Author: VNews

පකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චි නගරයේ පසුගිය දින 16 තුළ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ එම ප්‍රදේශයේ කර්මාන්තශාලාවල විෂ රසායන ද්‍රව්‍ය – පරිසරයට මුදා හැරීම හේතුවෙන්. මිය ගිය පිරිසෙන් 15 දෙනෙකු දරුවන් බවයි කරච්චි බලධාරීන් පවසන්නේ. සින්ද් පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ වැඩි පිරිසක් පෙනහළු ආශ්‍රිත රෝගවලට ලක්ව ඇති බවයි.

තව කියවන්​න

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය පිතිකරු රුටුරාජ් ගයික්වඩ්ට අහිමි වී තිබෙනවා. මැණික් කටුවක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනුයි ඔහුට එලෙස 20යි 20 තරගාවලිය අහිමි වී ඇත්තේ. ආබාධය පිළිබද පරීක්ෂණ කටයුතු සදහා හා ආබාධය සුව කර ගැනීමේ පුනරුත්තාපන කටයුතු වෙනුවෙන් ඔහුව බැංගලූර් හි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කර ඇති බව සඳහන්. කෙසේ වෙතත්, ගයික්වඩ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කටයුතු නොකරන බවයි වාර්තා වන්නේ. දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය අද රංචි හී දී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ මේ වසර අවසන් වීමට පෙර රට තුළ ව්‍යාප්තව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවයි.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරයට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු විසින් ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. වසර තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් ඊබ්‍රහිම් ස්මයිල් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් මෙලෙස ප්‍රතික්ෂේප වී තිබෙනවා. විත්තිකාර පාර්ශවයේ නීතිඥවරුන් මෙම ඉල්ලීම අද සිදු කළ අතර කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. පාස්කු ප්‍රහාරයේ තොරතුරු දැනගෙන ඒ පිළිබඳ පොලිසියට දැනුම් නොදීම ඇතුළු අධිචෝදනා යටතේ සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබුණා. මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැඟීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල…

තව කියවන්​න

සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගය කටයුතු කරන්නේ රහසින්වත් පවු නොකළ පක්ෂ ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ කිසිදු වරදක් සිදු නොකළ පක්ෂයක් වේ නම් ඒ තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බවයි.

තව කියවන්​න

රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෘත්තීයවේදීන් විසින් ප්‍රකාශයට පත්කර ඇති කළු විරෝධතා සතිය අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ක්‍රියාත්මක වුණා. පසුගිය 23වනදා ආරම්භ කල කළු විරෝධතා සතියට අදට දින 05ක්. රජය විසින් ඉදිරිපත් කර ඇති බදු ප්‍රතිපත්තිවලට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය ද විරෝධතාවක නිරත වුණා. එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සම ලේකම් ආචාර්ය පුර්ණිකා සීලගම මහත්මිය. මේ අතර, ලංකා බැංකුවේ ගම්පහ දිස්ත්‍රික් සේවක සංගමය ද කළු විරෝධතා සතියට සහය පළ කරමින් විරෝධතාවක් සංවිධාන කර තිබුණා. එහිදී අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ගිහාන් ගලබඩ මහතා කියා සිටියේ බදු පනත සන්ශෝධනයට ලක්කර සාධාරණ…

තව කියවන්​න

නව වෙනි පාර්ලිමේන්තුවේ තෙවනි සභා වාරයේ කටයුතු අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කරනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ. වාර අවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් පෙබරවාරි මස 08 වන දා උත්සවාකාරයෙන් විවෘත කරනු ඇති බව සඳහන්. මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. තමන් වෙත මුද්‍රණය සඳහා ඡන්ද පත්‍රිකා ලැබී ඇති බව රජයේ මුද්‍රණාලාධිපතිනිය තහවුරු කරනු ලැබුවා. මේ වන විටත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති බව පවසමින් රජයේ මුද්‍රණාලාධිපතිනිය කියා සිටියේ ඒ සඳහා…

තව කියවන්​න

බලයට පැමිණීමට උත්සහ දරණ ඇතැම් පක්ෂ සොරුන් අල්ලන බව ප්‍රකාශ කළ ද ඔවුන් තුළ ඒ සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ තම පක්ෂයේ පාලනයක් තුළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යටතේ සොරුන් ඇල්ලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවයි. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තම පක්ෂයේ පාලනයක් තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා පළාත් සභා සියල්ලක්ම සූර්්‍ය බලශක්ති කේන්ද්‍රස්ථාන බවට පත් කරන බවයි.

තව කියවන්​න

අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය සදහා අභිනවයෙන් තේරී පත් වූ පුජ්‍ය පල්ලෙගම හේමරතන නාහිමියන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක දායිකාවන් 28 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපල අප වාර්තාකරු කියා සිටියේ. ඔවුන් අද දින උදෑසන 10.25 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. මෙම පිරිස ශ්‍රී ලංකාවේ දින 04 ක කාලයක් ගත කිරීමට නියමිත අතර ඔවුන් අනුරාධපුරයේ පැවැත්වෙන මෙම උත්සවයෙන් අනතුරුව මහනුවර දළදා මාළිගාව වන්දනා කිරීමට ද සැළසුම් කර ඇති බව සඳහන්.…

තව කියවන්​න

ඉන්දියාව පළමු වරට නාසයෙන් ලබා දිය හැකි කොවිඩ් එන්නතකට අනුමැතිය ලබා දී තිබෙනවා. භාරත් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනයක් වන එය ඉන්කොවැක් ලෙසයි නම් කර ඇත්තේ. එම එන්නත බිංදු ආකාරයෙන් ලබා දිය හැකි අතර එමගින් නාසික කුහරයේ පටක වල ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන බව එම සමගම සඳහන් කළා. ඒ අනුව විද්‍යාඥයින් පවසන්නේ කොවිඩ් ශරීරයට ඇතුළු වන නාසයේ සහ ඉහළ ශ්වසන පද්ධතිය නාසික එන්නත් මගින් ප්‍රතිචාර දක්වන බවයි. නාසික කොවිඩ් පාලන එන්නත් මාත්‍රාවක් ඉන්දියාවේ රජයේ රෝහල්වල රුපියල් 325 ක් ලෙස මිල දක්වා ඇති අතර පෞද්ගලික රෝහල්වල එම මාත්‍රාවක් රුපියල් 800 ක් ලෙසයි නියම කර ඇත්තේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී චීනය ද නාසික කොවිඩ් එන්නතක් අනුමත…

තව කියවන්​න