- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: VNews
වසර 41කට පසුව හටගෙන ඇති ඉහළම උද්ධමනය හේතුවෙන් ජපානයේ ජීවන වියදම ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ඉහළ යමින් පවතින උද්ධමනය හේතුවෙන් ජපානයේ ආහාර ,ඉන්ධන සහ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. ජනතාවට බලපා ඇති පීඩනය අවම කරලීම සඳහා ජපානයේ මහ බැංකුව සිය පොලී අනුපාතයන් අවම මට්ටමක තබා ගැනීමට පියවර ගෙන තිබෙනවා . එමෙන්ම ආයෝජකයන් සඳහා වන පොලී අනුපාතය ද සියයට 0 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සදහන් . මේ අතර වැඩිවන නිෂ්පාදන වියදම හේතුවෙන් සිය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් අධික ලෙස ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. වෙළෙඳසල් පාරිභෝගිකයන්ගෙන් භාණ්ඩ සඳහා…
නැඳුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එම සිරුර සංරක්ෂණය සදහා මහනුවර ගැටඹේ විහාරය,බෝගම්බර බන්ධනාගාර භූමිය,අස්ගිරි විහාරය යන ස්ථාන යෝජනා වී තිබුනා. නමුත් ස්ථාන තුන සම්බන්ධයෙන් ගැටලු පැන නැගීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සදහන් . අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ කෞතුකාගාර නිලධාරීන් එම ස්ථාන අද නිරීක්ෂණය කළා. ඒ අනුව තීරණය කර ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරය තුළ එම සිරුර සංරක්ෂණය කිරීමටයි .
විද්‍යා පීඨ ඩිප්ලෝමාව අවසන් කළ 8,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන් දිවයිනේ පුරප්පාඩු පවතින පාසල් වෙත අනියුක්ත කරන බවයි. විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රිසි යන විෂයන්ට අදාලව පාසල් රැසක පුරප්පාඩු පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා .ලබන පාසල් වාරයට පෙර මෙම පිරිස ගුරු සේවයට බඳවා ගැනෙනු ඇති. ඒ සඳහා මැතිවරණ කොමිසමේ ද අනුමැතිය ලබාගත් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කලේ .
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට හෙට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වනවා . පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා බාරගැනීමද අද දහවල් 12.00න් අවසන් වුනා. මේ අතර නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට පස්වරු 01.30 දක්වා පැය එක හමාරක කාලයක් ලබා දුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේ .
ඕමානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් මේජර් ජෙනරාල් ඉද්රිස් අබ්දුල්ලා රහමන් ඉන්දියාවට පැමිණ තිබෙනවා . ඒ සිව්දින නිල සංචාරයක් සදහායි. එහිදී ඔහු ඉන්දියාවේ පැවැති ඉන්දු – ඕමාන උපායමාර්ගික සංවාදය සදහා සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවර පැවැත්වුණේ එහි අටවන අදියරයි. එහිදී උපායමාර්ගික හවුල්කාරීත්වය ඔස්සේ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට අමතරව ද්විපාර්ශවික උපාය මාර්ග සහ ආරක්ෂක සහයෝගිතාව මෙන්ම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද එහිදී දෙපාර්ශවයේ අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම ඉන්දියාව සහ ඕමාන නියෝජිතයන් එහිදී ත්‍රස්තවාදයේ සියලු ප්‍රකාශන තරයේ හෙළ දැක ඇති අතර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සදහා සාමූහිකව කටයුතු කිරීමේ…
නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා . නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් මෙන්ම ජනතාවට පීඩා නොවන ලෙසත්,මැතිවරණ නීති උල්ලංඝණය නොවන ලෙසත් ක්‍රියා කරන මෙන් සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, එමෙන්ම ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ද ප්‍රකාශ කළේ,සියලු දෙනා මෙම මැතිවරණය සාමකාමීව පවත්වා ගැනීමට සහය දක්වන ලෙසයි . ඔහු පැවසුවේ රථ පෙළපාලි මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන ආකාරයේ ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම වැදගත් බව යි .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී නැවතත් තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විදේශගත වීම සඳහා වීසා ඇතුළු ලියකියවිලි සූදානම් කරමින් සිටින බව සදහන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී දේශපාලනය නොකරන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක් ඒ පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂ සහ අලුත් පෙරමුණු වටා ඒකරාශී වෙමින් සිටිනවා . මේ අතර පොදුජන පෙරමුණ මැතිවරණය සුදානම් බව එම පක්ෂයේ ්පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා . එමෙන්ම ඕනෑම අභියෝගයකට මුහුණ දෙන බවයි හිටපු ජනාධිපති ,ශ්‍රී ලංකා නිදහස්…
පවතින තත්වයෙන් රට ගොඩ ගැනීමටනම් අඩුවෙන් නිවාඩු ගෙන වැඩියෙන් වැඩ කරනා ක්‍රමවේදයක් සකස් කල යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු සඳහන් කරන්නේ නායකයා ලෙස තමන් එම ආදර්ශය ලබා දීමට සුදානම් බවයි. මොරවැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කලා.
ඩුබායි, ඕමාන් හා රුමේනියා යන රටවල රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 41කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා. ලද පැමිණිලි මත කළ විමර්ශනවලින් පසු සැකකරු ඒකල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා . එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 46 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි . මේ අතර නීතිවිරෝධී ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයින් රැගෙන එන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට එරට මානව සම්පත් අමාත්‍යවරයා තමන්ට සහතික වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඉදිරියේ දී ශ්‍රී ලංකාවට එරට රැකියා අවස්ථා…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබෙනවා . මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලයේ ද අවශ්‍යතා මත මෙම තීරණය ගත් බවයි. මේ අතර, අද සහ හෙට පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222