Author: VNews

වී වගාව ආශ්‍රීතව දිස්ත්‍රික්ක කිහිපයක මේ වන විට පවතින රෝග තත්ත්වයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පවසනවා. ගොයම් කහ පැහැ ගැන්වීම, කහ පුල්ලි රෝග තත්ත්වය මෙන්ම කීඩෑ උවදුර හා වටපණු රෝග තත්ත්වය වී වගාව ආශ්‍රීතව දක්නට ලැබෙන අතර මෙම රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිලධාරී කණ්ඩායම් එම රෝග තත්ත්වයන් පවතින ප්‍රදේශයන් වෙත යොමු කර එමම තත්ත්වයන් වළකා ගැනීමට අදාළ පියවර මේ වන විටත් ගනිමින් සිටින බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඊයේ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් දැනට…

තව කියවන්​න

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල් දුප්පත්කම ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකුව විසින් නිකුත්කරන ලද ”ග්ලෝබල් ඉකොනමික් ප්‍රොස්පෙක්ට් 2023” නම් වාර්තාවෙ ඒ බව සඳහන් කර තිබෙනවා. දුප්පත්කම හේතුවෙන් බොහෝ පවුල් පෝෂ්‍යදායි ආහාර සඳහා කරන වියදම් අඩුකර ඇති බව ද එහි සදහන්. එම වාර්තාවෙහි දැක්වෙන්නේ 2022 වසරේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය 9.2%කින් පමණ පහළ යා හැකි බවයි . ලෝක බැංකුව විසින් නිකුත්කරන ලද එම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ගලාඒම දුර්වල වීම හේතුවෙන් ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ආනයනයට බාධා පැමිණුනු බවයි . මේ හේතුවෙන් බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවත්…

තව කියවන්​න

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් මත්තල ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගංජා වගාකළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් අක්කර 10ක භූමියක් කුලියට ලබාගෙන ඉන් අක්කර දෙක හමාරක පමණ භූමි ප්‍රමාණයක නීතිවිරෝධී ලෙස ගංජා වගා කර ඇති බව සඳහන් . අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා .

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ,ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීම සම්බන්ධයෙන් රජයට සහාය දක්වන දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙම සාකච්ඡා සඳහා එක්ව සිටිනවා. කෙසේවෙතත් ආරම්භ කළ සාච්ඡා අවසන් නොමැති බවත් සාකච්ඡා නිම කිරීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ වදින ආකාරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි එම පක්ෂය වැඩිදුරටත් නිවේදනය කරන්නේ. මේ අතර ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා .…

තව කියවන්​න

5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, මේ වනවිට විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් අදියරට ළඟා වී ඇති බවයි. ඉදිරි දින දෙක තුළ එම කටයුතු අවසන් කිරීමට හැකි බව ද දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දෙසැම්බර් 18 වැනි දා පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 334,698ක්.

තව කියවන්​න

යුක්රේනය වෙත තවත් ආයුධ තොගයක් සැපයීමට පකිස්තානය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පතරොම් ඇතුළු යුද උපාංග තොගයක් සහිත බහාලුම් 159 ක්‍ යුක්රේනය වෙත මුහුදු මාර්ගයෙන් සැපයීමට පකිස්තානය සූදානම් වන බවටයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ. එම පතරොම් තොගය මේ මස මාසය අග භාගයේදී පකිස්තානයෙන් පිටත් කර හරිනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පකිස්තානයේ කරච්චි වරායේ සිට පෝලන්තයේ Gdansk වරාය වෙත යොමු කෙරෙන පතරොම් රැගත් බහාලුම් අනතුරුව පෝල්න්තය හරහා යුක්රේනයට සැපයීමට නියමිතයි. යුක්රේනයේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙකු ලෙසයි පකිස්තානය සැලකෙන්නේ. මීට පෙර පකිස්තානය බ්‍රිතාන්‍යය හරහා යුක්රේනයට ආයුධ සපයනු ලැබුවා. මේ අතර යුක්රේනයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් රුසියාව අවස්ථා කිහිපයකදීම…

තව කියවන්​න

තවදුරටත් මුඛ ආවරණ පැළදීම සිදු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා. ඒ ලොව පුරා නව ඔමික්‍රෝන් අණු ප්‍රභේදනයක් පැතිර යාම හේතුවෙන් . ඔවුන් කියා සිටින්නේ රටවල් අතර සංචාරය කරන පුද්ගලයින් හරහා මෙය පැතිරයාමේ අවධානමක් පැවතිය හැකි බවයි එමෙන්ම චීනයේ නැවත වරක් කෙරෝනා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන අතර ඔවුන් සැබැ තත්ත්වය වසන් කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

තව කියවන්​න

රාජගිරිය ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කඩකරමින් සම්මුඛ පරීක්ෂණ පැවත්වීම හේතුවෙන් . එම නියෝජිතායතනය විසින් නෙදර්ලන්තයේ ඇපල් වතුවල කම්කරුවන් ලෙස සේවය කිරීම සඳහා යවන බව පවසමින් සම්මුඛ පරීක්ෂණ සිදුකළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා . සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී වරද පිළිගනිම හේතුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ .

තව කියවන්​න

තම ප්‍රතිපත්තීන්ට එකඟ වන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ වුවද එකතු කර ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට අදාළව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ඊයේ(10) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ තම පක්සය තීන්දු තිරණ ගන්නේ රට වෙනුවෙන් බවත්ය. කෙසේ වෙතත් විපක්ෂය පොදුජන පෙරමුණට චෝදනා කරමින් සිටිනවා හැර රටට වැඩදායී වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිමට කයොතු නොකරන බවද ඔහු කියා සිටියා. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගෙන්නේ නම් එසේ වන්නේ රටේ සහ…

තව කියවන්​න

මෝදර, ලෙල්ලම, මුහුදු තීරයේදී ධීවර බෝට්ටු 07ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. අද අලුයම 01.30ට පමණ ගින්න සිදුව ඇති අතර හෙට්ටියාවත්ත ගිනිනිවීම් ඒකකයේ නිලධාරින් සහ පොලීසිය එක්ව ගින්න මැඩපැවැත් වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ගින්නෙන් තවත් බෝට්ටු එංජින් 02 ක් සහ ධීවර ආම්පන්න කිහිපයක් ද විනාශ වී ඇති බව සඳහන්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෝදර පොලීසිය විසින් සිදු කරනු ලබයි.

තව කියවන්​න