Author: VNews
ඉහල දැමු බැංකු ණය පොළි අනුපාතය වහා පහත හෙලන ලෙස රජයට බලකරමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද පැවැත්වුනා. ඒ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී. එහිදී ඔවුන් කියා සිටියේ බැංකු ණය පොලිය ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඉදිරියේදී වෘත්තිය සමිති රැසක් එක් වී ක්‍රියා මාර්ග ගන්නා බවයි .
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද ගුවහති හීදි පැවැත් වීමට නියමිතයි . ඒ අනුව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. ගුවහතිහී බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත එක්දින තරගය හේතුවෙන් ඇසෑම් රජය අද දිනය කම්රුප් දිස්ත්‍රික්කයේ අර්ධ දින දේශීය නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා . තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම නිත්‍ය නායක රෝහිත් ශර්මා සිදුකරන අතර විරාත් කෝලි, ලෝකේෂ් රාහුල්, ශ්‍රෙයාස් අයියර් සහ මොහොමඩ් ශාමී වැනි 20 – 20 තරගාවලියට සහභාගී නොවු අත්දැකීම් බහුල ක්‍රීඩකයන් එක්දින තරගාවලියට ඇතුළත් කර ඇති බව සදහන් . කෙසේවෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක…
ඉන්දුනීසියාවේ, ටැනිම්බාර් දූපත්වලට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ රික්ටර් පරිමාණ ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එරට වේලාවෙන් අද අලුයම 2.47ට පමණ භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ . භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම්ක් ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන හතරක් වාර්තා වී ඇති බව ද සදහන්.එය උතුරු ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවලට ද දැනී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ, භූ කම්පනයෙන් එරට ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති බවයි. කෙසේවෙතත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව බවයි.
අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා . කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ විදේශ ආයෝජකයින් එම ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට උන්නදුවක් දක්වන බවයි ඒ අනුව සුදුසු ආයෝජකයේකු තොරා ගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා .
රුපියල් කෝටි සියයක මුදලකට අලෙවි කිරීමට සුදානම් කර තිබු මැණික් ගල් ඔබ්බවන ලද චෛත්‍යයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් . මෙම මැණික් ගල් ඔබ්බ් වු චෛත්‍ය නිධානයකින් සොයා ගත් එකක් බවටයි පොලිසිය සැක කරන්නේ. පස්ඇල්ල සහ කෝන්ගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරු 22ක සහ 34ක පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
දිස්ත්‍රික් කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග කිහිපයක් පාලනයට වහාම පියවර ගන්නා ලෙසත් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට සුදානම් බවත් කෘෂිකර්ම අමත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. සිය අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදි අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ රෝග පාලනය සදහා සියලු පාර්ශව වහාම කැඳවා සාකච්ඡා කළ යුතු බවයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කළේ දිස්ත්‍රික්ක 04ක වී වගාව ආශ්‍රිතව පැතිර යන රෝග පිළිබද පරික්ෂා කිරීම සදහා නිලධාරී කණ්ඩායම් අදාළ දිස්ත්‍රික්ක වෙත දැනටමත් පිටත් කර යවා ඇති බවයි
මැතිවරණය කල් දැමීමට ඉඩ ලබා නොදෙන බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා . අද පැවති මාධ්‍ය හමුවකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කලේ මැතිවණය කල් දැමීමට එරෙහිව ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවයි . මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පල වුනා . මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය පොදු ලකුණක් යටතේ තරග කරන පළාත් පාලන ආයතන මොනවා ද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂය මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණින්…
භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ඒ අනුව ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවා. කෙසේවෙතත් මෙයට පිළියමක් ලෙස සියලුම අමාත්‍යාංශවලට අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් 5%ක් කපාහැරීමට යෝජනා වී තිබේන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධරණය කළා .
බිත්තරයක තොග මිල ලබන 14 වනදා සිට රුපියල් 5කින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක් රුපියල් 50කට පමණ අලෙවි කිරීමටයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර ඇත්තේ. මේ අතර බිත්තර ආනයන ටෙන්ඩරයට පුද්ගලයින් 20දෙනෙකු මේ වන විට මිල ගණන් ඉදිරිපත් කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ. ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කළා. වෙළෙඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව එම සැපයුම්කරුවන් ඉදිරිපත් කළ ටෙන්ඩර් විශ්ලේෂණය කිරීමට නියමිතයි .
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අද සිට ජනවාරි මස 12 වනදා දක්වා එහි සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරන්නේ. ඒ අනුව සේවා ලබාගැනීම සඳහා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින ලෙස සේවාලාභීන්ට දැනුම් දී තිබෙනවා. එම කාර්යාලයේ මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව ද වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය නිවේදනය කළා . වෙළෙඳ නාවික ලේකම් කාර්යාල වෙනත් ගොඩනැගිල්ලක් වෙත රැගෙන යෑමට නියමිත බැවින් එම තීරණය ගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222