- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
- අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට නව විසඳුම්
Author: VNews
පකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ වැසියන් උග්‍ර පානීය ජල හිගයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාලනාධිකාරිය විසින් එම ප්‍රාන්තය තුළ ස්ථාපිත කර ඇති ජල පෙරන යන්ත්‍ර නිසිපරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඒවා අක්‍රීය වී ඇතැයි සදහන්. ඒ හේතුවෙන් බලෝකිස්තානයේ ජනතාවට පානීය ජලය සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. කෙසේවෙතත් පාකිස්තානයේ පානීය ජල අර්බුදයක් පිළිබඳ වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මීට පෙර එරට සින්ද් පළාතේ වැසියන් ද උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ පෑ අතර එය දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දක්වා එය වර්ධනය වූනා .
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම කුමන්ත්‍රණයක් බවට සමගි ජන බලවේගයේ පර්ලිම්නේතු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා . ඔහු පැවසුවේ ජනාධිපතිවරයා , කිසිදු සකච්ච්ව්ක සිදු නොකර තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කල බවයි . අද පැවති මාධ්‍ය හමුවකදී පර්ලිම්නේතු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව අවධරණය කළා . මේ අතර නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කර තිබෙනවා. ඊට අනුව නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය ලබන පෙබරවාරි 08 වන දින පෙ.ව 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. මෙවැනි සැසිවාර…
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නියුලන්ඩ් ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතයි. එහිදී ඇය, මෙරට ආර්ථික ස්ථාවරත්වය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීමට දරණ ප්‍රයත්නයන් සඳහා ඇමරිකානු සහය ලබාදීම පිළිබඳව අවධානය යොමුකරනු ඇති. ඇය, ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, ඉන්දියාව, කටාර් රාජ්‍යයේ ද සංචාරය කිරීමට නියමිත බවයි ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 06 දා මෙරටට පැමිණීමට නියමිත යි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන බෑන් කී මූන් මහතා මෙරට තිරසර සංවර්ධනයට අදාලව මෙන්ම දේශගුණික විපර්යාසවලට අදාලව ගිවිසුම් කිහිපයක්…
ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් ඇතුළු ආයතන 55කින් මාර්ගගතව විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පහසුකම් සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මාර්ගගතව අයැදුම්පතක් යොමුකර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් දින 3ක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇති බවයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුට ද තානාපති කාර්යාලය වෙත ගොස් ඇඟිලි සළකුණු ලබාදී මාර්ගගතව විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්පතක් යොමු කිරීමට පහසුකම් සලසන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා. එමෙන්ම ගෝල්ඩන් පැරඩයිස් නමින් නව වීසා වැඩසටහනක් ද මේ වන විට ක්‍රියාත්මක වනවා.
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා මෙම විභාගයෙන් ගුරවරුන් බඳවා ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, මෙම විභාගය සඳහා වයස අවුරුදු 40ට අඩු උපාධිධාරින්ට අයැදුම් කළ හැකියි. අයැදුම්පත් භාරගැනීම ලබන මස 10 වැනිදා අවසන්වීමට නියමිතයි. ්චචකසජ්එසදබිගාදැබැඑිගකන වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයැදුම්පත් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. 2023 පළමු පාසල් වාරයට පෙර මෙම ගුරුවරුන් බඳවා ගැනීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ.
නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා. ඒ , ගිනිකොන දිග බෙංගාල බොක්කේ හටගෙන ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් . එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ. මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අනිවාර්යෙන්ම බිත්තර ආනයන කිරීමට රජය සුදානම් බවයි වෙළෙඳ, අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කලේ අද හෝ හෙට අදාළ ආයතන වල අනුමැතිය ලැබුනු පසු මෙම වැඩපිළිවෙල කඩිනම් කරන බවයි..
තමන්ට හිමිවන කොමිස් මුදල් හේතුවෙන් බලශක්ති අමාත්යංශය ඉන්දන හා ගල් අගුරු සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීම් සිදු කරන බව නිදහස් ජනතා සන්ධානය පවසනවා. එම පක්ෂයේ සාමාජික විමල් විරවංශ මහතා සඳහන් කරන්නේ ඔවුන්ට මෙවන් වරදක් සිදු කිරීමට අවස්ථාව ලබාදීම අනෙකුත් පක්ෂ සිදු කරන වරදක් බවයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසනවා. එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ , එලෙස නිල වශයෙන් දැනුම් දුන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර , ඉල්ලා අස්වූ බවට කිසිදු සාමාජිකයෙකු මෙතෙක් තමන් වෙත ද නිල වශයෙන් දැනුම්දී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා. එමෙන්ම පී.එස්.එම්. චාල්ස් මහත්මිය පසුගියදා කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබුනා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඊයේ අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදී මේ බව පැවසුවා. එමෙන්ම සිය පක්ෂය මැතිවරණයකට මුහුණදීමට ශක්තිමත්ව සිටින බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කළා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර මැතිවරණය සමබන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පල වුනා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222