Author: VNews

ඖෂධ සම්බන්ධ වැටලීම් මෙම වසරේ සිට ඉහළ දමන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසුවේ පාසල් ආශ්‍රිත මත්පෙති අලෙවිය සම්බන්ධයෙන් විශේෂයෙන් ක්‍රියා කරන බවයි. එමෙන්ම කොවිඩ් වසංගතයත් සමඟ ඖෂධ සම්බන්ධ වැටලීම් පසුබෑමකට ලක් වූ බවද ඔහු පැවසුවා.

තව කියවන්​න

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් 3-0 ක පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව ලකුණු 90 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්. තරගය ජය ගැනීම සදහා ලකුණු 386 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 295 ක් පමණයි. එහිදී ඩෙවෝන් කොන්වේ ලකුණු 138 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් හා කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් බිද දැමීමටයි සමත් වුණේ. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට…

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම සතුන් හැත්තෑදහසක් පමණද මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. එරට බලධාරීන් පවසන්නේ ආපදාවට ලක්වූවන් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා පිටත් කර යැවුනද අධික හිම පතනය හේතුවෙන් එම යානා ගොඩබෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

තව කියවන්​න

මහ කන්නයේ ගොයම් කහපැහැ වීමට හේතු අටක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අනාවරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ ත්ත්වය සම්බන්ධව සති දෙකක් මු`ඵල්ලේ කරන ලද නිරීක්ෂණයකට අදාළව වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දුන් අතර අදාළ වාර්තාවේ මේ බව සඳහන්. ඒ අනුව පොස්පරස් ඌණතාවය පොටෑසියම් ඌණතාවය, නෙවටෝඩා ඌණතාවය මෙන්ම කෘමීන් විසින් මූල පද්ධතියට හානි කිරීම ආදි කරුණු ඇතුලත්. මේ අතර ශ්‍රී ලංකාවේ රබර් වගාව තුළ ව්‍යාප්ත වන පත්‍ර පුල්ලි රෝග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත් වුණා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී. එහිදි අදහස් පළ කරමින් කොළඹ…

තව කියවන්​න

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ශිහබ්ඩීන් මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 16 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. පොලිසිය මඟින් තමා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා. කුරුණෑගල ශීක්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ශිහබ්ඩීන් මහතා පවසන්නේ තමන්ව අත්අඩංගුවට ගැනීමේදී කිසිදු සාධාරණ හේතුවක් පොලිසිය විසින් ප්‍රකාශ නොකළ බවයි. ඒ හේතුවෙන් තමන්ගේ සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔහු පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

තව කියවන්​න

මැතිවරණය අවසන් වීමෙන් පසුව දින 21ක් ඇතුළත අපේක්ෂකයා සහ පක්ෂ වියදම් සම්බන්ධයෙන් විගණනය කළ ලිපියක් භාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. එම කොමිසමේ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ වැඩිපුර මුදල් වියදම් වී ඇති බවට අනාවරණය වුවහොත් මන්ත්‍රී අසුන ද අහෝසි වන බවයි. මේ අතර ඊයේ මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර පැවති සාකච්ඡාවකදී තීරණය වූයේ එක් ඡන්ද දායකයෙකු සඳහා රුපියල් 15ක මුදලක් වැය කිරීමටයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා

තව කියවන්​න

විධායක ජනාධිපතිධූරය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු ජාතික ජනබලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් වන බවයි. මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේ ඇතැම් දේශපාලන නායකයින් ජනතාවට විවිධ පොරොන්දු ලබා දෙමින් මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සහ කරන බවයි. එමෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්ද අදහස් පල කළා. මේ අතර මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබෙනවා. එම පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත් වුණා.

තව කියවන්​න

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මඟින්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. ඊට අදාළ නියෝගය තමන් විසින් නිකුත් කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පැවසුවේ. දුම්රියේ ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මඟීන්ට රුපියල් තුන් දහසක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩයක් මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නියම කර තිබුණා. කෙසේ වෙතත් එම දඩය ගෙවනතුරු අදාළ මගියාගේ ජාතික හැඳුනුම්පත හෝ ඔහු සතු ජංගම දුරකථනය, ස්වර්ණාභරණයක් දුම්රිය දෙපාර්තමේන්තුව භාරයට ගැනෙන බව සඳහන්.

තව කියවන්​න

මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ඊයේ(24) රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කර තිබෙනවා. එසේම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එහිදී පැවසුවේ මැතිවරණ වැඩකටයුතු කරගෙන යන ලෙසට ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි. පක්ෂයේ සියලු නිලධාරීන් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් මැතිවරණ කටයුතු නියැලෙන ලෙසටද ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා. කෙසේ වෙතත් පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතුවලට ජනාධිපතිවරයා සම්බන්ධ නොවීමටයි මීට පෙර ජනාධිපතිවරයා තීරණය කළේ. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන් ප්‍රමුඛ එක්සත් ජාතික…

තව කියවන්​න

දුරගමන් සේවා බස්රථ සඳහා  QR කේතය මඟින් මුදල් ගෙවීමේ ක්‍රමයක් ලබන මස පළමු වනදා සිට හඳුන්වා දීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් QR  ක්‍රමවේදයට වඩා ගෙවීම් කාඩ්පතක් ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රායෝගික බවයි ඔහු පැවසුවේ.

තව කියවන්​න