Author: VNews

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබෙනවා. ඒ ඔවුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව යටතේ සංජීව ධම්මික සහ ආනන්ද පාලිත යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔවුන් දෙදෙනා පසුගිය 23 වනදා කොල්ලුපිටිය පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණා. පසුව සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මක හඳුනා…

තව කියවන්​න

බලධාරීන්ගේ නොසැලිකිලිමත් භාවය නිසා රට මුහුණ පා ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් යොමුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00ට එම පැමිණිල්ල භාරදුන් බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළු සතියට සමගාමීව අද දිනයේ මෙම පැමිණිල්ල සිදු කළ බවයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ.

තව කියවන්​න

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම පිළිබඳ විශේෂ නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂා කිරීමක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා පෙබරවාරි 28 වන දින දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ. මේ සඳහා අවශ්‍ය තොරතුරු දැන ගැනීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov වෙත පිවිසීමෙන් ලබාගත හැකියි. එමෙන්ම ක්ෂණික දුරකථන ඇමතුම් වන 1911 හෝ පාසල් විභාග සංවිධාන හෝ ප්‍රතිඵල ශාඛාව 0112-784 208 මෙන්ම 0112-784 537 යන දුරකථන අංක හරහා වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවටයි විභාග කොමසාරිස්වරයා…

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකියාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබා දීම සඳහා රුපියල් බිලියන 4.1ක මුදලක් වැයි වන බවයි වාර්තා වන්නේ. මේ වන විට විදුලි බල මණ්ඩලය මුහුණ දී ඇති දැඩි මූල්‍ය අර්බුදය හමුවේ එවැනි පිරිවැයක් දරාගැනීමට හැකි තත්ත්වයක් නොමැති බවද සඳහන්. කෙසේ වෙතත් යෝජිත විදුලි බිල සංශෝධනය සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දීම සිදු කළහොත් එම අවස්ථාවේ සිට ගැට`ඵවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දිය හැකි බවටයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ. කෙසේ වෙතත් ඊයේ දින මානව හිමිකම් කොමිෂන් සභාව විසින්…

තව කියවන්​න

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා. ඒ ඊට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා යි. එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඒ සඳහා ඉදිරිපත් කළ බවට එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. තමන්ට මරණ තර්ජන එල්ල කළ බවට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ කළ යන පිරිස කළ පැමිණිල්ලකට අනුව යි පසුගිය සඳුදා ඔවුන් දෙදෙනා කොල්ලුපිටිය පොලිීසිය මගින් අත්අඩංගුවට ගනු…

තව කියවන්​න

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එම්.එස්. චාල්ස් මහත්මිය එම කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වුණා. මේ වන විට ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ. මැතිවරණ කොමිසම ඇතු`ඵ ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයඳුම්පත් කැඳවීම සඳහා ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබෙනවා. චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසම සඳහා පත් කෙරෙැණේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ බෙදීමක් නොමැති බවට එම කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය දා කියා සිටියා. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ තමන්ද ඉල්ලා අස්වන බවට පල වන වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. කොමිසමේ…

තව කියවන්​න

හඳුනා නොගත් ශ්වසන රෝගයක් හේතුවෙන් උතුරු කොරියාවේ පියොං යැංග් අගනුවර දින 05 ක කාලයක් සඳහා වසා දමා තිබෙනවා. උතුරු කොරියානු බලධාරීන් අගනුවර වැසියන්ට දැනුම් දී ඇත්තේ නිවෙස්වලම රැඳී සිටිමින් සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි.

තව කියවන්​න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ලබාගැනීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට නවතා දමා ඇතැයි වාර්තා වනවා. බැංකු ක්‍රමය තුළ මේ වන විට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් ඇති බවත් යම් අත්‍යවශ්‍ය කටයුත්තකට බැංකු ක්‍රමය තුළින් ඩොලර් ලබාගැනීමට නොහැකි වුවහොත් පමණක් ඒ වෙනුවෙන් මහ බැංකුව මැදිහත් වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

තව කියවන්​න

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හට නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීම සඳහා පත් කිරීම් හා ස්ථාන මාරුවීම් කිහිපක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සිදු කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ, මැතිවරණ කොමිෂන් සභාවේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්වයි. රාජකාරී ඉටුකිරීම සඳහා පත් කිරීම් හා ස්ථාන මාරුවීම් හදිසි රාජකාරී අවශ්‍යතාවය මත සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම් සඳහා පුත්තලම් කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.වී.පී. අජිත් හේසිරි මහතා බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීමට මාරු කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.ජී.ජේ.ආර්. ගුණසේකර මහතා නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ…

තව කියවන්​න

යුක්‍රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සැලසුම් කර තිබෙනවා. එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ඊට අයත් බවයි ඇමෙරිකාව පවසන්නේ. ජර්මනිය සහ පෝලන්තය ද අධිතාක්ෂණික යුද ටැංකි යුක්‍රේනයට ලබාදීමටයි එකඟ වී ඇත්තේ. යුක්රේනයට යැවෙන පළමු සන්නද්ධ රථ තොගයට ලෙපර්ඩ් 2 වර්ගයේ ටැංකි 14ක් අයත්වන බව ජර්මනිය නිවේදනය කළා. කෙසේ වෙතත්, ජර්මනියේ රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ ජර්මනිය – යුක්‍රේනයට යුද ටැංකි ලබාදීමට ගත් තීරණය අතිශය භයානක බවයි. එය රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් නව තලයකට ඇද දමන බව ද ජර්මනියේ රුසියානු තානාපති කාර්යාලය පෙන්වා දෙනවා. රුසියාවේ ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා යුරෝපයේ…

තව කියවන්​න