Author: VNews

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා. පොදුජන පෙරමුණේ තෝරාගත් මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ප්‍රධානීන් 50 දෙනෙකු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී. හමුව ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක්ව තිබුණා. පොදුජන පෙරමුණු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ එහි දී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.

තව කියවන්​න

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – විදෙස් ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් නව නීති මාලාවක් හඳුන්වා දී තිබෙනවා. එය අද සිට බලාත්මක වනු ඇති. ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් ආරක්ෂා වන ආකාරයෙන් නව නීති මාලාව සකස් වී ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ. ඒ අනුව ගෘහ සේවිකාවන් බඳවා ගැනීම හෝ තාවකාලික රැකියා සඳහා අවසර දෙනු ලබන්නේ එරට මානව සම්පත් අමාත්‍යාංශයෙන් අදාළ බලපත්‍රයක් ලබා ගන්නේ නම් පමනයි. එමෙන්ම අවුරුදු 18 ට අඩු දැරියන් ගෘහ සේවයට බඳවා ගැනීම හෝ මෙහෙකාර සේවයේ යෙදවීම නව නීති අනුව සම්පුර්ණයෙන් තහනම්.

තව කියවන්​න

පසුගිය ශූරයින් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී ආජන්ටිනාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තා. ඒ දෙවන අවසන් පූර්ව තරගය 2ට 0ක් ලෙස මොරොක්කෝව පරාජයට පත් කරමින්. එළඹෙන ඉරිදා මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ප්‍රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙනු ඇති. ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 6වන වරටයි. මීට පෙර 5වරක් ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරගවලට සුදුසුකම් ලබා ඉන් දෙවරක් ලෝක ශූරයන් වී තෙවරක් අනුශුරයින් බවට පත්ව තිබෙනවා. ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 4වන වතාවටයි. දෙවරක් ලෝක ශූරයන් වී ඇති ප්‍රංශය එක් වරක් අනුශුරයින් වී තිබෙනවා.

තව කියවන්​න

රග්බි සභාපති ධූරයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රිස්ලි ඉල්ලියාස් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. අමාත්‍ය රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා රග්බි ආයතනය එහි වගඋත්තරකරුවන් ලෙසයි නම් කර ඇත්තේ. පෙත්සම්කරු කියා සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 8 වනදා නිකුත් කළ නියෝගයක් මගින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන් ඉවත්කර ඇති බවයි. එවැනි නියෝගයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බව පෙත්සම්කරු පෙන්වා දෙනවා. එම නියෝගය ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ඉක්මවා ගොස් කටයුතු කිරීමක් බව ද රිස්ලි ඉල්ලියාස් මහතා සඳහන් කර තිබෙනවා.. එ…

තව කියවන්​න

පැට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට යැවීමට අමෙරිකාව සැලසුම් කරමින් සිටිනවා. ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති ජෝ බයිඩන් මේ සතියේ මෙම පියවර ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. රුසියානු ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් ඝාතනයට ලක්වීම හේතුවෙන් යුක්රේනය කලක සිට තවදුරටත් ගුවන් ආරක්ෂක සහාය ඉල්ලා සිටියා. එක්සත් ජනපදයේ වඩාත් දියුණු ගුවන් ආරක්ෂක පද්ධති අතර පැට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධතිය ප්‍රමුඛස්ථානයක් ගෙන තිබෙනවා. යුක්රේන සොල්දාදුවන් ජර්මනියේ එක්සත් ජනපද හමුදා කඳවුරකදී මෙම මිසයිල පද්ධති භාවිතය සම්බන්ධයෙන් පුහුණු කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

2022 ජාත්‍යන්තර ජල සම්මන්ත්‍රණය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. සමුළුව රත්මලානේ පිහිටි ජල සම්පාදන ජාත්‍යන්තර නව ශ්‍රවනාගාරයේදී ඊයේ ආරම්භ කෙරුනා. රටවල් 48 ක් නියෝජනය කරමින් පානිය ජලය සම්බන්ධ ජාත්‍යන්තර විශේෂඥයන් සහ වෘත්තිකයන් 100 කට ආසන්න පිරිසක් ඊට සහභාගිවීම විශේෂත්වයක්. ජාත්‍යන්තර නියෝජිතයන්ට අමතරව පානිය ජලය සම්බන්ධ ශ්‍රී ලංකාවේ විද්වත් වෘත්තිකයන් ඉංජිනේරු හා විශ්ව විද්‍යාල සිසුන් සම්මන්ත්‍රණයට සහභාගි වනවා. පානිය ජලය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා සහ මෙරට වෘත්තිකයන් හා විශ්ව විද්‍යාල පර්යේෂකයන් සකස් කළ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරීම, සාකච්ඡා කිරීම හා දැනුම හුවමාරුවද සමුළුවට අයත්. සම්මන්ත්‍රණය හෙට දිනයේත් ක්‍රියාත්මකයි.

තව කියවන්​න

රාජ්‍ය සේවයේ 40 දහසකට තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කරන බවයි. රාජ්‍ය සේවයේ සියලු නිලධාරින් ඉදිරියේදී තොරතුරු තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් පුහුණු කරවනු ඇති. ඉදිරි වසර දෙක තුළ රාජ්‍ය සේවකයන් ලක්ෂයක් පුහුණු කිරීම රජයේ ඉලක්කයයි. අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විටත් නව ඩිජිටල් ක්‍රමය සඳහා ප්‍රතිපත්තියක් නිර්මාණය කර තිබෙනවා. පාසල් දහසකට තොරතුරු තාක්ෂණය සැපයීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළා.

තව කියවන්​න

පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ අධ්‍යන කටයුතු පවත්වාගෙන යාම සඳහා සුදුසු පරිසරයක් නොමැති බවට ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය චෝදනා කරනවා. හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම තුළින් ඒ බව මනාව ඔප්පුවන බවයි එම සංගමය සඳහන් කළේ. විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් පවතින බව පෙන්වා දෙමින් පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කලා. එය ලබන ඉරිදා දිනය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා සඳහන් කළේ. මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඉන්…

තව කියවන්​න

ජාතික දරිද්‍රතා මට්ටම 14,000 ඉක්මවා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වසරේ ජනවාරි මාසයේ ජාතික දරිද්‍රතා මට්ටම පැවතියේ රුපියල් 8923 ක් ලෙසින්. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය ඔක්තෝබර් මාසයට අදාළව ප්‍රකාශයට පත් කළ ජාතික දරිද්‍රතා මට්ටම අනුව කොළඹ ජාතික දරිද්‍රතා මට්ටම සැප්තැම්බර් මාසයේ 14,894ක් ලෙසයි සටහන්ව ඇත්තේ. දිස්ත්‍රික්ක නවයකම ජාතික දරිද්‍රතා මට්ටම 14,000 ඉක්මවා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. සාමාන්‍ය පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන අවම වියදම රුපියල් 13,810 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතියේ රුපියල් 13,772 ක් ලෙසයි.

තව කියවන්​න

ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 5ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.. රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එළඹෙන වසරේ දී රාජ්‍ය අංශයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ඩොලර් බිලියන 3ක ප්‍රමාණයක් එක්රැස් කළ හැකි බවයි. දශක හතකට වැඩි කාලයක් තුළ දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින්, ශ්‍රී ලංකාව පසුගිය සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 2.9 ක ණයක් සඳහා ෂඵත්‍ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹුණා. එය ලබන වසරේ මුල් කාලයේ හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා විශ්වාසය පල කලේ.

තව කියවන්​න