Author: VNews

ජනතාව මුහුණදී සිටින ගැටළු වලට පිළිතුරු ලබා දී ඔවුන් සතුටු වන ලෙස  කටයුතු  කිරීමට තම පක්ෂය සුදානම් බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසන්නේ තම පක්ෂය සෑම  විටම ජනතාවගේ පාර්ශවයේ සිටිමින් වුන්ට සහන ලැබිය යුත් බව තරයේ  විශ්වාස කරන බවයි. එමෙන්ම ජනතා ගැටලුරෑවලට විසඳුම් ඉල්ලා ඉදිරියේදී විරෝධතා ආරම්භ කිරීමටද අතම පක්ෂය සුදානම් බවයි ඒ මහතා පවසන්නේ.

තව කියවන්​න

මේ වන විට බිත්තරයක නිෂ්පාදන මිල අඩු වී ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ මේ වන විට බිත්තරයක නිෂ්පාදන මිල පිළිබඳ අවසන් මිල ගණන් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමත බවයි. පසුගියදා බිත්තරයක මිල රු 70 වේ සීමාවට ආසන්න වී තිබුණේ නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බවට බිත්තර ව්‍යාපාරිකයින් ප්‍රකාශ කිරීමත් සමඟයි. මේ අනුව සත්ත්ව නිෂ්පාදන මිල අඩු වීමත් සමඟ බිත්තරයක් රු 50කට අඩුවෙන් අලෙවි කිරීමට හැකියාවක් පවතින බවයි. අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියේ එමෙන්ම මෙරට වෙළඳපොලේ බිත්තර මිල ඉහළ යාමත් සමඟ විදේශීය රටවල් වලින් බිත්තර මෙරටට ගෙන්වීමට රජය මේ…

තව කියවන්​න

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සභාපතිවරයා කියා සිටියේ, දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික් ලේකම්වරු සිව්දෙනකු විශ්‍රාම යාම, සංඛ්‍යාලේඛන නිලධාරීන් 17 දෙනෙකු ස්ථාන මාරු වීම, ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරීවරුන් 9 දෙනෙකු ස්ථාන මාරු වීම සහ සහකාර හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ රාජකාරි සමග කාර්ය බහුල වීම ඇතුළු හේතු හමුවේ මෙම ප්‍රමාද වීම සිදු වන බවයි. පෙබරවාරි 28 වැනි දා වනවිට සිය කමිටුවේ අවසන් වාර්තාව රජයට භාර දිය යුතු වුවත් පවතින තත්ත්වය හමුවේ එය ලබන මාර්තු මස අවසානය දක්වා ප්‍රමාද වීය හැකි…

තව කියවන්​න

75 වන ජාතික නිදහස් දින උත්සවය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙදී පැවැත්වුනා. නමෝ නමෝ මාතා සියවසකට පියවරක් යන තේමාව ඔස්සේ මෙවර ජාතික දිනය සැමරෙන බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ. මෙම ජාතික දින උත්සවයේදී වෙනත් වසර වලට වඩා වෙනස්කම් රැසක් සිදුකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ අනුව උත්සවය පැය එකහමාරකට සිමා කර තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව උත්සවය අතරතුර සිදු නොවන අතර එය සවස් කාලයේදී සිදු කිරීමටයි කටයුතු සිදුකර ඇත්තේ. එමෙන්ම ජාතික ගිය ආරම්භය සිංහලෙන් ගයනා කර අවසානයේ දී දෙමල භාෂාවෙන් ගායනා කිරීමටද මෙහිදී අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා…

තව කියවන්​න

ඉන්දියාව සත්කාරකත්වය දරණ වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමුඵව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සහභාගි වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සූම් තාක්ෂණය ඔස්සේ සමුඵවට සහභාගි වීමට නියමිත බවයි. බංග්ලාදේශ අග්‍රමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඇතුඵ රාජ්‍ය නායකයින් විසි දෙනෙකු මෙම සමුඵවට සහභාගී වනු ඇති. ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සහ හෙට මෙම සමුඵව පැවැත්වෙනවා. ඒ සඳහා ඇන්ගෝලියාව, ඝානා රාජ්‍යය, නයිජීරියාව, මොසැම්බික් මෙන්ම අප්‍රිකානු රටවල නායකයින් ද සහභාගි වීමට නියමිතයි.

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බෝම්බකරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණි පිපිරීම සිදුකර ගැනිමටයි උත්සාහකර ඇත්තේ. පිපිරීම සිදුවූ ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාලය පිහිටා තිබෙනවා. අයි.එස්.අයි.එස්.කේ නමින් හඳුන්වනු ලබන ත්‍රස්ත සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගයේදී අද(12) පැවැත්වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මේ වන විට එක් තරගයක් ජයග්‍රහණය කරමින් ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන තිබෙනවා. තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් ඳරවා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනවා. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංක ආබාධ තත්ත්වයක් හේතුවෙන් එක්ස් කිරණ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. යම් හෙයකින් ඩිල්ෂාන් අද තරගයට ක්‍රීඩා නොකරන්නේ නම් ඒ් වෙනුවෙන් දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කණ්ඩායමට ඒක්වීමට බොහෝ දුරට අවස්ථාව ඇති බවයි වාර්තා…

තව කියවන්​න

යාපනය, නුවර ප්‍රධාන මාර්ගයේ මාන්කුලම ප්‍රදේශයේදී බිත්තර පැටවු කුඩා ලොරි රථයක් මාර්ගය ආසන්නයේ නවතා තිබු තවත් ලොරි රථයක ගැටී තිබෙනවා. අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි මාන්කුලම පොලිසිය පවසන්නේ. බිත්තර පැටවු කුඩා ලොරි රථය වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව තිබුනා. තුවාල ලබා ඇත්තේ එහි රියදුරු හා රිය සහයකයායි. තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසූවේ ලොරි රථයේ තිබු බිත්තර සියල්ල විනාශ වි ගොස් ඇති බවයි. (වවුනියාව – මාධව කුලසූරිය)

තව කියවන්​න

ලංකා සතොස තවත් භාණ්ඩ වර්ග හතරක මිල ගණන් පහත දමා තිබෙනවා. මෙලෙස මිල අඩු කර ඇත්තේ තිරිඟු පිටි, සම්බා සහල්, දේශීය සුදු කැකුළු සහ දේශීය නාඩු සහල්ය. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් පහකින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 240ක්. මෙතෙක් රුපියල් 225කට අලෙවි කෙරුනු සම්බා සහල් කිලෝවක් රුපියල් 220ක් දක්වා රුපියල් පහකින් අඩු කර තිබෙනවා. දේශීය සුදු කැකුළු රුපියල් 16කින් අඩු කර ඇති අතඑ එහි නව මිල වන්නේ රුපියල් 189ක්. මේ අතර දේශීය නාඩු රුපියල් දෙකකින් පහත දැමීමත් සමග රුපියල් 198ක් දක්වා මිල අඩු වී තිබෙනවා.

තව කියවන්​න

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු හෝටල්වලට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගත් බවට පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් – මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ  රාජ්‍ය සේවයේ හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින්…

තව කියවන්​න