- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: VNews
මෙවර පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව බොහෝ පක්ෂ මේ වන විටත් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර අවසන් . පැවැත්වීමට නියමිත මෙම මැතිවරණය පිලිබදව ඊයේ දිනයේදීත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුණා . මේ එලෙස අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් .
මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචන ක්‍රියාකාරි කණ්ඩායම විසින් පෙබරවාරි පළවනදා පරීක්ෂා කිරීමට නියමිත වනවා . මීට පෙර ද 2008, 2012 සහ 2017 වසරවලදී මෙවැනි සමාලෝචන සිදු කිරීමටයි කටයුතු කෙරුණේ . සියලුම එක්සත් ජාතීන්ගේ සාමාජක රටවල මානව හිමිකම් වාර්තා පරීක්ෂා කිරීම මෙම සමාලෝචනවලදී සිදුවනවා . අදාළ රටවලට මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ මානව හිමිකම් බැඳීම් ඉටු කිරීමට තමන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට ද මෙහිදී අවස්ථාව හිමිවන බවයි ජගත් මානව හිමිකම් කවුන්සිලය සඳහන් කරන්නේ.
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා . ඒ එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතරයි . තරගය මෙරට වේලාවෙන් පස්වරු 05.15 ට ආරම්භ වීමට නියමිත වනවා . මෙහිදී තරග තීරකවරිය ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායිකා වැනේසා ද සිල්වා මහත්මිය කටයුතු කරනු ඇති . අවසන් මහා තරගයක් ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් විනිශ්චය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි . කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ ක්‍රීඩා කළ ඇය නුගේගොඩ ශාන්ත ජෝසප් කන්‍යාරාමයේ ආදී ශිෂ්‍යාවක්ද වනවා . ජාත්‍යන්තර තරඟ 14 කදී වැනේසා ද සිල්වා මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.
රටේ අදායම් ස්ථිර වනවා නම් මෙම වසරේ තුන්වන කාර්තුවේදී රාජ්‍ය සේවකයින්ට අමතර දීමනාවක් ලබා දීමට බලාපොරොත්තුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට එක වෙමින් .එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අදාළ සන්නස් පත්‍රය උන්වහන්සේ වෙත භාර දීම සිදු කෙරුනා . මෙහිදී වැඩි දුරටත් අදහස් පල කල ජනාධිපතිවරයා සදහන් කලේ පත්ව ඇති තත්වයෙන් රට මුදවා ගැනීම සදහා විකල්ප පවතී නම් ඒ සදහා අවධානය යොමු කිරීමට තමන් සුදානම් බවයි . එමෙන්ම අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස්…
ඉන්දියාවේ තවදුරටත් කුරුළු උණ වාර්තා වන බැවින් බිත්තර ආනයනය සදහා අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට දැනුම් දී තිබෙනවා . ඇය පවසා ඇත්තේ සෞඛ්‍ය උපදේශන කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇති පර්යේෂණ දත්ත අනුව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තාක්ෂණික අනුමැතියක් ලබාදිය නොහැකි බවයි . 2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් කුරුළු උණ වංසගතය වාර්තා වී ඇති අතර එය තවමත් සක්‍රීය තත්ත්වයේ පවතින බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් . මේ අතර වෙළඳසැල් තුනකට අධිකරණය විසින් රුපියල් ලක්ෂ 7 ක දඩ නියම කර තිබෙනවා . ඒ පාලන…
යූරියා පොහොරවල පණුවන් වාර්තාවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා . මෙම පනුවන් වාර්තා වී ඇත්තේ පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදුන් යුරියා පොහොර වල බවයි වාර්තා වන්නේ පොහොර තුළ පණුවන් සිටින බවට මහවැලි ඊ කලාපයේ දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ ගොවීන් කිහිපදෙනෙකුම පෙන්වා දී තිබුනා . ඒ අනුව, මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් ද මේ පිළිබඳව පරීක්ෂා කිරීමට පැමිනි බවයි වාර්තා වන්නේ . පසුව එම පොහොර සාම්පල වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් තිබෙනවා . කෙසේ වෙතත් යූරියා යනු ඇමෝනියා බහුල රසායනික පොහොරක් බවත්, ඒ තුළ කිසිදු ජීවියෙකුට පැවතිය නොහැකි…
උසස් පෙළ විභාගය අවසන්වන පෙබරවාරි මස 17 වනදා තෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට පැමිණි එකඟතාවට අදාළ විධානය පැහැරහැරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා. එම නඩු පැවරීමට අදාළ සහතික ඊයේ(27) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකළ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සඳහන් කළේ. නඩුවේ වගඋත්තතරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම්කර ඇති බව සඳහන්.
ලංකාව තුල බදු වර්ග 16ක් ක්‍රියාත්මක බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා. එහි සභාපති ටනියා එස්. අබේසුන්දර මහත්මිය පවසන්නේ මෙම බදු වර්හ මොනවාද, ඒවා අයකරනු ලබන්නේ කුමන හේතුවක් මතද යන්න මහා බැංකුව හෝ ඇතැම් විට නොදන්නා බවයි. මේ අතර රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව ලබාගත් අත්සන් දස ලක්ෂයේ පෙත්සම ඉදිරියේදී බලධාරීන්ට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය රුවන් ජයසූරිය මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ ආශිර්වාදය මත විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමටද යෝජනා වී ඇති බවයි . රජය විසින්…
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසනවා. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවතී උත්සවයක් අතරතුරදී උන්වහන්සේ මේ බව කියා සිටියා. එහිදී උන්වහන්සේ සදහන් කර සිටියේ 13 වැනි සංශෝධනය තුළින් රට කෑලිවලට කැඩීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි. මේ අතර 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය පිලිබඳ පක්ෂ විපක්ෂ නියෝජිතයින් අද දිනයේද සිය අදහස් පල කළා.
මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කලද වෙනත් ඕනෑම කාර්යයක් සඳහා ආණ්ඩුව සතුව මුදල් ඇති බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව පවසන ආණ්ඩුව විශාල මුදලක් වය කර නිදහස් උත්සවය පැවැත්වීමට කටයුතු කරන බවයි. මේ අතර පාර්ලිමේන්තුව වාර අවසාන කර නැවත එය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමේදී වැය වන්නේ ජනතාවගේ බදු මුදල් බවත් මෙවැනි අවස්ථාවක එවැනි දෙයක් කිරීම සුදුසු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ ජනාධිපතිවරයාට රාජාසන කතාවක් කිරීමේ කැමැත්තක් ඇතිවීම මත මෙලෙස පාර්ලිමේන්තුව වර අවසාන කලේද යන්න පිලිබඳ සක මතුවන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222