Author: VNews

මෙරට පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 05 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි චීන රජය මඟින් පරිත්‍යාග කර තිබෙනවා. රෙදි මීටර් තිස් ලක්ෂ දොළොස් දහස් පන්සිය අනූ හයක් එලෙස පරිත්‍යාග කර ඇති අතර එම රෙදි තොගයෙන් පළමු කොටස නැව් ගත කර ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ. චීනය විසින් පරිත්‍යාග කර ඇති එම රෙදි තොගය ලබන වසරේ මෙරට පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා ලබා දීමට අවශ්‍ය වන රෙදි තොගයෙන් සියයට 70 ක් සපුරාලීම සඳහා ප්‍රමාණවත් වනවා. එම නිළ ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස රැගත් නෞකාව ලබන ජනවාරි මස 06 වන දා කොළඹ වරාය වෙත ළඟා…

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානයේ උමං මාර්ගයක් තුළ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 32 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා . කාබුල් අගනුවර උතුරු පළාත් හා සම්බන්ධ කරන සැලන්ග් නැමැති උමං මාර්ගයේ තෙල් රැගත් රථයක් පෙරළී ගින්න හටගෙන තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ගින්න නිවා දැමීමට පෙර තවත් වාහනවලට ද ගින්න පැතිර ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ. 1982 වසරේදී ද උමං මාර්ගයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 400 ක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා .

තව කියවන්​න

2021 උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන්ට අද සිට පාඨමාලා හා විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, ප්‍රතිපාදන කොමිෂන් සභාව යොමු කරන ඊමේල් හා කෙටි පණිවිඩයකින් පසු www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පාඨමාලා හා විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි විය හැකි බවයි. 2021 වසරේදී උසස් පෙළ විභාගයට සිසුන් දෙලක්ෂ 83,616 ක් පෙනී සිටි අතර, 2021 – 2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව එක්ලක්ෂ 71,497 ක්

තව කියවන්​න

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් අත් පා ගැටගසා, බරපතළ තත්වයෙන් සිටිය දී සොයා ගත් ස්ථානයෙන් සහ ඔහුගේ සිරුරෙන් හමු වූ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තාව හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි. මෝටර් රථයෙන් සහ ඔහුගේ සිරුරෙන් ලබාගත් ඇඟිලි සළකුණු මේ වනවිට විශ්ලේෂණය කරමින් පවතින අතර ඒවා අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇති අපරාධකරුවන්ගේ ඇඟිලි සළකුණු සමඟ ගැළපීම සිදු කරනු ඇති. මේ අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ද ඉදිරියේදී සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව ඔහුගේ බිරිඳගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ බොරැල්ල සුසාන…

තව කියවන්​න

2021 – 2022 වර්ෂවල මහ කන්නයේ වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රජය වෙන් කර ඇති මුදලින් රුපියල් මිලියන 657ක් මේ වන විට බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබෙනවා. මේ යටතේ ගොවීන් 31,613ක් වගා කළ අක්කර 42,934ක් සඳහා වන්දි ලබාදීමට කටයුතු කරනු ඇති. ප්‍රදේශ අනුව වැඩිම වන්දි මුදල් ප්‍රමාණයක් හිමිවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි. එම දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 81ක් සහ පොළොන්නරුව – මනම්පිටියට රුපියල් මිලියන 69ක් මෙන්ම මොණරාගලට රුපියල් මිලියන 68ක් හිමිවනවා.

තව කියවන්​න

තොරතුරු තාක්ෂණ කර්මාන්තය රටට විදේශ විනිමය උපයන ප්‍රධාන අංශයක් ලෙස සංවර්ධනය කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළා. පසුගිය වසරේදී තොරතුරු තාක්ෂණ කර්මාන්තය හරහා ඩොලර් මිලියන 1,500 ක විදේශ විනිමය උපයාගැනීමට හැකිවී ඇති බවයි ඔහු කියා සිටියේ. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල – බටන්ගල තරුණ පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ වූ තාක්ෂණ කඳවුරේ අධ්‍යයන කටයුතුවල ගුණාත්මක භාවය සොයාබැලීමේ චාරිකාවකට ඊයේ එක්වෙමින්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ පුරප්පාඩු විසි දහසක් පමණ පවතින බව ද ඔහු කියා සිටියා.

තව කියවන්​න

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අනුරාධපුරය, ලෝලුගස්වැව ක්‍රිඩාංගනය අසල මාර්ගයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, එම සැකකරු හෙරොයින් ග්‍රෑම් 11යි, මිලි ග්‍රෑම් 80ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දීයි . ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර තිබුණා. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්, මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීම, අවි ආයුධ ජාවාරම් කිරීම හා සංවිධානාත්මක අපාරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පැවත්විම වැනි අපරාධ රැසක් සමබන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ. මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි එම සැකකරු වයස අවුරුදු 27ක අයෙක්.

තව කියවන්​න

ඊයේ පැවති 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඇහැටුවැව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මුහුණදුන් අපහසුතාව සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් යොමු කර තිබෙනවා. එම නිලධාරීන් පිරිස අද පිටත්කර යවන බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා කියා සිටියේ. මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

තව කියවන්​න

බිත්තර නිෂ්පාදකයින් ස්ථාවර මිලක් යටතේ බිත්තර ලබා දෙන්නේ නම් රුපියල් 53ක මිලකට වෙළඳසැල් වෙත බිත්තර ලබාදිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා පවසනවා. බිත්තර සඳහා රුපියල් 43 ත් , 45 ත් අතර උපරිම සිල්ලර මිලක් පනවා තිබුණ ද බිත්තර අලෙවි වන්නේ රුපියල් 60 ත් , 70 ත් අතර මිලකටයි. කෙසේ වෙතත් පසුගිය සතියේ අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයත් සමඟ එම සිල්ලර මිල සඳහන් ගැසට්ටුව අත්හිටවනු ලැබුවා. එමෙන්ම වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවති බලතල ද අහිමි වුණා.

තව කියවන්​න

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සිදු කරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරි පහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වනවා. මෙම වසරේ පස්වන වරටත් ඉන්ධන පිරිපහදුව වසා දමා දැනට දින කිහිපයකට පෙර යළි එහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවා. නමුත් නියමිත ප්‍රමිතියට ඉන්ධන නිෂ්පාදනය කරන තුරු පිරිපහදු නිෂ්පාදන, ගබඩා කළ යුතු අතර ඒ සඳහා ඉන්ධන පිරිපහදුවක් වසරක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවද එහි සේවකයින් පෙන්වා දෙනවා. මෙම වසරේ අවස්ථා කිහිපයක දී ඉන්ධන පිරිපහදුව වසා දැමීමත්, එය යළි ආරම්භ කිරීමත් හේතුවෙන් මේ වන විට පිරිපහදු නිෂ්පාදන ගබඩා තුළ ගොඩ ගැසී ඇති බව සඳහන්. ඊට…

තව කියවන්​න