- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: VNews
ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානි ට එරෙහිව කොටස් වෙළෙඳපොළ සහ ගිණුම් වංචා කර ඇති බවට චෝදනා කරමින් අමෙරිකානු ආයෝජන සමාගමක් වාර්තාවක් නිකුත්කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් අදානි සමුහය පවසන්නේ එම වාර්තාවේ සඳහන් කරුණු ද්වේෂසහගත මෙන්ම ව්‍යාජ තොරතුරු මත පදනම්ව නිකුත් කර ඇති බවයි. කෙසේ වෙතත් හින්ඩන්බර්ග් රිසර්ච් නම් ආයතනය නිකුත් කල වාර්තාව සමගින් අදානි සමුහය ට කොටස් වටිනාකම ඩොලර් බිලියන 11ක් පමණ අහිමිව ගොස් ඇති බව සඳහන්. වාර්තාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිත බව අදානී සමාගම පවසනවා. අදානි සමුහය – ඉන්දියාවේ විශාලතම සමාගමක් වන අතර, භාණ්ඩ වෙළඳාම, ගුවන් තොටුපළ, උපයෝගිතා සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු පුළුල් පරාසයක කර්මාන්තවල මෙහෙයුම් ක්‍රියාත්මකයි.…
75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆෙස්බුක් ඔස්සේ තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 40 හැවිරිදි මොහු මහරගම දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය සඳහන් කළේ. මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් පුද්ගලයකු ෆෙස්බුක් හි නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් පළකර ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුනා. සැකකාර පුද්ගලයාගේ ගිණුම පරීක්ෂාකර සවිස්තර වාර්තා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. සැකකරු ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආනයන අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන දෙදහස් පන්සියයක විදේශ විනිමයක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකිව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් කියාසිටියේ ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයකින් තොරව ආනයනය කිරීමට හැකිවී ඇත්තේ ඇතැම් ආනයන අත්හිටුවීම නිසා බවයි. 2022 වසර තරම් ආර්ථික වශයෙන් අසීරු වසරක් මෙරට යළි ඇති නොවනු ඇතැයිද රංජිත් සියඹලාපිටිය මහතා විශ්වාසය පළ කළා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය එකඟවී තිබෙනවා. ඒ අනුව එම වාර්තාව කොමිසමට ද පිටපතක් සහිතව පෙබරවාරි 09 වනදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නියෝග කළා. විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව මුදාහරින ලෙස වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ කාදිනල් හිමිපාණන් ඇතුළු විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළත් එය නිකුත් කර තිබුනේ නැහැ. සමාජ සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබූ මෙම අභියාචනය අවස්ථා ගණනාවකදී තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව හමුවේ කැඳවනු ලැබුවා.
13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමක් ලබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පෙන්වා දෙනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සර්ව පාක්ෂික හමුව පිලිබඳ කරුණු දක්වමින්. ජනාධිපතිවරයා විසින් කැඳවූ එම හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සහභාගි වී නොමැති බවයි වාර්තා වන්නේ. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඊට එක්ව සිටියා. කෙසේ වෙතත් දෙමළ සන්ධානය නියෝජනය කරන ටෙලෝ, ප්ලෝට් සංවිධානයන්හි නායකයින් මෙන්ම දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාද මෙම සාකච්ජාවට…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල අඛණ්ඩව විදුලි සැපයුම ලබා දෙන්නයි කල විධානය පිලිපැදීමට විදුලි බල මණ්ඩලය අපොහොසත් වන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසම – මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එමගින් දක්වා ඇත්තේ ඒ පිලිබඳ ශ්‍රී ලංකා විදුලි බලපනතේ (සංශෝධිත) 48 වන වගන්තිය මගින් ප්‍රතිපාදන ලබා දී ඇති බවයි. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගිය බදාදා දින විධානයක් ලෙස නිකුත් කරනු ලැබූ සමථයට අනුකුලව – ඊයේ දින සිට ලබන මස 17 දින දක්වා සිදුකිරීමට සැලසුම් කරන කිසිදු විදුලි කප්පාදුවක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා…
75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 75 වන නිදහස් දින සමරු උත්සවයට සමගාමීව ලබන 02 දා සිට 19 වන දා දක්වා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සලසුම් කර තිබෙනවා. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ විශේෂ දළදා පූජාව හා මහ පිරිත් දේශනාව, සර්ව ආගමික වතාවත්, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය, ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන සාම්ප්‍රදායික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය, මහජනතාවට නොමිලේ ජාතික උද්‍යාන හා ජාතික සත්වෝද්‍යාන ප්‍රදර්ශනය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම,…
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද(26) පස්වරු 4ට පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදා පැවති පක්ෂ නායක හමුවේදී සාකච්ඡාවට බඳුන් වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතව තිබුණා. ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් ද ඇති කර ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා. අදාළ සාකච්ඡාව නිමාවට පත්වීමෙන් අනතුරුව ඊට සහභාගි වූ පක්ෂ නායකයින් මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. එහිදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් කියා සිටියේ මේ වෙලාවේ ඉඩම් බලතල දෙනවාද නැත්නම් පොලිස් බලතල දෙනවාද යන්න සාකච්ඡාව නොවන බවයි. එසේම…
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා. නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකළ පෞද්ගලික පැමිණිල්ලක් සළකා බැලූ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ අනුව ලබන මස 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එම මහත්වරුන්ට සිතාසි නිකුත් කෙරුණා. අමෙරිකානු ජාතිකයෙකු වන ඉමාඩ් සා සුබේරි නැමැත්තාට ශ්‍රී ලංකා මහබැංකුවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවීමට පියවර ගැනීමෙන් මහබැංකුවට අදාළ මුදල අහිමි වී ඇති බවට අදාළ පැමිණිල්ලෙන් සඳහන් කර තිබෙනවා.
විවිධ මූල්‍ය ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් පැවති දුෂ්කර ආර්ථිකය ප්‍රතිපත්තිමය රටාවක් තුළින් කළමනාකරණය කර ගනිමින් ඉදිරියට ගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු එම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින්. මේ අතර යම් කිසි ආකාරයකින් මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිතාව නොලැබුණහොත් පැවති තත්ත්වයටම රට පත්වනු ඇති බවටයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222