- පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
- දැඩි නියගයෙන් පවුල් 2278ක් පානීය ජල අර්බුදයක
- ගිනි පාලන සතියක් ප්‍රකාශයට පත් කරයි
- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
Author: VNews
ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසනවා. ලබන 09වන දා එම විරෝධතාව පැවැත්වීමට පියවර ගන්නා බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ. ආණ්ඩුවේ ජනතා විරෝධි ක්‍රියාවලියට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙන බවද ඔහු සඳහන් කළා.
රාජ්‍ය සේවකයින්ට හෙට දිනය තුළ වැටුප් ගෙවීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර රාජ්‍ය සේවක වැටුප හෙට දිනයේ නියමිත පරිදි ගෙවීමට හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ පැවසුවා. විධායක නිලධාරීන්ගේ වැටුප ද එදිනම හෝ දිනක් ප්‍රමාද වී ගෙවීමට හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් බිලියන 87ක් දැනටමත් වෙන් කර ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ ප්‍රකාශ කළා.
පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි. කෙසේ වෙතත් ප්‍රමාණවත් පරිදි මුදල් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවටයි වාර්තා පල වන්නේ. මේ අතර මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණයේ වියදම් සඳහා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය මාසයේ ලබා දී තිබෙනවා. එමෙන්ම පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූලික යෙදවුම් සඳහා ටෙන්ඩර්පත් දැනටමත් කැඳවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා. එමෙ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්…
ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බවත්, ඒ සඳහා ඉන්දියාව කැප වී සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. රොයිටර් පුවත් සේවය විසින් මේ බව වාර්තා කර තිබෙන බව සඳහන්. ඉන්දීය එකඟතාවය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත සහාය එමඟින් ශක්තිමත් වන බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ. මේ අතර ශ්‍රී ලංකාව පසුගිය වසර තුළ විදේශ මුදල් හිඟය, උද්ධමනය සහ දැඩි අවපාතය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.
බිංගිරිය පොලිසිය විසින් විලත්තව ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂාවක දී ලොරියක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. අදාළ ලොරිය පරීක්ෂා කර ඇත්තේ මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහළ වූ සැකයක් මත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. එහි දී සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ප්ලාස්ටික් බටවල අසුරන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100 බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා . මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 33ක් හා 44ක් වූ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන් අද හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් හෙට පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඉදිරි වැඩකටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. සභාව පත් කිරීමෙන් අනතුරුව පළමු වතාවට හෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙන බවයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.
මැලේසියාවේ ද බිත්තර හිඟයක් ඇතිවී තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා . බිත්තර හිඟය පියවා ගැනීම සඳහා ඔවුන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ඒ හේතුවෙන් ඉන්දියාවේ මාසික බිත්තර ආනයනය වාර්තාගත ලෙස මිලියන 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා . ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ . උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලදීත් උදැසන කාලයේදී වැසි ඇති විය හැකියි . අකුණු මඟින් සහ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ව්‍යාප්ත වෙමින් පවතින අභිරහස් රෝගයකින් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. ටජිකිස්තානයට සහ පකිස්ථානයට මායිම්ව ඇති ඇෆ්ගනිස්ථානයේ ඊසාන දෙසින් පිහිටි වාඛාන් නම් කඳුකර ප්‍රදේශයකින් මෙම මරණ වාර්තා වී ඇති බව සඳහන්. ව්‍යාප්ත වන රෝගය පිළිබඳ සොයා බැලීම සඳහා මේ වන විටත් සෞඛ්‍ය අංශ එම ප්‍රදේශයට පිටත්කර යවා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ව්‍යාප්ත වෙමින් පවතින රෝගය පිළිබඳ මේ දක්වා ලැබී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ ව්‍යාප්තවන රෝගය කොවිඩ් වසංගත තත්ත්වයට සමාන වන බවයි. මේ අතර උතුරු ඇෆ්ගනිස්ථානයේ බග්ලාන් පළාතේ මාසයක් තුළ අවම වශයෙන් ළමුන්…
වයස අවුරුදු 19 න් පහල කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය අද පැවැත්වෙනවා . ඒ සත්කාරක දකුණු අප්‍රිකානු 19 න් පහල කාන්තා කණ්ඩායම එරෙහිවයි . මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 05.15 ට ආරම්භ වීමට නියමිත වනවා . කෙසේ වෙතත් සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මුහුණ දුන් පළමු තරගය පරාජයට පත් වුණා . එම තරගයෙන් කඩුළු 7 ක ජයක් ලැබීමට සමත් වුණේ ඉන්දීය වයස අවුරුදු 19 පහල කාන්තා කණ්ඩායමයි .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222