Author: VNews

කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. එම බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පෙරවරු 08ට යළිත් වරක් බලාගාරයේ ජනන කටයුතු ආරම්භ කළ බවයි. ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට නවතා දමා තිබුණා . කෙසේවෙතත් කැලණිතිස්ස විදුලි බලාගාරය සතුව දැනට පවතින නැප්තාවලින් යළි ජනන කටයුතු ක්‍රියාත්මක කළ ද එය තවත් දින එකහමාරක කාලයකට පමණක් ප්‍රමාණවත් වන බවයි වාර්තාවන්නේ . විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට මුදල් නොගෙවීම හේතුවෙන් නැප්තා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. මේ අනුව අපොස උසස් පෙළ…

තව කියවන්​න

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ සේවක කාර්යය මණ්ඩලය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කර තිබෙනවා. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කළේ දිවයින පුරා රෝහල්වල මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර එය මේ වන විට අවසන් කරන බවයි.

තව කියවන්​න

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතු`ඵ තීරණ රැසක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එළඹෙන බදාදා පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනෙකුද පසුගිය දා පත් කරනු ලැබුවා. ආචාර්ය ප්‍රතාප් රාමුනජන්, වෛද්‍ය අනුලා විජේසුන්ද සහ ආචාර්ය දිනේෂ් සමරරත්න එම සාමාජිකයන් තිදෙනායි. එම සාමාජිකයින් පත් කිරීමට පසුගිය 18වන දා පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමි වුණා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව සඳහා ප්‍රධාන විපක්ෂය නොවන විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයන් තවමත් පත් කර නොමැති අතර එළඹෙන බදාද දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව අද දින පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

තව කියවන්​න

යතුරුපැදියකට මාර්ගයේ ඉඩ ලබාදීමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට බිදගෙන දිඹුල – පතන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් එම ලොරියේ රියදුරාට සහ රිය සහායක බරපතළ තුවල ලබා රෝහල්ගත කර තිබෙනවා. තුවාල ලැබූ තුවාලකරුවන් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණ ද, වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරු කර යවා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් – කොටගල යදන් සයිඩ් වතුයායට පිවිසෙන පාලම මතදියි. මෙම ලොරිය අඩි 20ක පමණ පහළින් පිහිටි ඇළට පෙරළී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ලොරියේ පසුපස ගමන් කළ පුද්ගලයින් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් දික් ඔය පොලිසිය විමර්ශන ආරම්භ කර…

තව කියවන්​න

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චූඩාමාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා. ඒ අනුව පසුගිය සතියේ දි මීට අදාළ මුලික විමර්ශනයක් සිදු කළ බව එම කොමිසම සඳහන් කළා. මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ඓතිහාසික රුවන්වැලිසෑ චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටි අනුරාධපුර ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද දිනයේ දී කොමිසමේ සභාපතිවරිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා . බුදු දහම ආරක්ෂා කිරීමේ වගකීම ව්‍යවස්ථානුකුලව රජයට පැවරී ඇති අතර එම කරුණ පදනම් කර ගනිමින් මානව හිමිකම් කොමිසම වෙත රුවන්වැලිසෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ චූඩා…

තව කියවන්​න

ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. පනත් කෙටුම්පත සකස් කිරීමෙන් පසුව මේ සතියේදී තමාට ලැබෙනු ඇතැයි පැවසූ කතානායකවරයා පනත් කෙටුම්පත ලැබුණු පසු ඊට සහතිකය සටහන් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළා. පනත් කෙටුම්පත බලාත්මක වන්නේ තමාගේ අත්සන සහතික කිරීමෙන් පසුව බව මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිටියා .

තව කියවන්​න

හැටන් නගරයට ප්‍රධාන වශයෙන් පානීය ජලය සපයන හැටන් සිංගිමලේ ජල තටාංගනයේ ජලය සිඳී යෑම හේතුවෙන් හැටන් දික්ඔය නගර සභා සිමාවට අද සිට දිනකට එක් වරක් සිමා කර පානීය ජලය නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ස්ථානාභාර නිලධාරි ජානක හේරත් මහතා පවසනවා. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ප්‍රධාන වශයෙන් ජලය ලබා ගන්නා සිංගිමලේ රක්ෂිතයේ ජල මුලාශ්‍ර සිඳී ගොස් තිබෙනවා.

තව කියවන්​න

වසර 25කට පසුව මෙරට තේ අපනයනය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. පසුගිය වසර තුළදී ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 250ක් පමණ අපනයනය කර ඇති බව සඳහන්. 1997 වසරෙන් පසුව අඩුම තේ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ පසුගිය වසර තුළදියි. 2022 වසරේ ශ්‍රී ලංකාව අපනයනය කර ඇති තේ වල වටිනාකම රුපියල් බිලියන 1.27ක් බවද වාර්තා වනවා.

තව කියවන්​න

නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන පුරාවස්තු තොගයක් විකිණීමට තැත් කළ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙක් සහ තවත් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ කළුතර හෝටලයක රථ ගාලේදි පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබුවා. අදාළ පුරාවස්තු තොගය රුපියල් කෝටි 03කට ආසන්න මුදලකට අලෙවි කිරීමට මෙම සැකකරුවන් සූදානම් ව සිට ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිසිය විසින් ද විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුලු තීරණ කිහිපයක් ගැනීම සඳහායි. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ප්‍රධාන විපක්ෂය නොවන විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයා තවමත් පත් කර නොමැති අතර, අද සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

තව කියවන්​න