- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: VNews
මෙරට වායු දූෂණ මට්ටම සාමාන්‍ය අගයට වඩා යළිත් ඉහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පවසනවා. එම තත්ත්වය අද දිනයේ දී ද පවතින බවයි ඔහු පැවසුවේ . කෙසේවෙතත් හෙට දිනයේ දී යළිත් වායු මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව සරත් ප්‍රේමසිරි මහතා සදහන් කළා . මේ අතර දිවයිනේ දකුණු අර්ධයේ බස්නාහිර, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණ පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතයි. පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ 78,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව තිබෙනවා. හෙට ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි 17 වැනිදා අවසන් වනවා . මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ අද දිනය තුළ විභාග මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවයි. එමෙන්ම විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි විභාග කොමසාරිස් වරයා සඳහන් කළෙ.් මේ…
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ධුරයෙන් නෙරපා හරිමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා. ඒ, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් . එම ගැසට් නිවෙදනයෙහි දැක්වෙන්නේ 2023 වසරට අදාළ කුරුණෑගල මහ නගර සභා අය වැය පරාජයට පත්වීම, හේතුවෙන් ඔහු මෙලෙස ධූරයෙන් ඉවත් කරන බවයි . ඒ අනුව, 2022 වසරේ දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ධූරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකන බව ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙනවා . එමගින් පුරප්පාඩු වන නගරාධිපති ධූරයේ රාජකාරි ආවරණය කිරීමේ වගකීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත පවරා තිබෙන බව සදහන්. මේ අතර තුෂාර සංජීව විතාරණ මහතා ඉදිරි පළාත්…
බ්‍රසීල හමුදාපතිවරයාව එම ධුරයෙන් පහකර තිබෙනවා. එරට ජනපති ඉන්සියෝ ලුලා ද සිල්වා විසින් එම නියෝගය නිකුත් කර තිබුනා. ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රසීල හමුදාපති ජෙනරාල් ජුලියෝ සීසාද අරූඩා ව එම ධුරයෙන් නෙරපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රජයට එරෙහිව ක්‍රියාත්මකවූ විරෝධතා පාලනය කිරීමට ක්‍රියා නොකිරීම සහ විරෝධතාකරුවන්ට සහාය පළකිරීමේ චෝදනා හේතුවෙන් ඔහු ධුරයෙන් පහකර ඇති බව සඳහන් . ඒ අනුව බ්‍රසීලයේ නව යුද හමුදාපතිවරයා ලෙස ජෙනරාල් තෝමස් මිගෙල් රිබෙයිරෝ පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් කරනවා.
මාතර වැලිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ත්‍රිරෝද රථයේ ගමන්ගත් තවත් පුධලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද උදෑසන 6.45ට පමණ මෙම අනතුර සිදුව ඇත.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නව ආණ්ඩු ප්‍රතිසංස්කරණ සැළසුම්වලට එරෙහිව පවතින විරෝධතා අඛන්ඩව තුන්වන සතියටත් ක්‍රියාත්මක බව වාර්තා වනවා. විරෝධතාකරුවන් පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් එල්ල විය හැකි බවයි. එක්ලක්ෂ විසි දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් මෙම විරෝධතාවට රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. පසුගියදා පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණි බවයි එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. සංචාරකයින් සඳහා නව කොවිඩ් පාලන ක්‍රමවේද හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය 17 වැනිදා කටයුතු කළ අතර එය පසුව, 20 වනදා දක්වා කල් දැමීමට පියවර ගනු ලැබුවා. පසුගියදා පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළව ඇත්තේ යම් හෙයකින් මෙලෙස නීති මාලාවක් හඳුන්වා දෙන්නේනම් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා පමණක් එය ක්‍රියාත්මක කිරීමටයි.
සුළු නඩත්තුවක් සඳහා අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය මේ වනවිට යළිත් පූර්ණ ධාරිතාවයෙන් යළිත් ජාතික පද්ධතියට එක් කර තිබෙනවා. මේ අතර කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද අලුයම සිට අක්‍රීය කර ඇති බව වාර්තා වනවා. ඒ විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත් තරම් නැප්තා සංචිත නොමැතිවීම හේතුවෙන්. කෙසේ වෙතත් ඒ සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක ධාරිතාවක් අහිමි වූ බව සඳහන්.
පසුගිය සතිය වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට බින්දුවයි දශම දෙකකින් ස්ථාවර වී තිබෙනවා. එමෙන්ම යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 1.5 කින් රුපියල අවප්‍රමාණ වී ඇති අතර, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව ද සියයට 1.0 කින් අවප්‍රමණ වී ඇති බව සඳහන්. මීට අමතරව ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 1.8 කිනුත් ජපන් යෙන් ඒකකයට සාපේක්ෂව සියයට 2.4 කිනුත් රුපියල අවප්‍රමාණ වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සතියේ නිකුත් කළ ආර්ථික තත්වය පිළිබඳව වාර්තාවක දැක්වෙන්නේ.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි අතර ශීත කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. එමෙන්ම සෙසු ප්‍රදේශවල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222