදුන් බව පවසමින් ගුරුවරයෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා . ඔහු බණ්ඩාරවෙල පූනාගල දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයකු බවයි වාර්තා වන්නේ. අදාල ගුරුවරයා පවසන්නේ තමාට පාසල තුළට පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් මහතා මෙලෙස පහර දුන් බවයි . විදුහලේ ගොඩනැගිලිවල පිළිසකර කිරීමේ කටයුත්තකට ගුරුවරුන් ඇතුළු පිරිසක් පසුගිය ඉරිදා පාසලට පැමිණ ඇති අතර එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා සමග හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාද පැමිණ තිබෙනවා . එහිදී අදාළ ගුරුවරයා සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වනවා .…
ජාතික ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අනුර බණ්ඩාර මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ දිනයේ සිය ධුරයේ වැඩ භාරගත්තා. මෙම සමාගම පවතින්නේ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේයි . එම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ද එක් ව සිටියා .
ඔස්ට්‍රේලියාවේ – ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. බ්‍රිස්බේන් නගරයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකටයි එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පවසන්නේ . අපරාධකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බැවින් නැවත දැනුම්දෙන තුරු නිවෙස්වලින් පිටතට නොඑන ලෙස ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී තිබෙනවා . මියගොස් ඇති අනෙක් සිව්දෙනා ප්‍රදේශවාසීන් වන බව විදෙස් මාධ්‍ය පවසනවා .
බැංකුවලින් ණය ලබා ගත් පුද්ගලයින් මේ වන විට දැඩි පිඩාවට පවත්වා ඇති බව අද පාර්ලිම්නේතුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා ඔහු සදහන් කලේ ඔහුන්ට නය පියවා ගැනීමට නොහැකි වී ඇති බවයි . එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලාපිටිය මහතාද අදහස් පල කළා. එමෙන්ම අද පර්ලිම්නේතුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුනා.
මාධ්‍ය උපමාන කඩ කරන්නන්ට දඬුවම් පැමිණවීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කල බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . ඒ සදහා කැබිනට් අනුමැතිය ද ලැබුණු බවයි ඔහු සදහන් කලේ . අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා . මේ අතර පර්ලිම්නේතු මැතිවරණ පනත සංශෝදනය සමබන්ධයෙන්ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පල කලා . මේ අතර ලිංගික අතවර කිරීම් සහ සියලුම ආකාරයේ ලිංගික අඩත්තේට්ටම් කිරීම සාපරාධී ක්‍රියා බවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. එමෙන්ම ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික…
නැගෙනහිර හා උතුරු පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණ වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් තමාට ඊයේ දැනුම් දුන් බවයි. උතුරු – නැගෙනහිර පළාත්වල ගවයින්, මී ගවයින් සහ එළුවන් 1200 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළා .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව තවත් සරසවි සිසුන් 04 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිසුන් පොලිසිය වෙත භාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පේරාදෙණිය පොලිසිය සඳහන් කළේ. පහර දීමට අදාළව ඊයේ සරසවි සිසුන් 12 දෙනෙකු හඳුනා ගත් අතර ඔවුන්ගේ ශිෂ්‍යභාවය ද අහෝසි කෙරුණා මේ පිළිබදව අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාද සිය අදහස් දක්වමින් කියාසිටියේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අදාළ පහරදීම සම්බන්දයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසයි . එමෙන්ම මින් ඉදිරියට මෙවෙනි සිදු වීම් ඇති නොවන ලෙස වගබලා ගතයුතු බවද ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අවධාරණය කළා. මෙහිදී…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222