Author: VNews

අඛණ්ඩව විදුලිය ලබා දීමට නොහැකි වී ඇත්තේ පසුගිය කාල සීමාව තුළ බලධාරින් විසින් ගත් අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ ගල් අඟුරු නියමිත කාලයේදී ලබා දුන්නේ නම් මෙවැනි ගැට`ඵවක් ඇති නොවන බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ අතර ඛණිජ තෙල් වෘත්තිය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ද අද පැවති මාධ්‍ය හමුවකදී විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

තව කියවන්​න

මෙරට උද්ධමනය පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2022 වසරේ දෙසැම්බර් මාසය සඳහා උද්ධමනය සියයට 59.2 බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 65%ක් ලෙසයි.

තව කියවන්​න

පලාත් පාලන මැතිවරණය මාර්තු 09 වන දා පවත්වන බව ප්‍රකාශ කළද ඒ සම්බන්ධ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා කොමිසමේ කොපමණ සාමාජිකයින් ප්‍රමාණයක් කැමැත්ත ලබාදුන්නේ දැයි සැකයක් පවතින බව ද ඔහු අවධාරණය කළා. මැතිවරණ දිනය තීරණය කිරීම සඳහා මු`ඵ මැතිවරණ කොමිසමේ කැමැත්ත අවශ්‍ය බවයි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඝන පූර්ණය නොමැතිව ගන්නා කිසිඳු තීන්දුවක් වලංගු නොවන බව ඔහු ප්‍රකාශ කළා.

තව කියවන්​න

වෛද්‍යවරුන් ඇතු`ඵ වෘත්තීන් කිහිපයක නිලධාරින් ක`ඵ ඇඳුමින් සැරසි ක`ඵ පටි පළඳිමින් අද සේවයට වාර්තා කර තිබුණා. රට පුරා රෝහල්වල ද ක`ඵ පටි සතියක් අද සිට ආරම්භ වන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ. ඖෂධ හිඟයට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොළඹ ජාතික රෝහලේදී මහජන පෙත්සමකට අත්සන් ගැනීම ද අද පෙරවරුවේ සිදු කළා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා. මේ අතර මෙම ක`ඵ සතියට සහාය පළ කරමින් බැංකු සේවකයින් ද ක`ඵ ඇඳුම්වලින් සැරසි අද සේවයට වාර්තා කර තිබුණා. එමෙන්ම විනිසුරු දඩයම, නීතිඥවරු මර්ධනයට එරෙහිව අද නීතිඥවරුන් පිරිසක් අලුත්කඩේ අධිකරණය…

තව කියවන්​න

ලිට්රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල් සතියේ ඉහළ යා හැකි බව එම සමාගම පවසනවා. ඒ අනුව ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 500ත් 750ත් අතර මිලකින් ඉහළ යන බවයි වාර්තා වන්නේ. එම මිල ඉහළ යාමට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරවල මිල ද ඉහළ දැමීමේ සූදානමක් පවතින බවයි ලිට්රෝ සමාගම පැවසුවේ. එම මිල ඉහළ දැමීම ලබන පෙබරවාරි මස 05 වන දා සිට ක්‍රියාත්මක වනවා. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතුවයි.

තව කියවන්​න

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ජනවාරි මස නියමිත පරිදි ගෙවීමට හැකිවන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව විධායක නිලධාරින්ගේ වැටුප ජනවාරි මස 25 වන දා හෝ 26 වනදා ගෙවීමට නියමිත බවද ඔහු සඳහන් කළා. මේ අතර විධායක නොවන සේවකයනින්ගේ වැටුප ජනවාරි මස 25 වන දා ගෙවීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ. ඔහු මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9300 මුදලක් අවශ්‍ය නමුත් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 87ක මුදලක් බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

තව කියවන්​න

බිත්තර මිල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. බිත්තර නිෂ්පාදකයින් සහ කුකු`ඵ ව්‍යාපාරික සංගම් නියෝජිතයින් ඊට සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ. බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පාලන මිලක් නියම කරමින් පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය නියම කළා. කෙසේ වෙතත් ව්‍යාපාරිකයන් විසින් එය නොතකමින් වැඩි මිලට බිත්තර අලෙවි කරන බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් සංවිධානය කළ දැවැන්ත විරෝධතාවක් වරාය ප්‍රධාන පිවිසුම අසල අද පැවැත් වුණා. ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිවයි. මේ සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටි අතර ඒ හේතුවෙන් කොළඹ පළමු හරස් වීදිය හා අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා. විරෝධතාවය පැවති ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම හමුදා සහ පොලිසියේ නිලධාරින් රැසක් එම ස්ථානයට කැඳවා තිබුණා. මේ අතර දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යය මණ්ඩලයද අද වැඩවර්ජනයක නිරත වුණා. ඒ ඖෂධ හිඟය ඇතු`ඵ ගැට`ඵ කිහිපයක් මුල් කරගනිමින්.

තව කියවන්​න

රජය විසින් උත්සවාකාරයෙන් සැමරීමට සූදානම් වන නිදහස් දිනයට එරෙහිව පෙළ ගැසෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. නිදහස් උත්සවය සඳහා රුපියල් මිලියන 200ක් වියදම් කරන බවටයි ඇය චෝදනා කළේ. ජනතාව පීඩාවට පත් වී ඇති මොහොතක මෙවැනි කාරණා සඳහා මුදල් නාස්ති කිරීම කාලෝචිත නොවන බවටයි ඇය පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් නිදහස් උත්සවය සැමරීම සඳහා ගාලුමුවදොර සකස් කරමින් සිටින වේදිකා කණුවල ක`ඵ පටි බදිමින් තමන් ඇතු`ඵ කාන්තාවන් රැසක් සිය විරෝධය පළ කරන බවටයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලැබූ පරාජයත් සමඟ නවසීලන්ත කණ්ඩායමට අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය අහිමි වී තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව නවසීලන්ත කණ්ඩායම දෙවන ස්ථානය දක්වා පහත බැස ඇත්තේ එංගලන්තය ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්කරමින්. ඉන්දීය කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර එම ස්ථානයේ පසු වූ ඕස්ටේ්‍රලියාව 04 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.

තව කියවන්​න