Author: VNews

පෙබරවාරි මස 4 වනදා පැවැත්වෙන 75 වන නිදහස් සැමරුම සහ ඊට සමගාමී වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි විස්සක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කළා. මෙවර නිදහස් දින සමරුව පැය එකහමාරකට සීමා කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයා සිදු කෙරෙන් ජාතිය ඇමතීම එහි දී සිදුනොකිරීමටයි තීරණය කර ඇත්තේ. නිදහස් දින සැමරුම ආරම්භයේ දී සිංහල භාෂාවෙනුත්, අවසානයේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට නියමිතයි. නිදහස් දින සැමරුමට සමගාමීව මාර්තු මස 04 වන දා දළඳා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන බවයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත මහතා සඳහන් කළේ.

තව කියවන්​න

දෙමළ ජනතාවගේ ගැටළුවෙනුවෙන් ස්ථිර විසදුමක් ලබාදීමට සියළු දෙමළ දේශපාලන පක්ෂ එක්විය යුතු බවට ඉල්ලීම් කරමින් වේලුපිල්ලේ මාධව මේජර් නමැති පුද්ගලයෙකු අඛණ්ඩව සිව්වන දිනටත් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පැවැත්වු උපවාසය අත්හැර තිබෙනවා. ඒ දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එක්ව දෙමළ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් කටයුතු කරන බවට පොරොන්දුවක් ලබාදීමේ එකඟතාවකට අනුවයි. දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පොරොන්දුවීමත් සමඟ උපවාසකරු සිය උපවාසය අත්හළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝගරාදලිංගම් මහතා සඳහන් කළා. දෙමළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්,දෙමළ ජනතාවගේ භූමිය වෙනුවෙන් හා දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් දෙමළ දේශපාලන නායකයින් එක්විය යුතු බවට තමන් ඉල්ලීම් කරන බවයි උපවාසකරු පැවසුවේ. උපවාසයේ නිරතව සිටින පුද්ගලයා රැදී සිටින ස්ථානයේ…

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4කදී ලකුණු 215කට සියලුම දෙනා දවා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වූවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවනිදු ප්‍රනාන්දු සිය මංගල තරගයේදී ලකුණු 50ක් ලබාගැනීමට සමත් වූවා. කුසල් මෙන්ඩිස් ලකුණු 34ක්ද දුනිත් වෙල්ලාලගේ ලකුණු 32ක්ද ලබාගැනීමට සමත් වූවා. වනිදු හසරංගට ලබාගත හැකි වූයේ ලකුණු 21ක් පමණයි. ලකුණු 20ක් ලබාගැනීමට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් වූවා. සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසුකර යාමට සමත් වූයේ නැහැ. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහම්මඩ් සිරාජ් කඩුලු තුනක්ද…

තව කියවන්​න

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයා ගෙන තිබෙනවා. නාසා ආයතනය නිවේදනය කළේ James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන ඇති බවයි. LHS 475 b ලෙස විධිමත් ආකාරයෙන් එය වර්ගීකරණය කර තිබෙනවා. නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 42ක පමණ දුරින් පිහිටා ඇති බවටයි ගණනය කර ඇත්තේ. නාසා ආයතනය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර බවයි. මෙම ග්‍රහලෝකයේ විශාලත්වයද පෘථිවි විශාලත්වයෙන් සියයට 99ක් පමණ වනවා. පෘථිවියේ සිට එම ග්‍රහලෝකය වෙත යානයක් යැවීමට වසර 100ක පමණ කාලයක් ගතවනු ඇති බව සඳහන්. නව ග්‍රහලොව හඳුනා ගැනුණු ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය – ලොව ප්‍රමුඛතම අභ්‍යවකාශ විද්‍යා නිරීක්ෂණාගාරය ලෙසයි හැඳින්වෙන්නේ.

තව කියවන්​න

පළාත් පාලන ආයතන කිහිපයක් සදහා දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් කිහිපයක් අද දිනයේද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. බදුල්ල හා බණ්ඩාරවෙල මහ නගර සභා මෙන්ම හපුතලේ නගර සභාව ද ඊට අයත්. එමෙන්ම මහියංගනය, රිදීමාලියද්ද, සොරනාතොට, මීගහකිවුල, කන්දකැටිය, පස්සර, ලුනුගල, බදුල්ල, හාලිඇල, ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ හා හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය සභා සඳහාද ඇප තැන්පත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය කුරුණෑගල දිස්ත්‍රිකුකයේ පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කළා. ඒ කුරුණෑගල මැතිවරණ කාර්යාලයේදී.

