Author: VNews

වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතූරක් මත ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති අතර මිරිහාන ගංගොඩවිල ප්‍රදේශයේ නිවසක සිටියදී එම පුද්ගලයා හමු වූ බව සඳහන්. අදාළ සැකකරු 40 හැවිරිදි නයිජීයානු ජාතිකයෙක් වන අතර ඔහු සතුව තිබී ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සැකකරු යම් අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. එමෙන්ම ඔහු අද ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

තව කියවන්​න

පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ගාල්ලේ සිට පැමිණි සමුද්‍රදේවී දුම්රිය අද පෙරවරුවේ කළුතර දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ . මේ හේතුවෙන් කොළඹ කොටුව බලා පැමිණීමට නියමිත දුම්රිය දෙකක් ප්‍රමාද වී ධාවනය වනු ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

සෞඛ්‍ය වෘත්තීකයින් විදේශගත කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මෙම කටයුතු සිදුවන බවයි. රජය විසින් සිදුකළ යුතු ආදාළ කටයුතු වෙනත් පාර්ශයන්ගේ මැදිහත් වීමෙන් විවිධ තැරැව්කරුවන් හරහා සිදුකරන බවට සාක්ෂි ද පවතින බව සඳහන්. කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ.

තව කියවන්​න

උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වනවා. ඔහු ලබන 27 වැනිදා දක්වා එරට රැදී සිටීමට නියමිතයි. සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් අල් සවුද් ගේ ආරාධනයකට අනුව මෙය සිදු කෙරෙනු ඇති . අලි සබි්‍ර මහතා සෞදි විදේශ අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා. ඔහු ඉස්ලාමීය සංවර්ධන බැංකුව. ඉස්ලාමීය සහයෝගීිතා සංවිධානය, ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ නියෝජිතයන්, මක්කම සහ මදීනා අණ්ඩුකාරවරුන් හමුවිී සාකච්චා පවත්වනු ඇති .

තව කියවන්​න

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ කාපට් ඇතිරීම හේතුවෙන් එහි එක් මංතීරුවක වාහන ධාවනය හෙට සිට තාවකාලිකව නතර කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය පෙන්වා දෙන්නේ හෙට සිට පෙබරවාරි මස පළමු වැනිදා දක්වා අදාළ කොටසේ වාහන ධාවනය සිදුවන්නේ එක් මංතීරුවක පමණක් බවයි . මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වු කොටසේ දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා . ඒ අනුව මහනුවර සිට පැමිණෙන වාහන මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ පැමිණ කුරුණෑගල දක්වා ගමන් කර මීරිගම…

තව කියවන්​න

අද සිට කළු විරෝධතා සතියක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ රට තුළ පවතින ඖෂධ හිගය ඇතුළු කරුණු තුනක් මුල්කරගනිමින් පසුගියදා මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට ද කටයුතු කළ බවයි. තමන් රජය වෙතද යෝජනාවලියක් ඉදිරිපත් කළද ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකළ බවද හරිත අලුත්ගේ මහතා කියා සිටියා. මේ අතර විනිසුරුවරුන් දඩයමට එරෙහිව සහ නීතිඥවරුන් මර්ධනයට එරෙහිව විරෝධතාවක් අද පැවැත්වීමට නීතිඥවරුන් තීරණය කර තිබෙනවා. කොළොඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද පස්වරු 1.00 ට එය පැවැත්වීමට නියමිතයි. කළු කබා අරගලය යන නමින් එය පැවැත්වෙනු ඇති .

තව කියවන්​න

තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමේ කාලසීමාව අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන්වීමට නියමිතයි. තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමේ කාලසීමාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර එම කාලය කිසිසේත් දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිසම නිවේදනය කළා. මේ අතර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කැඳවීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. කොමිසම සඳහන් කළේ, හෙට එම කැඳවීම සිදු කර ඇති බවයි . පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙය වනවා. මේ අතර මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ජා කිරීමට කොමිසමේ විශේෂ හමුවක් ද ඉදිරි දින කිහිපයේ පැවැත්වීමට සැලසුම් කර…

තව කියවන්​න

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබෙනවා. එම තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි . පසුගිය ජනවාරි මස 14 වැනිදා පැවැත්වූ නිලවරණයකින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නව නිලධාරි මණ්ඩලයක් පත්කෙරුණ ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එම නව නිලධාරි මණ්ඩලය පිළිනොගන්නා බැවින් හිටපු මහ ලේකම්වරයාගේ නමට මෙම තහනම් කිරීමේ ලිපිය යොමුකර තිබෙන බව සදහන්. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට හෝ නිලධාරියෙක්ට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරග හෝ වෙනත් කිසිදු තරගාවලියකට සහභාගී වීමට නොහැකිවනු ඇති .

තව කියවන්​න

අදින් ආරම්භ වන උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. විභාග මධ්‍යස්ථාන, සම්බන්ධිකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය සහ මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථාන, ප්‍රශ්න පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන සහ වෙනත් රහස්‍ය ලේඛන ප්‍රවාහන කටයුතුවල ආරක්ෂාව සඳහා මෙම පොලිස් නිලධාරීන් යොදවා ඇති බව සඳහන්. මීට අමතරව විභාග පැවැත්වෙන දිනයන්හි දී දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන මගින් ක්‍රියාත්මක වන ජංගම සංචාර, යතුරුපැදි සංචාර, පාමුර සංචාර ඇතුළු විවිධ සංචාරයන් මගින් විභාග මධ්‍යස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමුකර අවශ්‍ය ආරක්ෂාව සැපයීමට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන්…

තව කියවන්​න