Author: VNews

කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා . එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසන්නේ ලබන ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව රැස්වී ඊට අදාළ නිර්ණායක සාකච්ඡා කිරීමට නියමිත බවයි . කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවද සදහන් . මේ වන විට ලෝකය තුළ කොවිඩ් රෝගය ව්‍යාප්ත වීම අවම මට්ටමක් පවතින නමුත් කොවිඩ් මරණ වාර්තා වීම් තවදුරටත් දක්නට ලැබෙන අතර එම මරණවලින් බොහෝ පිරිසක් කොවිඩ් එන්නත ලබානොගත් පිරිස බව වාර්තාවනවා .

තව කියවන්​න

ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ වලදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ජාතික මට්ටමින් සන්ධානගත වි කටයුතු කිරිමට අදහස් කර සිටියද එය කිසිසෙත් බිම් මට්ටමින් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළකලේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් .

තව කියවන්​න

උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ, ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගික සේවා නිලධාරීන් විසින් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කිරීම, භාණ්ඩ අලෙවිය සහ සැඟ වූ තොග ඇත්දැයි විමර්ශනය කරමින් සිටින බවයි. ලබන සතියේ සිට මෙම කටයුතු තවදුරටත් පුළුල් කරමින් වැටලීම් සිදු කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා කියාසිටියා .

තව කියවන්​න

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායක හට තියුණු ආයුධයකින් පහරදීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා . ඔහු තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ. නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ රාත්‍රියේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ .. ඔහුගේ පාදයකට හා උරහිසට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර තිබෙනවා . මේ පිළිබදව වී .එෆ් .එම් සිද්ධමුල්ල කාලින වැඩ සටහනෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා ගෙන් මෙලෙස තොරතුරු විමසා සිටියා . එහි දී ඔහු කියාසිටියේ කඩිනම් පරීක්ෂණයක් පොලිසිය මගින් ක්‍රියාත්මක බවයි

තව කියවන්​න

පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නැමති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහන සොරා ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත භූමියේ ආරක්ෂාවට යොදවා සිටි මුරකරුවන් දෙදෙනාගේ වැඩ තහනම් කරන ලෙසට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග උපදෙස් ලබා දී තිබෙනවා. අඩි තුනක් පමණ උස අඩි තුනක් පමණ පළල මෙම සදකඩ පහන කිසියම් පිරිසක් පසුගිය දා සොරගෙන් ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ . බර එසවීම සඳහා යොදා ගන්නා බූම් යන්ත්‍රයක් ආධාරයෙන් මෙම සඳකඩ පහන ගලවා ගෙන සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ . සිද්ධිය පිළිබද වැඩි දුර පරීක්ෂණ පල්ලේකැලේ පොලිසිය මගින් ක්‍රියාත්මකයි .

තව කියවන්​න

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ 15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී ඇති බව වාර්තාවනවා . නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පසුගිය නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා . ඒ අනුව ඊයේ දිනය දක්වා කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 15,476 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් වී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කළා . ඉන් හමුදා සාමාජිකයින් 15,165 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය…

තව කියවන්​න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා . සිදුකළ විමර්ශනයට අදාළව අනාවරණය කරගත් තොරතුරු මත සැකකරුවන් දෙදෙනා ඊයේ පේරාදෙණිය පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇති බව සදහන් . එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 23ක් හා 24ක් වන බෙලිහුල්ඔය සහ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තාවන්නේ . සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා .

තව කියවන්​න

වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා . රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව සදහන් . ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී යන තනතුරුවල අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව සංශෝධනය කර තිබෙනවා . එම සංශෝධනයට අනුව දැනටමත් වයස අවුරුදු 63 සම්පුර්ණ කර ඇති වෛද්‍යවරුන් ලබන දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම විශ්‍රාම ගැනීම සිදුකළ යුතුයි . මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු…

තව කියවන්​න

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා ග්රැම් 650 ක් බරැති මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ දී සොයාගෙන තිබෙනවා. මෙක්සිකෝ රාජ්‍යයේ සිට මාතර ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට ගුවන් තැපැල් මගින් එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලැබුවා. ගුවන් තැපැල් පාර්සලය පිළිබඳ සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ඉදිරිපිට විවෘත කර තිබෙනවා. ගුවන් තැපැල් පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයා රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

තව කියවන්​න

බිත්තර සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල අද අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ අධිකරණය විසින් සිදුකළ දැනුම්දීමට අනුවයි. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීරණය කළා. ඒ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි. නව සංශෝධිත මිල අද ප්‍රකාශයට පත් කරනු ඇති.

තව කියවන්​න