Author: VNews

හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ (13) දින ගින්නක් හටගෙන තිබෙනවා. අක්කර 23 ක් පමණ වු වන වගා රක්ෂිතයේ අද (13) පෙරවරු 11 ට පමණ හටගෙන ඇති ගින්න රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ. මධ්යනම කඳුකරයේ බටහිර බැවුම් ප්ර දේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග හැටන් රුවන්පුර මාර්ගයේ ගමන් ගන්නා කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් සැකකරන්නේ. වන වගා රක්ෂිතයට ගිනි තැබිමෙන් පසු වන වගා රක්ෂිතයේ වගා කර ඇති යුකෙලෙප්ස්ටික් ගස් වියළි යන බවත්, පසුව එම වියළි ගිය…

තව කියවන්​න

කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා ලීටර් මිලියන 1.1ක් ලබා දී තිබෙනවා. ඒ අනුව බලාගාරයේ මෙහෙයුම් කටයුතු හෙට දිනය දක්වා පවත්වාගෙන යා හැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා. නැප්තා ලබා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතිනවා.

තව කියවන්​න

වන අලියෙකු ගැටීම හේතුවෙන් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපැනීමකට ලක්ව තිබෙනවා. අද අලුයම අනතුර සිදුව ඇත්තේ හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී. අද අලුයම සිදුවූ මෙම අනතුර හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැක. හබරණ ගල්ඔය ප්‍රධාන දුම්රිය මාර්ග‍යේ දී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සිග්‍රගාමි දුම්රියේ වනඅලියා ගැටී ඇති අතර දුම්රියේ ඉදිරිපස එන්ජීම පිලිපැන තිබෙනවා. අනතුර හේතුවෙන් මාර්ගයට හානි සිදුවුනා. මිය ගිය වනඅලියා ට අවුරුදු 20ක් පමණ විය හැකි බව වනජීවි නිලධාරීන් පවසනවා. දුම්රිය ගමනාගමනය ඇණ හිටීමෙන් සා පීඩාවට පත් වූ මගීන් පොලීසිය විසින් බස්රථවලින් පිටත් කර ‍යැවීමටයි පියවර ගෙන ඇත්තේ. කවුඩූල්ල සහ මින්නෙරිය වන උද්‍යානවල වනඅලින් මෙසෙ දුම්රිය මාර්ගය…

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(12) සමත් වූවා. ඒ දෙවන තරගයෙන් කඩුලු හතරක විශිෂ්ඨ ජයක් ලබාගැනීම හේතුවෙන්. දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4කදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 215ක් පමණයි. සිය මංගල එක්දින තරගයට එක්වූ නුවනිඳු ප්‍රනාන්දු මංගල තරගයේදීම පළමු අර්ධ ශතක රැස් කරමින් ලකුණු පනහක් ලබාගැනීමට සමත් වූවා. කුසල් මෙන්ඩිස් ලකුණු 34ක්ද දුනිත් වෙල්ලාලගේ ලකුනු 32ක්ද ලබාගැනීමට සමත් වූවා. වනිඳු හසරංග ලකුණු…

තව කියවන්​න

ශ්‍රී ලංකාව ආශ්‍රිතව තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා  නීතිමය රාමුව අවසන් කර තිබෙනවා. ඊට අදාළ ආයෝජන සඳහා රෙගුලාසිවලට අත්සන් කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ. ට්විටර් පණිවිඩයනක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, රට වට විහිදුණු මුහුදු තීරයේ හඳුනාගෙන ඇති ස්ථාන 900ක මෙම ගවේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) අපේක්ෂා කෙරෙන බවයි.

තව කියවන්​න

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලද මොණරාගල කොට්ඨාස භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමට ලක්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ ජාතික පොලිස් කොමිසන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතාගේ නිල නිවසේ තිබී වියළිම පිණිස සකස් කරන ලද ගංජා පැල 650කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද සෝදිසි කිරීමකදී සොයා ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඔහුගේ නිල රියදුරු වශයෙන් කටයුතු කරන ලද පොලිස් කොස්තාපල්වරයෙක්, නිවසේ රාජකාරී කරන ලද පොලිස් සැරයන්වරයෙක් සහ…

තව කියවන්​න

ගාස්තු ඉහළ නොදැමුවහොත් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය මුදල මණ්ඩලය විසින් සපයා ගත යුතුව ඇති බවයි. එමෙන්ම පවතින මූල්‍ය අර්බුදය පියවා ගැනීමට ඇති අවම හානි දායක ක්‍රමය ගාස්තු ඉහළ දැමීම බවද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා. මේ අතර පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් අදත් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා. මේ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා වූ කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20 ක් ද වශයෙන් විදුලි…

තව කියවන්​න

මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර, බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට කුරේ මහතා 74 වන වියේ පසු වූවා. වාද්දුව ප්‍රදේශයේ හෝටලයක ඊයේ(12) රාත්‍රීයේ පැවැති රැස්වීමකින් පසුව ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වය හේතුවෙන් හිටපු මහ ඇමැතිවරයා පළමුව පානදුර මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර තත්ත්වය බරපතල වූ හෙයින් කළුතර ශීක්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. එහිදී හිටපු මහ ඇමැතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකත්වය දරන්නේද රෙජිනෝල්ඩ් කුරේ මහතායි.

තව කියවන්​න

ගංජා සිද්ධියට ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාත් අත්අඩංගුවට ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650 කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයා ගැනුණා. මේ අනුව එම සිද්ධියට අදාළව මොණරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබුණා. මොණරාගල කොට්ඨාසය භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රාජකාරි – තහනම ට ලක් කර තිබෙනවා.

තව කියවන්​න

නිසිකලට තීන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පිරිවෙන් ගුරුවරුන් පිරිසකට වසරකට අධික කාලයක සිට වැටුප් නොලබා සේවය කිරීමට සිදුව ඇතැයි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය පවසනවා. එහි ලේකම් පුජ්‍ය මිගහජඳුරේ සීලානන්ද හිමියන් සඳහන් කළේ, පිරිවෙන් ගුරුවරුන් 247 දෙනෙකු මෙම අසාධාරණයට ලක්ව ඇති බවයි. මෙම ගුරුවරුන්ට හිමි වැටුප් ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළ ද බලධාරීන් ඊට විසඳුම් ලබා නොදෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ. පරිවේණාචාර්ය සේවය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්ද ගැටලු රැසක් පැන නැගී ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ මෙරට පිරිවෙන් 850කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර එහි සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 6500කට අධිකයි.

තව කියවන්​න