- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: VNews
ආර්ථික පුනර්ජීවනය සඳහා සිදු කරන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ දුෂ්කර අවස්ථාවන් හිදී සිදු කරන බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලාංකේය නායකත්වය විසින් ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය අගය කළ යුතු බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් පවසනවා. ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණ කර ඇති බවයි. ඒ අනුව ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාල ක්‍රියාවලිය අවසන් වනු ඇති. ආර්ථික අභියෝගවලට මුහුණදීම සඳහා දේශීය ඉල්ලුමට සරිලන පරිදි සහ අපනයනය වෙනුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමට රජය පියවර…
යෝජිත බදු පනතට එරෙහිව කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගලහ මංසන්ධියේදී අද විරෝධතාවක් සංවිධාන කර තිබුනා. ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පේරාදෙනිය ශාඛාව විසින්. පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට පාගමනින් ගලහ මංසන්ධිය වෙත පැමිණි ආචාර්යවරු විරෝධතාවයේ නිරත වූ අතර මෙම විරෝධතාවට වෛද්‍ය – ඉංජිනේරු ඇතුළු වෘත්තිකයන් පිරිසක් ද එක්ව සිටියා. වෘත්තීයවේදීන් හා විද්වතුන් විසින් ක්‍රියාත්මක කරන කළු සතියට සමගාමීවයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුනේ. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා කියා සිටියේ රජය මෙම බදු පනත සංශෝධනය නොකළහොත් දැවැන්ත වෘත්තීය සමිති රැල්ලක් රට පුරා ක්‍රියාත්මක කරන බවයි.
අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය ලබන සෙනසුරාදා පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කර තිබෙනවා. 28 වන සෙනසුරාදා සවස 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී මහා බෝධි මහමළුවේදී එම පුණf්‍යා්ත්සවය පැවැත්වීමට නියමිතයි. අභිනව අටමස්ථානාධිපති නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද විජිනිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ද සිදු කෙරෙනු ඇති. රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍යෝත්සවයට පක්ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන් සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි. අටමස්ථානාධිපති ධූරයෙහි වැඩ විසූ පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අපවත්වීමෙන් පසුව අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව 11…
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසී ලබන සතියේ දී දිවයිනට පැමිණීමට නියමිත යි. මහලේකම් කාර්යාලය සඳහන් කළේ, පෙබරවාරි 4 වන දා පැවැත්වෙන 75 වන නිදහස් දින සැමරුම් උලෙළට ඇය සහභාගී වන බවයි. එමෙන්ම ඇයගේ දින 5ක සංචාරය තුළ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට පිරිසක් හමුවීමට සැලැසුම් කර ඇති බවයි පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නිවේදනය කළේ .
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙනවා. පස්වරු 4ට මෙම හමුව පැවැත්වෙන අතර එහි ප්‍රධානත්වය දරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. මීට අමතරව කතා නායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ද මෙම හමුවට එක්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදා පැවති පක්ෂ නායක හමුවේදී සාකච්ඡාවට බඳුන් වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ එහි දී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇති. ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් ද ඇති කර ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
නව නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ග සමාජය තුළ ප්‍රචලිත වීම ඊට අදාළ මුදල් සංසරණ ක්‍රමවේදයක් වැළැක්වීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් නව සුරාබදු පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අදාළ පනත යුගයට ගැළපෙන පරිදි යාවත්කාලීන විය යුතු බවයි මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ. 1912 වසරේ සිට හඳුන්වා දුන් සුරාබදු ආඥා පනත මේ වන විට වාර්තාගත ලෙස සංශෝධන සහ නිවේදන 1200කින් පමණ වෙනස් වෙමින් සංකීර්ණත්වයට පත්ව ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, නවසීලන්තය සමඟ පැවති එක්දින තරඟාවලිය තුනට බිංදුවක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් වාර්තා කිරීමත් සමඟයි. එහි දෙවන ස්ථානයේ එංගලන්තයත්, තුන්වන ස්ථානයේ ඕස්ට්‍රේලියාවත් පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථානයේයි. මේ අතර, එක්දින ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ඉන්දීය පිතිකරු ෂුබ්මන් ගිල් මෙන්ම ඉන්දීය නායක රෝහිත් ෂර්මාද සමත්ව තිබෙනවා. ගිල් එක්දින ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වාත් රෝහිත් ෂර්මා 09 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබුණා.
පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීමකින් සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවසක ගෑස් කාන්දු වීමකින් පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මියගිය පුද්ගලයින් අතර කුඩා ළමුන් සිව්දෙනෙකු ද සිටින බව සඳහන්. පසුගිය සතිය තුළ ද බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් පුද්ගලයින් මියයාමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය ඇයට පෙබරවාරි මස 17 වනදා දක්වා කල් ලබාදී තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි කාන්තාවක් බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිමය හිමිකමක් නොමැති බවයි පෙත්සම්කරු පවසන්නේ. ඒ අදාළ පෙත්සම අද කැඳවනු ලැබීමෙන් පසුවයි. පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි. ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ ලේඛන කිහිපයක් ලබාගෙන අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට දිනයක් ලබාදෙන ලෙසයි. එය සලකා බැලූ අධිකරණ විනිසුරු මඩුල්ල ඒ…
ශ්‍රී ලංකාව ලාඳුරු තුරන් කළ රටක් ලෙස සහතික කර ඇතත්, පසුගිය වසරේ මෙරටින් ලාඳුරු රෝගීන් 1,325ක් වාර්තා වී ඇතැයි ලාඳුරු මර්ධන ව්‍යාපාරය පවසනවා. එම ව්‍යාපාරය සඳහන් කළේ, වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 10ක් ම වයස අවුරුදු 15ට අඩු ළමයින් බව යි. එමෙන්ම රෝගීන්ගෙන් සියයට 40ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම ප්‍රමාණයෙනුත් සියයට 50ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222