Author: VNews

ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමු`ඵවට ඉදිරිපත් වූ අතැම් යෝජනා දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට ලක්ව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ දින මෙම සර්ව පාක්ෂික සමු`ඵව කැඳවනු ලැබුවා. එහිදි අවධානය යොමු කර ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි. ඊට සහභාගි වූ පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු විසින් ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවද තවත් පක්ෂ කිහිපයක් ඒ සඳහා දැඩි විරෝධයක් දක්වනු ලැබුවා. මෙම සමු`ඵව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කර තිබුණ ද ඔවුන් ඒ සඳහා එක්ව සිටියේ නැහැ. සර්ව පාක්ෂික සමු`ඵවට නොපැමිණීමට හේතුව ජාතික ජනබලවේගයේ…

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වී අදට දින පහක කාලයක් ගත වුවද මේ වන තෙක් දරුවන්ට විභාගයට මුහුණ දීමට සිදුව ඇත්තේ දෛනික විදුලි කප්පාදුවක් සමඟයි. උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නමුත් මේ වන තෙක් රටේ බොහෝ ප්‍රදේශවල විදුලි කප්පාදුව සිදු වෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. විභාග ආරම්භ වීමට පෙර සිටම සිසුන් මෙන්ම වෘත්තිය සමිති හා සංවිධාන විසින් දිගින් දිගටම ඉල්ලා සිටියේ උසස් පෙළ සමයේදී විදුලිය කප්පාදු නොකරන ලෙසයි. කෙසේ වෙතත් අවම වශයෙන් දෛනිකව දහවල් කාලයේදී හෝ…

තව කියවන්​න

හම්බන්තොට මහ රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 120කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. බොහෝ අවස්ථාවල ඖෂධ හිඟ වීම හේතුවෙන් හෘද රෝග ප්‍රතිකාර ඒකකය ද වසා දැමීමට සිදු වූ බවයි වාර්තා වන්නේ. එම රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතු`ඵ සෙසු වෛද්‍යවරුන් 38 දෙනෙකුද රෝහල හැර ගොස් ඇති බව අප වාර්තාකරු කියා සිටියා. එම රෝහලේම තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකු විදේශගත වීම සඳහා ඉල්ලුම් කර ඇති බව ද සඳහන්. හම්බන්තොට මහ රෝහලට රෝගී අංශය සඳහා පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු අවශ්‍ය වුවද මේ වන විට වෛද්‍යවරුන් තිස් දෙනෙකුට පමණක් සීමා වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මේ හේතුවෙන්…

තව කියවන්​න

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 41ක දුරක් කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ. කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දුම්රිය ස්ථාන විසි පහක් සංවර්ධනය කෙරෙමින් ඉදි කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික සමාගමක් ඩොලර් බිලියන 2.5ක මුදලක් ආයෝජනය කිරීමට ද ඉදිරිපත් වී සිටිනවා

තව කියවන්​න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා නැවතත් රැස්වීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මෙලෙස යළි රැස්වනු ඇති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම පසුගිය 25වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට එහිදී තීරණය කෙරුණා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති අතර ඒ සම්බන්ධයෙන්ද සදුදා රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන්…

තව කියවන්​න

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් තුන් ලක්ෂ විසි නවදහස් හයසිය හැට අට දෙනෙකු පෙනී සිට ඇති අතර ඉන් හතලිස් අට දහස් දෙසිය පනස් හත් දෙනෙකු වෙනත් පාසල් සඳහා කඩඉම් ලකුණු සපුරා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 14.64% ක් ඊට සුදුසුකම් ලබා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2021 වසරේ සිසුන් තුන් ලක්ෂ තිස් පන්දහස් එකසිය පනස් අටක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඇති අතර ඉන් හතලිස් හත් දහස් පන්සිය තිස් හය දෙනෙකු වෙනත් පාසල් සඳහා කඩඉම් ලකුණු සපුරා තිබුණා. 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ අපේක්ෂකයින් අඩු ප්‍රමාණයක් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වුවද මේ වසරේදී වෙනත් පාසල්…

තව කියවන්​න

අයි එස් අයි එස් සංවිධානයේ ජේෂ්ඨ නායක බිලාල් අල් සුඩානි ඇමරිකානු හමුදා ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝගයකට අනුව සෝමාලියාවේ දී ඇමරිකානු හමුදා එල්ල කල ප්‍රහාරයකින් බිලාල් අල් සුඩානි මිය ගිය බවයි. වෙඩි හුවමාරුවේදී අයි එස් අයි එස් සටන්කාමීන් 10 දෙනෙකුද මිය ගොස් තිබෙනවා. අල්-සුඩානි අල්ලා ගැනීම ඇමෙරික හමුදා ඉලක්කය වුවද සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.

තව කියවන්​න

අනුරාධපුර – ඇලයාපත්තුව – මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මවක සහ දරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ නිවැසියන් නිදා සිටියදී ඊයේ රාත්‍රියේ ගින්න හටගෙන ඇති බවයි. දරුවන් සහ බිරිඳ බේරාගැනීමට උත්සහ දැරූ 37 හැවිරිදි ගෙහෙමියා පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස් හැවිරිදි පිරිමි දරුවෙකු, දස හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 30 හැවිරිදි මවක්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. කෙසේ වෙතත් ඇලයාපත්තුව පොලිසිය පවසන්නේ අසල පිහිටි නිවසකින් අදාළ නිවසට විදුලිය ලබාගෙන ඇති බවයි

තව කියවන්​න

විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කර තිබෙනවා. 2023 ඊඹ ලෙස හැඳින්වෙන එම ග්‍රාහකයා බස් රථයක පමණ විශාලත්වයකින් සමන්විත බවයි නාසා ආයතනය ප්‍රකාශ කලේ. එය දකුණු ඇමරිකාවේ දකුණු කලාපයට කිලෝමීටර 3,600ක් පමණ දුරකින් ගමන් කර තිබෙනවා. පෘථිවිය ආසන්නයේ තවත් හඳුනා ගැනීමට ඉතිරිව ඇති සැලකිය යුතු ප්‍රමාණයේ ග්‍රහක සැඟවී ඇති බවයි නාසා නිවේදනය කලේ. 2023 ඊඹ අභ්‍යවකාශ ග්‍රාහකය – කිලෝමීටර් 36,000ක් ඉහළින් පිහිටා ඇති විදුලි සංදේශ චන්ද්‍රිකා විසින් හඳුනාගෙන තිබුනා

තව කියවන්​න

එකඟතාව කඩකරමින් විදුලිය කප්පාදු කිරීම් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. මානව හිමිකම් කොමිසම පවසන්නේ ලබාදුන් එකඟතාව කඩ කරමින් ඊයේ දිනයේද ප්‍රදේශ ගණනාවකින් විදුලිය කප්පාදු කර ඇති බවට පැමිණිලි ඉදිරිපත්ව ඇති බවයි. විදුලිබල මණ්ඩලය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නීතියට ගරු නොකරමින් අත්තනෝමතිකව කටයුතු කරන බවක් නිරීක්ෂණය වී ඇති බවද මානව හිමිකම් කොමිසම පවසනවා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයටද පැමිණිලි කිරීමට සිදුවනු ඇති. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේ විදුලිය කප්පාදුවක් සිදු නොකිරීමට පසුගියදා විදුලි බලමන්ඩලය මානව හිමිකම් කොමිසමේ දී එකඟතාව පල කල බවයි වාර්තා…

තව කියවන්​න