- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
- අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර
Author: VNews
බේරුවල ප්‍රදේශයේ සිව් දරු මවක් භූමිතෙල් දමා ගනිමින් තම ශරීරයට ගිනි තබා ගෙන තිබෙනවා. ගින්න නිවීමට ගිය සැමියා ද පිලිස්සී රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ 38 සහ 34 හැවිරිදි අඹුසැමි යුවලක්. දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මෙයට හේතුව බවද පොලිසිය පැවසුවා. බිරිඳගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
වෙළද පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මූල්‍ය ආයතන, මහ බැංකුවේ සිදු කරනු ලබන තැන්පතු සඳහා අය කරනු ලබන පොළිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 14.5%ක් ලෙස තවදුරටත් පවතිනු ඇති. මේ අතර මහ බැංකුව මූල්‍ය ආයතන සඳහා ණය සැපයීමේදී අය කරනු ලබන පොලී අනුපාතිකය 15.5% ක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ. රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් ඉහළ පොලී අනුපාතිකයන් පවත්වාගෙන යාමටයි මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.
ගම්පොළ නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය සොරා ගත් සැකකරුවන් ගමන් කළ වෑන් රථය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. එම වෑන් රථයේ රියදුරාගේ දෑත් සහ පා ගැටගසා පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. ඊයේ රාත්‍රී 12.40 ට පමණ කිසියම් පිරිසක් විසින් ATM යන්ත්‍රය ගලවා ගෙන ගොස් තිබෙනවා. ආයුධ සන්නද්ධ පිරිසක් වෑන් රථයකින් පැමිණ බැංකුවේ ආරක්ෂක නිලධාරියා බිය ගන්වා මෙම කොල්ලය සිදු කර තිබෙනවා. කොල්ලාකෑ මුදල කොපමණද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ගණන් බලා නොමැති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
චීන සංචාරකයන්, සංචාරය කළ යුතු රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. ඒ පෙබරවාරි මස හය වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි යි. ශ්‍රී ලංකාවට අමතරව චීන රජය මගින් සංචාර සඳහා ඇතුළත් කළ රටවල් ලැයිස්තු ගත කර තිබෙනවා. තායිලන්තය, ඉන්දුනීසියාව, කාම්බෝජය, මාලදිවයින, පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව, ලාඕසය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඊජිප්තුව, කෙන්යාව, දකුණු අප්‍රිකාව, රුසියාව, ස්විට්සර්ලන්තය, හංගේරියාව, නවසීලන්තය, ෆිජී, කියුබාව සහ ආර්ජන්ටිනාව එම ලැයිස්තුවට ඇතුළත් රටවල් වනවා. විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ සීමිත රටවල් සංඛ්‍යාවක් පමණක් ඇතුළත් කර ඇති මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම ද්විපාර්ශ්වික සමීප මිතුදම පිළිඹිබු කෙරෙන අවස්ථාවක් බවයි. එසේම එම ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාව…
ගෘහස්ථ ගෘහ පාලන සහායිකා තනතුර සඳහා ප්‍රථම වරට විදෙස්ගත වන කාන්තාවන්ට ලබා දෙන පුහුණු පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ දින 15ක පුහුණු පාඨමාලාව පෙබරවාරි පළමු වන දා සිට NVQ 3 මට්ටම ද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කර ඇති බවයි. මේ වන විට කාර්යාංශ පුහුණුව ලබා දී ඇති කාන්තාවන් සඳහා සහ 2023 ජනවාරි 31 වන දින හෝ එදිනට පෙර පුහුණුව සම්පූර්ණ කර ඇති කාන්තාවන් සඳහා මෙම කොන්දේසිය අදාළ නොවන බවට එම කාර්යාංශය ප්‍රකාශ කළා. මනා පුහුණුවකින් යුතු ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා පුහුණු පාඨමාලාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඇෆ්ගන් චීන සබඳතා කඩාකප්පල් කිරීම සඳහා තම භූමිය භාවිතා කිරීමට කිසිඳු පාර්ශ්වයකට ඉඩ ලබා නොදන බව ඇෆ්ගනිස්ථානයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබෙනවා. එමෙන්ම සිය`ඵ ආකාරයේ ත්‍රස්තවාදි ක්‍රියාවන්ට එරෙහිව සටන් කර ඇෆ්ගනිස්ථානයේ සිටින චීන වැසියන්ගේ සහ ආයතනවල ආරක්ෂාව තහවුරු කරන බව ද ඔහු පවසා තිබෙනවා. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා සහ තලෙයිබාන් රජයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් ද පවත්වා තිබෙන බව සඳහන්.
මැතිවරණය කල් දැමීමට හෝ මැතිවරණ කොමිසම වෙනස් කිරීමට අදාළ යෝජනා අද පැවැත්වීමට නියමිත ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ක්‍රියාත්මක කිරීමට උත්සහ කළහොත් ඊට ඉඩ නොදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එවැනි උත්සහයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ යුතු බවයි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂනායකවරයා කියා සිටියේ.
තමන් ආණ්ඩුවෙ නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇතැම් පිරිස් ඉවත් යාම පක්ෂයට අභියෝගයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ තම පක්ෂයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පළමු මහනුවර දළදා මාලිගාව වැදපුදා ගැනීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ එම තත්ත්වයන්ට මුහුණදිය යුතු බවත් මැතිවරණ ප්‍රතිඵලය ඇත්තේ ජනතාව අතේ බවත්ය. කෙසේ වෙතත් මෙවර බැසිල් රාජපක්ෂ මහතා දළඳ මාලිගාව වැද පුදා ගැනීමේ අවස්ථාව එම පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් දක්නට නොලැබුණු අතර එම අවස්ථාවට ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන…
දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලිකොප්ටරය ලකුණින් යුතු නිදහස් ජනතා සන්ධානය යටතේ තරග කිරීමට පසුගියදා නිල වශයෙන් නාමයෝජනා පත්‍ර භාරදී තිබුණා. කෙසේ වෙතත් එසේ තිබියදී එම මහනගර සභාවටම අත ලකුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරීමට අදාළ නාමයෝජනා පත්‍රයක් සිය අත්සන වංචනිකව යොදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර පිටතට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර මහතා පල කල අදහස්.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදැසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි යි. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222