Author: VNews

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නා. පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔවුන්ව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා .

තව කියවන්​න

උතුරු දිග චීනයේ මෝහේ නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. උතුරු දිග චීනයේ හෙලෝන්ජින් ප්‍රාන්තයේ මෝහේ නගරය පිහිටා ඇත්තේ රුසියානු දේශසීමාව ආසන්නයේයි. මෝහේ නගරයේ උෂ්ණත්වය අද වාර්තා වූයේ සෙල්සියස් අංශක සෘණ පනස් තුනක් ලෙසයි. මීට පෙර 1969 වසරේ එම නගරයෙන් වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සටහන් වූ අතර එය සෙල්සියස් අංශක සෘණ පනස් දෙකයි දශම තුනක් ලෙස දැක්වෙනවා. කෙසේ වුවද චීනයේ වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක සෘණ පනස් අටක් ලෙසයි.

තව කියවන්​න

විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ ඔහුට රුපියල් ලක්ෂ තුනක දඩයක් ද නියම කරන ලෙසයි. එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් අමතරව තවත් මාස 6ක සිරදඬුවම් නියම කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා. මේ අතර 2002 වසරේ මිලේනියම් සිටි නඩුවෙහි විත්තියේ සාක්ෂි කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ යුධ හමුදා බුද්ධි අංශ විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසය වටලා එහි සිටි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් රාජ්‍ය රහස් හෙළි කළ බවට චෝදනා…

තව කියවන්​න

නූතන ලෝකයට ගැලපෙන පරිදි විශ්ව විද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර රැසක් ගනිමින් සිටින බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ විශ්ව විද්‍යාලයන්හි විවිධ පීඨ සම්බන්ධ කරගනිමින් පාඨමාලා ආරම්භ කිරීම තවමත් සිදුවනු ඇති බවයි. රැකියා වෙළඳපොලට ගැලපෙන අන්දමේ උපාධිධාරීන් බිහි කළ යුතු බවට ඔහු අවධාරණය කළා. මේ අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ විශ්ව විද්‍යාලය තුළ පහසුකම් නොමැති බවට චෝදනා කරමින්.

තව කියවන්​න

උසස් පෙළ විභාගය හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව පැය දෙකකට සීමා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව විදුලි කප්පාදුව පස්වරු 4න් පසුව සිදු කරන බවයි අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ. මේ අතර දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතියට බාධාකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. මේ හේතුවෙන් උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලිය විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම කොමිසම ඉල්ලීමක් කර තිබෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට මේ සම්බන්ධයෙන්…

තව කියවන්​න

රට තුළ දිනෙන් දින වැඩිවන ඝාතන තත්ත්වයන් සහ අපරාධමය කටයුතු සම්බන්ධයෙන් සලකා බලා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් නව වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා. මේ අනුව අමාත්‍යවරයා විසින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ, ආරක්ෂා කිරීමේ දිනය වශයෙන් සෑම වර්ෂයකම මාර්තු මස 07 වන දින නම් කරනු ඇති බවයි. අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ ඒ පිළිබඳව අද දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් පල කළ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය අභියෝගයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් තම පක්ෂය මැතිවරණයට මුහුණ දෙන බවයි ඔහු සඳහන් කළේ. බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්. මේ අතර පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට නියමිත සිය`ඵ දේශපාන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. එහිදී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වධීන කණ්ඩායම් දැනුවත් කරනු ඇතියි. මේ අතර පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙය වනවා.

තව කියවන්​න

විදෙස් රැකියා සඳහා පිටත් කර යවන බවට පවසමින් තරුණයන් මුලා කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ විශේෂ වැඩසටහන් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙස පෙනී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ. මොහු මෙවැනිම ආකාරයට මුදල් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වී ඇති බව ද වාර්තා වනවා. තරුණයන් විදෙස් රටවල රැකියා සඳහා යවන බවට පවසමින් එම සැකකරු එක් පුද්ගලයෙකුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගෙන තිබෙනවා.

තව කියවන්​න

දිවයින පුරා රෝහල්වල ජලභීතිකා එන්නත්වල හිඟයක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සිසිර පියසීලි මහතා පැවසුවේ රට තුළ ඩොලර් නොමැති වීම හේතුවෙන් එන්නත් ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදියි. මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පල කළ රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සිසිර පියසීලි මහතා.

තව කියවන්​න

විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාවය පල කර තිබෙනවා. 2009 විදුලිබල පනතට අනුව මෙම එකඟතාවය ලබා දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ. කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති විදුලි බිල සංශෝධනයේ සෙසු කරුණු සම්බන්ධයෙන් නිති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා. මේ අතර කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේ විදුලිබිල 65%ත් 70%ත් අතර අගයකින් ඉහළ දැමීමටයි. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කළේ එලෙස විදුලි ගාස්තු සංශෝධනයකට අවසර ලබා දිය නොහැකි බවයි.

තව කියවන්​න