තව කියවන්​න

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි හෂීස්ගේ නිල කාමරය එහි සේවකයින් විසින් වටලා තිබෙනවා. ඒ, පසුගිය වසරට අදාළව ප්‍රසාද දීමනා ලබාදීමට පාලනාධිකාරිය කටයුතු නොකරන බවට චෝදනා කරමින්. 2022 වසරේ ලක්ෂ 3කට වැඩි පිරිසක් විදෙස් ගත කිරීම සිය කාර්යාංශය විසින් සිදුකර ඇති බවයි සේවකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව අදාළ ප්‍රසාද දීමනා ලබාදීමේ ගැටලුවක් පාලනාධිකාරියට නොමැති බවත් ඔවුන් අවධාරණය කළා. ඊට සාධණීය විසදුමක් ඉදිරි දින කිහිපයේ දී ලබාදෙන බවටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා පොරොන්දු වී ඇත්තේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් ඒ.ඒ.එම්.හිල්මි මහතා පසුගිය 09 වනදා රාජකාරි කටයුතු ආරම්භ කලා. ඒ මහතා මෙයට පෙරද කාර්යාංශයේ සභාපති තනතුර…

තව කියවන්​න

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශා කරඳන – රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින්. ලිංගික දර්ශන සහිත වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර ආශූ මාරසිංහ මහතාගේ රුපියල් මිලියන 100ක ඉල්ලා සිටි බවට ලද චෝදනාවක් සම්බන්ධයෙන් ආදර්ශා කරඳන ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

තව කියවන්​න

සමෘද්ධිලාභීන්ගෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් ඊට නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්ෂණයකදී  හෙළිව තිබෙනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුයේ සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම කටයුතු සිදු නොවන බවයි. ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගනිමින් ලේඛනයක් සකස් කිරීම සඳහා දත්ත ලබාගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව සඳහන්. සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිදබවකින් යුතුව එම කටයුතු සිදුකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද යෝජනා කර තිබෙනවා. ඒ අනුව එහි වගකීම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට පැවරෙනු ඇති.

තව කියවන්​න

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමග සහ හෙරොයින් සමග කාන්තාවක් හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 520ක් සහ හෙරොයින් ග්‍රෑම් 202ක්, විද්‍යුත් තරාදියක් සහ බැංකු පොත් තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකාරිය, පසුගියදා හංවැල්ල ආපන ශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඩුබායි හි සැඟව සිටින ලලිත් කන්නංගර නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් බවටද අනාවරණ වී තිබෙනවා. අදාළ සැකකාරිය පදිංචි නිවස වෙත පැමිණෙමින් සිටියදී පරීක්ෂා කිරීමේදී ගමන් බෑගය තුළ තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. පොලිසිය කියා සිටියේ…

තව කියවන්​න

දික්ඔය මුලික රෝහල ඉදිරිපිට එම රෝහලේ සේවය කරන සමස්ත ලංකා හෙද සංගමයේ සමාජිකයන් කැම පැයේ උද්ඝෝෂණයක නිරත වුනා. බැංකු ණය පොලි අනුපාත අඩු කිරිම, උපයන විට ගෙවන බද්දෙන් සෞඛ්‍ය සේවය නිදහස් කිරිම, විදුලි බිල අඩු කිරිම, රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ ලබා දි හෙද උසස්විම් විෂමතා ඉවත් කිරිම, රෝගින්ට ඖෂධ – ඖෂධ උපකරණ – ආහාර සහ පරික්ෂණ ප්‍රමාණවත්ව ලබාදිම සහ වැඩ පිඩනය අඩු කිරිම යන කරුණු මුල් කරගෙන උද්ඝෝෂණය ක්‍රියාත්මක කර තිබුනා. සමස්ත ලංකා හෙද සංගමයේ සමාජිකයන්ගේ එම උද්ඝෝෂණයට දික්ඔය මුලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින්ද එක්ව තිබෙනවා. (හැටන් – රංජිත් රාජපක්ෂ)

තව කියවන්​න