- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 පමණ තරමක වැසි ඇති ඇතිවිය හැකියි . නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව සදහන කළා . සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි .
පාකිස්තානයේ පෙට්‍රල් මිල රුපියල් 10කින් අඩු කිරිමට එරට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වනවා. පෙට්‍රල් මිලට අමතරව ඩීසල් මිල ද රුපියල් 7.50කින් අඩු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කලා. ඒ අනුව පාකිස්තානයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 214.80ක් වන බවත්, ඩීසල් ලීටරයක මිල රුපියල් 227.80ක් වන බවත් සදහන් . පෙට්‍රල් සහ ඩීසල් මිලට අමතරව භූමිතෙල් මිල ද රුපියල් 10කින් අඩු කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙනවා . ඒ අනුව එරට භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 171.83ක් වන බව ද වාර්තා වනවා .
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් කමිෂන් සභාව පවසනවා. එසේ වුවහොත් මැතිවරණය පෙබරවාරි මාසයේ පැවත්වීමට නියමිත බව සදහන් එමෙන්ම පළාත් පාලන පනත අනුව,පළාත් පාලන ආයතන,ලබන මාර්තු මස 20 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතුව තිබෙනවා . මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා . සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බින්ගිරිය ප්‍රදේශයේ පවතී ජන හමුවකදී සදහන් කලේ ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට බිය වී ඇති බවයි . එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කලේ…
දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් තිබෙනවා . එළඹෙන උත්සව සමයත් සමග ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව එලවළු තොග සහ සිල්ලර වෙලදුන් පවසන්නේ . බෝංචි කිලෝ ග්ර්ම 01ක් 520 , කැරට් රු 420 , නුවරඑලිය අල රු 520 , ලික්ස් රු 480 , අලෙවි වන බව සදහන් . මේ අතර බිට්රුට් කිලෝ ග්රෑම් එකක් රු 480 , පතෝල රු 300 , බණ්ඩක්කා රු 280 , වට්ටක්කා රු 280 , රාබු 120 , කටත් අලෙවි වනවා .
මහජන උපයෝගී කොමිසම මගහැර, කැබිනට් අනුමැතිය මත විදුලි බිල ඉහල දැමීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව වර්තා වනවා . විදුලි බිල ඉහළ දැමීම සදහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගත යුතු වනවා . කෙසේවෙතත් පසුගිය ඔක්තෝබර් මාසයේ දී විදුලි බිල ඉහළ දැමීම සදහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී තිබුනා. එම අවස්ථාවේ වාර්ෂිකව රුපියල් මිලියන 800 ක් උපයා ගැනීමට හැකි වන ලෙස විදුලි බිල ඉහළ දැමීමට අවසර ඉල්ලූ නමුත් මහජන උපයෝගී කොමිසම අවසර ලබා දී තිබුනේ රුපියල් මිලියන 500 ක් උපයාගත හැකි වන ආකාරයේ මිල ඉහළ දැමීමකට පමණියි . මේ අතර ලබන නව වසරේ නියගයක් ඇති වීමට නියමිත…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහල ගොස් තිබෙනවා. පසුගිය සතියට සාපේක්ෂව සියයට දෙකකට වැඩි ප්‍රතිශතයකින් බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.29 ක් ලෙසයි දැක්වෙන්නේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 79.4ක් ලෙසයි.
ජනතා නැගිසිටීමක් නුදුරේදීම සිදුවන බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ ජනතාව ආණ්ඩුවට ලබා දී ඇත්තේ කෙටි විරාමයක් බවයි. ආණ්ඩුව ජනතාවට බියෙන් සිටින බවත් එනිසා හදිසි නිතිය, අධි ආරක්ෂිත කලාප සහ ඇඳිරි නිතිය පනවමින් ජනතා මර්ධනය දියත් කරන බවත් ඒ මහතා පවසනවා. හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක වෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ අදහස් පල කළා.
අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් ”ඕෂන් ඔඩිසි” නෞකාව අද කොළඹ වරායට සේන්දුවීමට නියමිතයි . අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාවේ දිග මීටර් 105 ක් වනවා . ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණෙන නෞකාව, හෙට ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබෙනවා. ”ඕෂන් ඔඩිසි” නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ ,කුරුණෑගල හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි . එය දෙසැම්බර් 21 වැනිදා රාත්‍රී 7.00 ට ත්‍රිකුණාමලය වරායේ සිට තායිලන්තය බලා යාත්‍රා කරනු ඇති.
කෙටි කෑමවල මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. සියලුම කෙටි කෑමවල මිල ගණන් අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් අඩු වනු ඇති බව සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ. ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ .
කොන්ගෝ රාජ්‍යයේ ගංවතුර තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 170කට අධික බව එරට රජය පවසනවා. පුද්ගලයින් 30 දෙනෙකු පමන තුවාල ලබා තිබෙනවා. වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ කින්ෂාසා අගනුවරටයි . කින්ෂාසා අගනුවර පදිංචිකරුවන් 38,000 කට අධික පිරිසක් ගං වතුරෙන් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කළා. බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ දරුණු ගංවතුර හේතුවෙන් මිලියන 2.9 ක පමණ පිරිසක් අවතැන් වී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222