Author: VNews
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්ථානු කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 3ට කරච්චිහිදී ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හයක ජයක් ලබාගැනීමට සත්කාරක පකිස්තානු කණ්ඩායම සමත් වූවා. පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අවසන් වශයෙන් සහභාගි වූ එක්දින තරග පහම ජයග්‍රහණය කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් ව ූබව දෙමළ ජාතික සන්ධානය පවසනවා. අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය, දේශපාලන සිරකරුවන් පිළිබඳ සහ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ මින් පෙර පැවැති තත්ත්වයම අදත් පවතින බවයි. ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවලින් මාධ්‍ය වෙත දැක්වූ අදහස්
නව තනාපතිවරුන් තිදෙනකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ලෙබනන් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කපිල සුසන්ත ජයවීර මහතා පත් කිරීම සඳහා අනුමැතිය හිමිවූ බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කලේ. බහරේන් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් මහත්මිය පත්කිරීමටත් ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සහ අප්‍රිකානු සංගමයේ මෙරට නිත්‍ය නියෝජිතවරයා ලෙස කේ.කේ.තෙෂාන්ත කුමාරසිරි මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය හිමිවුණා.
විදෙස් ගමන් තහනම්ක් පනවා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි දෙකක් මත විදෙස්ගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද අවසර ලබා දී තිබෙනවා. මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපති වරයාගේ නීතිඥ වරයා සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කලා. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනවාරි මස 20 වැනිදා සිට තිස් වැනි දා දක්වා දින 10ක කාලයක් විදේශ ගත වීමට අවසර හිමි වී හිමිවුණා. කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහරදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා .
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගය පරාජය වීමට පන්දු යවන්නන්ගේ දුර්වලතා බලපෑ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පවසනවා . තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පන්දු රැකිමේදී ද විශාල වශයෙන් අතපසුවීම් සිදු වූ බවයි . ඒ හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ලකුණු සංඛාවක් කරා යාමට හැකිවූ බවද ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණු කරු සදහන් කළා . ගුවහාටි හි පැවැති පළමු එක්දින තරගයෙන් ඉන්දියාව ලකුණු 67 ක ජයක් ලැබීමට සමත් වුණා .
ප්‍රංශයේ නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් එරට ජනතාව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර තිබෙනවා. ලබන 19 වනදා සිට මෙම විරෝධතා පැවැත්වීමටයි ඔවුන් සූදානම් වන්නේ. 2030 වසර වන විට ප්‍රංශයේ අවම විශ්‍රාම වයස අවුරුදු 62 සිට 64 දක්වා ක්‍රමානුකූලව ඉහළ නැංවීමට අග්‍රාමාත්‍ය එලිසබෙත් බෝර්න්ගේ රජය සැලසුම් කර තිබෙනවා. මෙය නිවේදනය කිරීමත් සමඟ ඊයේ පස්වරුවේ එරට වෘත්තීය සංගම් රැස් වූ අතර දැවැන්ත උද්ඝෝෂණ හා වැඩ වර්ජන මාලාවක් සිදුකිරීමටයි ඔවුන් නියමිතව සිටින්නේ. ඒ අනුව ලබන 19 වනදා පැවැත්වෙන වර්ජන ක්‍රියාමාර්ගය එහි ආරම්භක පියවර වන අතර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුම් කරමින් සිටින බවයි ප්‍රංශ වාර්තා සදහන් කළේ.
ඇප මුදල් බාර ගැනීමට අදාළ චක්‍රලේඛය අවලංගු කිරීම පිළිබද බරපතල සැකයක් පවතින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කලේ මෙවැනි ක්‍රියාවන්ට සමබන්ධ නිලධරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවයි . අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා . මේ ඒ සමබන්ධයෙන් තවදුරටත් අදහස් පල කල පුබුදු ජයගොඩ මහතා
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු xට අද කැඳවා තිබෙනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව සදහන්. ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා . මේ අතර බාදාවකින් තොරව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සදහන් කළා .
විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. ඔහු පැවසුවේ, භාණ්ඩාගාරයේ මූල්‍ය තත්ත්වය හේතුවෙන් මුදල් බැංකු වෙත මුදා හැරීම ප්‍රමාද වූ බවයි. විශ්‍රාම වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියන 26 ක් පමණ වැය වනවා. මේ අතර මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ, රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට හා සමෘද්ධි ඇතුළු රජයේ සහනාධාර සඳහා අවශ්‍ය මුදල් ද නිශ්චිත දිනවල නිකුත් කිරීමට හැකි සෑම උත්සාහයක් ම ගන්නා බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරග කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළි දැක්වීම අද පස්වරු 3.00ට පැවැත්වෙනවා . ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දීයි. එම සන්ධානය නම් කර ඇත්තේ, නිදහස් ජනතා සන්ධානය ලෙසයි. නව සන්ධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ, හෙලිකොප්ටරය ඡන්ද ලකුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට කණ්ඩායම් ඉදිරිපත් කරන බවයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රමුඛ උත්තර ලංකා සභාගය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජාතික සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඇතුලු පාර්ශව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222