- ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්
- මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවයි
- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Author: VNews
මැතිවරණය පිළිබඳ පක්ෂ විපක්ෂ සාමාජිකයන් විවිධ මත පල කරනවා. රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා මහනුවරදී මාධ්‍ය හමුවේ සඳහන් කලේ ජනතාව මැතිවරණයකට සුදානම් නොමැති බවයි.
වෙනත් පක්ෂයක ආධාරකරුවන් පිරිසක් තම පියාට පහර දී ඇති බව පවසමින් කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය සභාව සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු කැබිතිගොල්ලෑව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ ඊයේ අලුයම් කාලයේ පැමිණි පිරිසක් පියා නිරුවත් කොට ගස් බැද පහර දී ඇති බවයි. පුත්‍රයාගේ අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඔවුන් තර්ජනය කර ඇති බවද සඳහන්. පහර කෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ කැබිතිගොල්ලෑව දෙකේ කණුව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු බවයි අප වාර්තාකරු සඳහන් කලේ. තුවාලකරු කැබිතිගොල්ලෑව රෝහල ට ඇතුලත් කර ඇති අතර පොලිස් නිලධාරීන් සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට පියවර නොගත්තැයි චොදනා එල්ල වන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කඩිනමින් විනය පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා මාස 6 ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණට වාර්තාව ඉදිරිපත් කරන ලෙසයි නඩු තීන්දුවෙන් දක්වා ඇත්තේ. මේ අතර ජන අරගලයට පහර දීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකර තිබෙනවා. ඒ මහතා සම්බන්ධයෙන් විණ්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ සම්බන්ධ…
ශ්‍රී ලංකාව වැනි නැගී එන ආර්ථිකයන් සහිත රටවලට ලෝක ආර්ථික ප්‍රවණතාවලින් ගැලවී සිටිමට නොහැකි වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන අංශය සංවිධාන කළ වැඩසටහනට එක්වෙමින්. වෙනස් වන ලෝකයේ මූල්‍ය ප්‍රතිපත්ති යන මාතෘකාව යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා කරුණු දක්වා සිටියා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම ණය දීම පිළිබඳ නීති වෙනස් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 14ත් 16ත් අතර ණය මුදලක් යුක්රේනයට ලබා දීම සඳහා ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රුසියානු හමුදා යුක්රේනයෙන් පළවා හැරීමට…
පාර්ලිමේන්තුවේ හිටපු කතානායක දේශබන්ධු කරු ජයසූරිය මහතාට සම්මාන පදවියක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා. අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දන්වා ඇත්තේ කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානයෙන් පිදුම් ලබන බවයි. ගම්පහ මීරිගම ප්‍රදේශයේ දී උපන් කරු ජයසූරිය මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්. ගෞරව සම්මාන නාම රැසකින් පිදුම් ලබා මේ වන විට 82වන වියේ පසුවන ඒ මහතා 1965 දී අධිකාරිලත් නිලධාරීයෙකු ලෙස යුධ හමුදාවට එක්වූ අතර – පෞද්ගලික සමාගම් සහ ලියාපදිංචි රාජ්‍ය සමාගම් 50කට අධික සංඛ්‍යාවක ප්‍රධානි ලෙස කටයුතු කර තිබෙනවා. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද සේවය කර ඇති කරු ජයසූරිය මහතා 1997…
අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය අද පස්වරු 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වෙනවා. අභිනව අටමස්ථානාධිපති නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතයි. විජිනිපත පිළිගන්වනු ලබන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්. රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍යෝත්සවයට පක්ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන් සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි. අටමස්ථානාධිපති ධූරයෙහි වැඩවිසූ පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිගේ අපවත්වීමෙන් පසුව අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව 11 වැනි අටමස්ථානාධිපති හිමි ලෙස පුජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් තේරී පත්…
මැතිවරණ වියදම් නියාමනය පනතෙහි අඩුපාඩු පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පනත සම්බන්ධයෙන් කොළඹ පැවති මහජන කථිකාවතට එක්වෙමින් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්ව එය සංවිධාන කර තිබුනා. කෙසේ වෙතත් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා. මේ අනුව එම පනත් කෙටුම්පත පසුගිය 24 වැනිදා සිට බලාත්මක වනු ඇති. මැතිවරණ අපේක්ෂකයන් වැය කරන මුදල් – සීමා කිරීම සඳහා මෙම පනත මගින් විධිවිධාන සලසා තිබෙනවා. මීට අමතරව පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතටද කතානායකවරයා සිය සහතිකය සටහන් කරනු…
75 වන ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු කටයුතු අද ආරම්භ කෙරෙනවා. ඒ අනුව කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම්, මාර්ග වසා තැබීම් හා විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳ පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කළා. අදාල දිනයන්හි උදෑසන 5.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුල විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇති. ගාලු මුවදොර – කොල්ලුපිටිය – කොම්පඤ්ඤවීදිය – බම්බලපිටිය – මුහුදු මාවත – වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ට රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කල හැකි අතර, මාර්ග අවහිරතාවයන් වලක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
පළාත් පාලන මැතිවරණයට කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය සභාව නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා සිටින පුතාට ඉන් ඉවත්වන ලෙස දන්වමින් ඡාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් අදාළ අපේක්ෂකයාගේ පියා නිරුවත් කොට කොන්ක්‍රීට් කණුවක බැද පහරදීමේ පුවතක් කැබිතිගොල්ලෑව 2 කණුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ඉහළවැව කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි 62 හැවිරිදි ඒ. පියරත්න නැමැති විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. අද(27) අළුයම 2.20 ට පමණ මෙම සිදු වීම සිදුව ඇති බවයි වී නිව්ස් වාර්තාකරු පවසන්නේ. තමන් විසින් වසර ගණනාවක් රකිමින් සිටින පොල් වගාව වල් අලින්ගෙන් බේරාගැනීම සඳහා පොල්වත්තට පැමිණි එහි තිබූ තාවකාලික නිවසේ නිදාගනිමින් සිටියදී අළුයම 2.20 ට පමන කිසියම් පුද්ගලයෙකු දොරට තට්ටු කරණු…
මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලයට නැවතත් ලිපියක් යොමුකර තිබෙනවා. ඒ, අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17 වන දින දක්වා කාලය තුළ විදුලි බලය විසන්ධි කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින්. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් තුන් ලක්ෂ තිස් එක් දහස් හත්සිය නවදෙනෙකුගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සැමගේ වගකීම බවයි. එමෙන්ම ජනවාරි 26 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා විදුලි බලය විසන්ධි කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලබා දිය යුතු අනුමැතිය ලංකා විදුලිබල මණ්ඩලයට ලබා නොදෙන බවද සභාපතිවරයා පවසනවා. එම කාලය තුළදී විදුලිය විසන්ධි කළහොත් ලංකා විදුලිබල මණ්ඩලය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222