Author: VNews

වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, බැංකු – මහ බැංකුවේ කරනු ලබන තැන්පතු සඳහා කරනු ලබන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 14.5% ක්. මහ බැංකුව – බැංකු සඳහා ණය සැපයීමේදී අයකරනු ලබන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5 %ක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන්ගේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා මෙන්ම පුරෝකථන සැලකිල්ලට ගෙන, උද්ධමන පීඩන පාලනය කිරීමට – මුදල් තත්ත්වයන් ප්‍රමාණවත් ලෙස දැඩිව පවතින බව සහතික කිරීම සඳහා – මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවද මහ බැංකුව නිවේදනය…

තව කියවන්​න

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක් වූ තවත් ගෘහ සේවකයින් සහ ගෘහ සේවිකාවන් 47 දෙනෙකු දිවයිනට පැමිණියා. ගෘහ සේවිකාවන් 42 දෙදෙනෙකු සහ සේවකයින් පස් දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. ඔවුන් අතුරින් වැඩි දෙනෙකු අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ. මෙවැනි ශ්‍රී ලාංකික කාන්තාවන් 1300 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේටයේ රැදී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පවසා තිබෙනවා. මෙරටට පැමිණි බොහෝ ගෘහ සේවිකාවන් සිය හාම් පුතුන්ගේ විවිධ හිරිහහැරවලට ලක් වූ කාන්තාවන් බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

අ.පො.ස උසස් පෙළ විභාගය හේතුවෙන් ඊයේ දිනයේ සිට විභාගය අවසන් වන ලබන පෙරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුව අත්හිටුවීමට බලධාරීන් එකඟ වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ඉන්ධන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ මහජන උපයෝගිතා කොමිසම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යෝජනා කළ බවත්, ඒ සඳහා වැය වන පිරිවැය අය කර ගැනීමට අවශ්‍ය කොන්දේසි මෙන්ම ඉදිරියේ සිදු කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේදී ගෙවීමට ප්‍රමුඛතාව දිය යුතු යැයි විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම උපදෙස් ලබා දුන් බවත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන්…

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකාරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් නියෝග කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී තාරුණ්‍යයට හෙටක් සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ පනහක් ලබාදීම තුළින් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙනි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණය විනිසුරුවරයා මෙම තීන්දුවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා සඳහන් කළේ. ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස්…

තව කියවන්​න

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරි කටයුතුවලින් ඉල්ලා අස් වී තිබෙනවා. පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් ලෙස පත්කිරීමට අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීම් පළ කිරීමට තීරණය වී තිබෙනවා. මේ අනුව එම අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දැන්වීම පළ කළ දින සිට සති දෙකක…

තව කියවන්​න

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දක්වන බව ඉතාලිය පවසනවා. ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා මහත්මිය කැමැත්ත පළ කර තිබෙනවා. ඉතාලි තානාපතිනිය මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ දීයි. ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. දෙරට අතර සංස්කෘතික වැඩසටහන් හුවමාරුව, සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම, ආයෝජන අවස්ථා ඉහළ නැංවීම මෙන්ම මෙම අසීරු අවස්ථාවේ ඉතාලියෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳද මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති බව සඳහන්.

තව කියවන්​න

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී සොයා ගත් රුපියල් ලක්ෂ 170 කට අධික මුදල සම්බන්ධ විමර්ශන කටයුතු පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම පිළිබඳ අධිකරණයට කරුණු දක්වන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කර තිබෙනවා. එම නඩුවේ විත්තිකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙබරවාරි මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණා. මේ අතර වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා මහජනතාවගෙන් දිවුරුම් පෙත්සම් 10,000 ක් සඳහා අත්සන් ලබා ගැනීම ඊයේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ වුණා. වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන…

තව කියවන්​න

ව්‍යාජ ලොතරැයිපත් අලෙවි කළ පුද්ගලයෙකු කුරුණෑගල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ව්‍යාජ ලොතරැයිපත් අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. පොලිසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ලොතරැයි පත් 232ක් පොලිස් භාරයට ගත් බවයි . මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ක් පමණ වන වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද(26) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

ඇප මත මුදාහැර සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකි සිරිවර්ධන මහත්මියට විදේශගත වීම සඳහා අධිකරණයෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව ජානකි සිරිවර්ධන මහත්මිය අත්අඩංගුවට ගැනුණා. ඇයගේ නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇයට ඉන්දියාවට අවශ්‍යව ඇති බවයි. ඒ අනුව ඇයට ඒ සඳහා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් එහිදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අදාළ ඉල්ලීමට විරෝධය පළ කරනු ලැබුවා. ඒ අනුව ජානකි සිරිවර්ධන මහත්මියගේ නීතිඥයින් කරන ලද ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

තව කියවන්​න

ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම හරහා මැතිවරණ කොමිසම අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියා. මේ සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරන පිරිස සිය විරෝධය පල කරනු ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ. මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් දක්වා සිටියා.

තව කියවන්​න