Author: VNews
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා. ඒ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගේ රැඳවුම් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහායි. අදාළ නියෝජිත කණ්ඩායමට එම කොමිසම් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි, අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු සිව් දෙනෙක් ඇතුළත්. නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම පවසන්නේ වසන්ත මුදලිගේ රඳවා සිටින ස්ථානය වොත ගොස් ඔහුගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂාවට ලක් කළ බවයි. ඒ අනුව රැඳවුම් තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳ මානව හිමිකම් කොමිසම බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. මේ අතර රැඳවියන් වෙත ලබාදෙන ආහාර සහ ඒවා…
අලුත්ගම කළුවාමෝදර පාලම මතදී අනතුරක් සිදුව තිබෙනවා. ඒ මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණි බස් රථ දෙකකින් – බස් රථයක් අපරික්ෂාකාරී ලෙස පාලම මතදී ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන්. අනතුරෙන් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කෙරුනා. අනතුරෙන් පසු එක් බස් රථයක රියදුරු සහ කොන්දොස්තර බස් රථය මහ මඟ දමා පළා ගොස් ඇති බවයි අලුත්ගම පොලීසිය පවසන්නේ. අනතුර හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අවහිර වී තිබුණා.
චීනයෙන් සිදුකෙරෙන කකුළුවන් ආනයනය තහනම් කිරීමට තායිවානය පියවර ගෙන තිබෙනවා. ඒ චීනයෙන් ආනයනය කරන ආහාර – අනාරක්ෂිත බවට චෝදනා කරමින්. චීනයෙන් ආනයනය කෙරෙන කකුළුවන්ගේ පිළිකාකාරක රසායනිකය අඩංගු බවයි තායිවානය පවසන්නේ. ඒ අනුව කකුළුවන් ආනයන තහනම වාර්තා වන්නේ චීනයේ නිෂ්පාදනය කෙරෙන ආහාර මෙන්ම උපාංග භාවිතයේදී පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් කතා බහට ලක්වෙමින් ඇති පසුබිමකයි. සෞඛ්‍ය හේතූන් මත තායිවානය මීට පෙර ද චීනයෙන් කකුළුවන් ආනයනය තහනම් කර තිබුනා. ජපානය, දකුණු කොරියාව, අමෙරිකාව සහ හොංකොං රාජ්‍යය ද එලෙස චීනයෙන් කකුළුවන් ආනයනය තහනම් කළ රටවල් අතරට අයත්.
පසුගිය 10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි දී වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවේ ඔහු කලහාකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ. එය පාලනය කිරීමට යාමේ දී ඇති වූ සිද්ධියක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව සඳහන්. ඔහු තෙල්වත්ත හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු වන 41 හැවිරිදි වියේ පසුවන්නෙක්. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
රුසියානු ජනපති විසින් යුක්රේන යුද්ධය මෙහෙය වූ ප්‍රධාන අණ දෙන නිලධාරීයා වන ජෙනරල් සර්ජි සුරෝවිකින් ධුරයෙන් පහකර තිබෙනවා. ඒ, රුසියාවේ යුධ අරමුණු සාක්ෂාත් කිරීමට ඔහු අසමත් වූ බවට චෝදනා කරමින්. ඒ වෙනුවට ජෙනරල් වැලරි ජෙරිස්මෝව් නව හමුදා ප්‍රධානියා ලෙස පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු හෝටල්වලට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගත් බවට පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එවකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව…
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුව ඕස්ටේරලියාවේ සිඩ්නි අධිකරණය විසින් කල් දමා ඇති බව වාර්තා වනවා. ඒ අනුව, එම නඩුව පෙබරවාරි මස 23 වැනිදා යළි කැඳවීමට නියමිත යි.
ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 33කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ(11) තණමල්විල්, තිස්ස පාර, සමාධි පටුමග ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදීයි. එහිදී ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 38 ග්‍රෑම් 450ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ එහි විථි වටිනාකම රුපියල් ලක්ෂ 33කට අධික බවයි. අත්අඩංගුවට ගත් සැකකරු බලහරුව, ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පමණ පුද්ගලයෙකු බවත්…
ගොවීන් නොමිලේ බෙදා දීම සදහා නිකුත් කරන ලද පොහොර තොගයක් සගවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ. ඒ මහකළුගොල්ල පොලිස් වසමේ හෙලමුල්ල, දෙමෝදර ප්‍රදේශයේ දී. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගොවින්ට බෙදාා දීම සදහා නිකුත් කරන ලද යුරියා කිලෝ ග්‍රෑම් 50 පොහොර මිටි 12 ක් සහ බයෝ ග්‍රීන් ෆාම් වර්ගයේ ලිටර් 01 ප්‍රමාණයේ දියර පොහොර කෑන් 536 ක් එහිදී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ තලපලකන්ද, බෙරලපනාතාර ප්‍රදේශයේ පදිංචි 57ත් හැවිරිදි පුද්ගලයෙක්.
කුලී පදනම මත අධික මුදල් ගෙවමින් පෞද්ගලික ස්ථානවල පවත්වාගෙන යන රජයේ සියලු කාර්යාල, රජය සතු ස්ථානවලට ගෙන යන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. එමෙන්ම සියලුම රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් දිනපතා නියමිත රාජකාරි එදිනම නිම කරන ලෙසත් , එසේ කරන්නේ ද යන්න සොයා බලන බවත් ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්. ඒ අනුව සියලු රාජ්‍ය ආයතනවල ජලය, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් , විදුලිපංකා, වායුසමන යන්ත්‍ර භාවිතය අවම කිරීමටත් කටයුතු කරන ලෙස සහ නිවාඩු දිනවල අතිකාල සඳහා සේවකයන් යෙදවීම සම්බන්ධයෙන් ද උපදෙස් දී තිබෙනවා. කෙසේ වෙතත් රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි රාජ්‍ය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222